theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

4 අවම කියවීම
බෙදාගන්න :
•••
මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

තවමත් මව්කිරි වල ඇති සුවිශේෂී ගුණයන් 7ක් ගැන අසා නොතිබෙන්නට පුළුවන්. ඔබ මේ ගැන දැනගත්තොත් පුදුමයට පත්වන්නට පුළුවන්.

මව්කිරි වල ඇති ආශ්චර්යය ගැන අපි කවදත් කතා කරන මාතෘකාවක්. ලොව පුරා විද්වතුන් මව්කිරි වල අමිල ගුණ ගැන කතා කරන බව ඔබ මේ වන විටත් දන්නවා. නමුත් තවමත් ඔබ මව්කිරි වල බලය හි ඇති සුවිශේෂී ගුණයන් ගැන අසා නොතිබෙන්නට පුළුවන්.

ඔබ මේ ගැන දැනගත්තොත් පුදුමයට පත්වන්නට පුළුවන්.

මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

මව්කිරි වල බලය: මව්කිරි පිළිකා සුව කරනවා

ස්වීඩන් ජාතික මහාචාර්ය වරයෙකු විසින් තම කණ්ඩායම සමග දශක ගණනාවක් පුරා කරන ලද පර්යේෂණ වලට අනුව මව්කිරි වල ඇති ප්‍රෝටීන් විශේෂ මගින් පිළිකා සෛල විනාශ කරන අතර නිරෝගී සෛල වලට ඉන් හානියක් නොවන බවත් සොයාගනු ලැබුවා.

ඔවුන් විසින් මෙම ප්‍රෝටීනය හැම්ලට් ලෙස නම් කර ඇත. එය ප්‍රෝටීන්-ලිපිඩ සංකීර්ණයකි.

ඉන් පිළිකා ප්‍රභේද 40 කට වැඩි ප්‍රමාණයක් විනාශ කර දමන්නට හැකි ය. වර්තමානයේ එමගින් පිළිකා සමග සටන් කළහැකි ඖෂධයක් දක්වා වර්ධනය කිරීමට ඇති හැකියාව ගැන සොයා බලනවා.

මව්කිරි වල බලය: පැටියාට අසනීප වූ විට මව්කිරි ඒ බව දැනගන්නවා

මව්කිරි වලට දරුවාගේ අවශ්‍යතාවය අනුව හැඩගැසීමේ හැකියාව තිබෙනවා. කෙට් හයින්ඩ් නම් ජීව විද්‍යාඥයාට අනුව දරුවා හරහා මවගේ තනපුඩුවට ස්පර්ශ වන දරුවාගේ කෙළ මගින් දරුවාගේ ශරීරයේ තත්වය සන්නිවේදනය වෙනවා.

පියයුරු වල ඇති ග්‍රන්ථින් හරහා මෙම සන්නිවේදනය ලබාගැනෙන අතර එමගින් අවශ්‍ය ලෙස කිරි අම්මගේ ශරීරය තුළ නිපදවෙනවා.

අමෙරිකාවේ ආකැන්සා ප්‍රාන්තයේ මවක් මේ බව ඇගේ අන්තර්ජාල බ්ලොග් අඩවියේ සඳහන් කර තිබුනේ මෙලෙසින්. ඇය නමින් මැලරි නම් වන අතර එක් සීත සෘතුවක පාන්දර ඇගේ බිළිඳාට මව්කිරි දෙමින් සිටින අතර දරුවාගේ නහය සිර වී ඇති බවත්, කිවිසුම් යන බවත්, දරුවා අපහසුතාවයෙන් ඉන්නා බවත් පෙනී ගියා.

දරුවා නින්දට ගිය පසුව ඇය පුරුදු පරිදි මව්කිරි දොවා ශීතකරණයට දැමීමට පෙර එහි වර්ණයේ සහ ස්වභාවයේ වෙනස් වීම පැහැදිලිව දුටු බව සඳහන් කර තිබුණා.

සාමාන්‍යයෙන් දොවන ලද කිරි සුදු පැහැයෙන් යුක්ත වුවත් දරුවාගේ අසනීප තත්තවය තන පුඩු වලින් හදුනා ගෙන මැලරි ගේ ශරීරය නිපදවා තිබුනේ කොලස්ට්‍රම් වැනි කහ පැහැයෙන් යුක්ත කිරි වීම ඇයට හරි පුදුමාකාර දෙයක් වුණා.

