theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

4 අවම කියවීම
මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

මවක් වීම යනු අසීරු ගමන් මගක් ඇති නමුත් සොදුරු කොදෙව්වකි. ඒ සොදුරු කොදෙව්වට මදක් ඔබ කැදවාගෙන ගියේ ඔබ ලගින් ඉන්නා සෙවනැල්ල බදු වු theAsianparent Sri Lanka  විසිනි.

නිදාසිටින පුංචි දරුවාගේ මුහුණේ වු ලස්සන හැඩය පිරිමදින විට, ඔබේ දරුවාගේ ජයග්‍රහණයකදී හද පැලී යන ආඩම්බරයක් දැනෙන විට සහ තවත් බොහෝ දේ තුලින්  ඔබේ  දෑසින් ඔබ දෙසම ආපසු හැරී බලා ආදරය යනු කුමක්දැයි අවසානයේදී වටහා ගන්නවා.

මට නුදුරු දිනකදි තවම දරුවන් නොලද නමුත් පවුලක් තැනීම පිලිබඳ සිතමින් සිටි මගේ යෙහෙළියක් මුණගැසුනා. අපි බොහෝ කලකින් මුණගැසී නොතිබුන බැවින් කථා කරන්න බොහොමයක් දේවල් තිබුනා. මවක් වීමට අවශ්‍ය වන්නේ කුමක්ද? එය මොන වගේද? ඇය ඇසුවා.

එය අභියෝගාත්මක වන නමුත් ප්‍රතිලාභද ලැබෙන බොහෝ ඉවසීම හා ආදරය අවශ්‍ය දෙයක් බව මට කියාගන්න  පුලුවන් වුනා. සෑබෑ ලෙසම මවක් වීම යන්න ඔබ සිතන විට එතරම් සරල අර්ථකථනයක් ?

එසේනම් මට ඇය නැවත මුණගැසුන විට මම ඇයට කියන්න කැමති බොහෝ දෑ තිබෙනවා.

මවක් වීම යනු සියලුම මිනිස් හැගීම් වලට නව අරුතක් ලබා දෙමින් අසීමිත ආදරයක් ලබාදීමයි.

එනම් ඔබ කිසිවිටෙක ඔබේ අවශ්‍යතා වලට පළමු තැන දෙන්නේ නැහැ. මවක් කුසගින්න, පිපාසය හා නින්ද වැනි ඇයගේ මුලික අවශ්‍යතා දරුවන් රැකබලා ගැනීමට මුලිකත්වය ලබාදීම පිනිස අතපසු කරනු ලබනවා.

ඒ සදහා නිරපේක්ෂ වු අධිෂ්ඨානයක් අවශ්‍ය වෙනවා. ඔබේ දරුවා ලවා හොද දේවල් කරවීමටත්, සෑම විටම ඇයව ආරක්ෂා කිරීමට, ඇයට ඉගැන්වීමට, ඇයට මගපෙන්වීමට, ඇය වගකීමෙන් යුතු වැඩිහිටියෙක් බවට පත්කිරීමට ඒ අධිෂ්ඨානය අවශ්‍ය වෙනවා.

මවක් වීම යනු දරුවාගේ රාත්‍රී කෑම වේල කුමක් විය යුතුද? මේ කෑම වේල පෝෂ්‍ය ගුණයෙන් සපිරිද? ඇයට පෝෂණය රහිත ආහාර කන්නට මම ඉඩ දුන්නේ ඇයි?

ඇය ආහාරයට ගත් ඇපල් ගෙඩිය කාබනික ඇපල් ගෙඩියක් බව මම තහවුරු කරගන්නේ කෙසේද යන තවත් බොහෝ දේවල් පිලිබඳ ඔබ ඔබේ දරුවා වෙනුවෙන් ගන්නා සෑම තීරණයක් ගැනම දිගින් දිගටම පසුතැවිලි වීමයි. ඇයගේ නිරෝගී භාවය, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි ඇයගේ ජිවිතයේ පැතිකඩ තුලට ඔබ තරම් අපි ඇතුල් වෙන්නේ නැහැ.

මවක් වීමට ඉවසීම අවශ්‍ය වෙනවා.

විශ්වාස කල නොහැකි තරම් ඉවසීමක්, ඇත්තෙන්ම ඔබේ අලුත උපන් දරුවා එළිවෙනතුරු නලවන්නට, ඔබේ ළදරුවාගේ කරදරකාරී උද්වේගකාරීත්වය  කල්පනාවෙන් හැසිරවීමට, මේවා මට කරන්න බැහැ කියා කෑගසිමට, ඔබේ අවුරුදු හතරක් වයසැති  දරුවා දවස පුරා අසන ප්‍රශ්න වලට පිළිතුරු දීමට, ඒ අතරෙහි ඔබේ දරුවාට ඇයගේ යෙහෙළිය ඇදි ඇදුම ඇදීම කල නොහැකි බව වටහා දීමට, නව යොවුන් දරුවා ගෙදර එනතුරු පැය ගාණක් බලා සිටීමට.

ඔබ ඔබේ දරුවාට ප්‍රමාණවත් යමක් නොකලෙහිද, ඔබේ දරුවාට පමණ ඉක්මවා කලෙහිද, ඔබේ දරුවාට තවත් කිරීමට අවශ්‍යයි වැනි වරදකාරී හැගීමක් දැනීම ඒ මගින් අදහස් කෙරෙනවා. මවක් වීම තුලින් ඔබ අනෙක් මව්වරුන් කෙරෙහිද සැබෑ සංනිවේදනයක් විහිදුවනවා.

රෝගී දරුවෙක් පිලිබඳ ඔබට ආරංචි වු විට ඒ ගැන හිතමින් ඔබ දරුවාගේ මව සමගම දුක්වෙනවා. ඒ වගේම ඔබේ දරුවාට ඒ වගේ දෙයක් වුනානම් ඔබ ඒ ගැන සිතීමෙන් පවා වේදනාව මුසු කම්පනයකට පත්වෙනවා.

මවක් වීම යනු දැන් ඔබ ඔබගේ මව වටහා ගැනීමයි. ඔබේ මව සෑම දිනකම උදෑසන පහට නැගිටලා රසවත් හා උණුසුම් දිවා ආහාරයක් ඔබට පාසැල් ගෙන යෑමට සුදානම් කරන විට ඇයට දැනෙන්නේ කුමක්දැයි දැන් ඔබ දන්නවා.

ඔබ ඔබේ වයස අවුරුදු දහයක් වු දරුවා පාසැල් යැවීමට පරක්කු නොවීම සදහා අවදි කිරීමට උත්සහ කරන විටත්, ඔබේ වයස අවුරුදු නවයක් වු දරුවා ගලවා පොලව මත විසිකර දැමු ඇදුම් අහුලමින් යන විටත්, ඔබට ඔබේ මවට දැනුන කලකිරීම දැනෙනවා.

මම ඔබට ආදරෙයි යන්න පවසන්නත් හදවතින්ම එයට අරුතක් ලබා දීමත් එයින් අදහස් කරනවා. ඔබේ නව යොවුන් දරුවා කෝපයෙන් මම ඔබට වෛර කරනවා යන්න පැවසුවිට පවා එම වදන් ඔබව පමණක් නොවේ ඔබේ ඇතුලාන්තයම වේදනාවට පත් කරනවා.

ඔබ සෙනෙහසින් සකස්කල විවිධ ආහාර සහිත තුන් වේලම ප්‍රතික්ෂේප කල ඔබේ ළදරුවා තුලින් ඉවසීම නැතිවීම නිසා ඔබ ඔබටම වෛර කරගැනීම ඉන් අදහස් කෙරෙනවා. ඇය රාත්‍රියේ සුවබර නින්දක් ලබන අයුරු බලාසිටින විට ඔබ කොතරම් රුදුරු මවක් දැයි සිතනවා.

නිදාසිටින පුංචි දරුවාගේ මුහුණේ වු ලස්සන හැඩය පිරිමදින විට,ඔබේ දරුවාගේ ජයග්‍රහණයකදී හද පැලී යන ආඩම්බරයක් දැනෙන විට සහ තවත් බොහෝ දේ තුලින්  ඔබේ  දෑසින් ඔබ දෙසම ආපසු හැරී බලා ආදරය යනු කුමක්දැයි අවසානයේදී වටහාගන්න.

ඉන් අදහස් වන්නේ පැකිලිමකින් තොරව ඔබ ඔබේ දරුවා වෙනුවෙන් ජීවිතය වුවද පුජා කිරීමට සුදානම් බව වේ.

වචනයෙන් පමණක් විස්තර කල නොහැකි තවත් බොහෝ දෑ එහි තිබෙන නිසා  මම හිතන්නේ මවක් වීමට අවශ්‍ය මොනවාද යන්නෙහි සැබෑ තත්වය මා  විසින් මතුපිටින් අතගෑවා පමණකි.

නමුත් මෙම ලිපිය කියවමින් ඔබ එයින් ඔබ්බට යමින් මා විසින් නොකියන ලද නමුත් ඔබේ හදේ සදාකාලික වු භාෂාවකින් සනිටුහන් වන ලද වදන් මොනවාදැයි ඔබ වටහා ගන්නවා.

ඔබේ පුංචි සෙනෙහෙවන්තයා ඔබට ලබාදෙන ආදරණීය වු වැළදගැනීම්, මෘදු සිපගැනීම්, ඔබේ අලුත උපන් දරුවාගේ ක්‍රමවත්ව සකස්වුන නියපොතු, මම ඔබට ආදරෙයි අම්මේ යන්න ප්‍රශංසා මුඛයෙන් පැවසීම වැනි තවත් බොහෝ දේ තිබෙනවා.

මවක් වීමට අවශ්‍ය මොනවාද දැයි ඔබ දන්නවා.

ඔබේ අත්දැකීම් අනුව මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ? පහතින් සටහනක් යොදා ඔබේ අදහස් අප හා බෙදා ගන්න.

මවක් වීම යනු අසීරු ගමන් මගක් ඇති නමුත් සොදුරු කොදෙව්වකි. ඒ සොදුරු කොදෙව්වට මදක් ඔබ කැදවාගෙන ගියේ ඔබ ලගින් ඉන්නා සෙවනැල්ල බදු වු The Asianparent Sri Lanka  විසිනි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?
බෙදාගන්න :
  • අලුත් අම්මෙකුගේ ජීවිතයට දෙදරු මවකගෙන්  අත්දැකීම් පිරි උපදෙස් ටිකක්.

    අලුත් අම්මෙකුගේ ජීවිතයට දෙදරු මවකගෙන් අත්දැකීම් පිරි උපදෙස් ටිකක්.

  • දරු උපතෙන් පසුව නැවත රැකියාවට යන ඔබ මේ කරුණු 5 සැලසුම් කල යුතුයි

    දරු උපතෙන් පසුව නැවත රැකියාවට යන ඔබ මේ කරුණු 5 සැලසුම් කල යුතුයි

  • අලුත් අම්මෙකුගේ ජීවිතයට දෙදරු මවකගෙන්  අත්දැකීම් පිරි උපදෙස් ටිකක්.

    අලුත් අම්මෙකුගේ ජීවිතයට දෙදරු මවකගෙන් අත්දැකීම් පිරි උපදෙස් ටිකක්.

  • දරු උපතෙන් පසුව නැවත රැකියාවට යන ඔබ මේ කරුණු 5 සැලසුම් කල යුතුයි

    දරු උපතෙන් පසුව නැවත රැකියාවට යන ඔබ මේ කරුණු 5 සැලසුම් කල යුතුයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it