උණුසුම් දිනයන්හි මව්කිරි වල ජලය වැඩිපුර තියෙනවා

මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

මව් කිරි වල 88% ක් ජලය ඇති නිසා මාස 6ක් යනතුරු බබෙකුට අමතර ජලය ලබාදීම අවශ්‍ය නැහැ. මව්කිරි වලින් දරුවෙකුට ශරීරයට අවශ්‍ය පානීය ජලය අවශ්‍යතාවය සපුරනවා. නමුත් උණුසුම් කාලගුණයක් ඇති දිනයන් වලට මේ ප්‍රතිශතය වැඩිවන අතර පරිසර උෂ්ණත්වය අනුව දරුවන්ට ඇතිවන පිපාසය සංසිඳුවීමට මව්කිරි ප්‍රමාණවත් වන අතර අමතර ජලය දීමට අවශ්‍ය වන්නේ නැහැ. අම්මා කළ යුත්තේ මව්කිරි දෙන වාර වැඩිකිරීම පමණයි.

බැක්ටීරියාවන්ට එරෙහිව සටන් කරනවා

මව්කිරි වල බලය ගැන සඳහන් කරද්දී බැක්ටීයරියාවන්ට එරෙහිව එහි ඇති ක්‍රියාකාරීත්වය ගැන කතා නොකරම බැහැ. මව්කිරි වල ඇති ග්ලයිසරෝල් මොනොලොරේට් (glycerol monolaurate) යන සංඝටකය සාමාන්‍ය කිරි වල අඩංගු ප්‍රමාණය මෙන් 200 ගුණයක් වන හෙයින් ළදරු කිරිපිටි (formula) වල අඩංගු නොවන මෙම සංඝටකය දරුණු බැක්ටීයරියාවන් ගෙන් දරුවා ආරක්ශා කරන බව පිළිගැනෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ සවුත් ඩෙවෝන් කොලේජ් හි පළමු වසර ජීව විද්‍යා අංශයේ විකි ග්‍රීන් එම් ලුටෙස් නමැති බැක්ටීරියාව මාස 15 සහ අවුරුදු 3 දරුවන්ගේ මව්වරුන්ගෙන් ලබාගෙන ඊට මුසු කර බලනවා.

ෆේස් බුක් වල දක්වා ඇති පින්තූර වල මව්කිරි හා බැක්ටීරියාව අතර විශාල බිත්තියකින් ආවරණය වී තිබීම පැහැදිලිව දකින්නට තිබුණා. මේ පර්යේෂණය මගින් මව්කිරි වලට බැක්ටීරියාවන්ට එරෙහිව යමින් ක්‍රියා කිරීමට ඇති ශක්තිය තහවුරු කරන බව ග්‍රීන් පවසනවා.

කුරුලෑ සුව කරනවා

වෙනත් කිසිදු පිළියමකට වඩා කුරුලෑ වලට සාර්ථක සත්කාරය මව්කිරි බව පැවසෙනවා.

කැලිෆෝනියා සරසවියේ කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණ වලින් පසු මව්කිරි වල ඇති ලෝරික් ඇසිඩ් මගින් කුරුලෑ සුව කිරීමේ හැකියාව ඇති බව සොයා ගැනුණා. සරලව මව්කිරි ස්වල්පයක් ඒ මත ගල්වා වියළීමට හැරීමෙන් පැහැදිළි වෙනසක් බලාපොරොත්තු විය හැකි වෙනවා.

වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා

දරුවෙකු අඬන විට ඕනෑම මොහොතක අම්මාගේ මව්කිරි වලින් සැනසෙනවා. මෙය ශරීරයේ උණුසුම හා අම්මව දැනීම මත ඇතිවන දෙයක්. ඔබේ සුවඳ උණුසුමට දරුවා හරිම කැමතියි. ඒ වගේම මව්කිරි වල ඇති එන්ඩොර්ෆින් මගින් ශරීරයේ වේදනාවද සමනය කරනවා.

මව්කිරි වල බලය: අඩු මාසයෙන් ඉපදුණු දරුවන්ගේ පෝෂණයට හොඳම විසඳුම

මව්කිරි වල බලය

පුංචි පැටියා බිහිවූ දා සිට අම්මලා තැවෙන්නේ දරුවාගේ පෝෂණය ගැන සිතමිනුයි. නමුත් අඩු මාසයෙන් දරුවෙකු ඉපදුනහම අම්මගේ සිතට තවත් බර වැඩිවෙනවා. නමුත් අඩු මාසයෙන් ඉපදෙන දරුවෙකුට අම්මගෙන් එරෙන කිරි වල ප්‍රෝටීන් වැඩිපුර අඩංගු වෙන බව සොයාගෙන තිබෙනවා.

සති 37 ට පෙර මෙලොව එලිය දකින බිළිඳන් (premature babies) හට කිරි උරා බීමේ සහ ගිලීමේ අපහසුතාවන් ඇති වනවා. එමෙන් ම ඔවුන්ට ජීර්ණය කිරීමේ අපහසුතාවන්ද ඇතිවන්නට පුලුවන්.

මේ අවස්තාවේදි නිපදවෙන මව්කිරි ඔවුන්ට අතිශය වැදගත්. නාසය හරහා නල මාර්ගයෙන් ඔවුන්ට ලබාදිය හැකිලෙස මව්කිරි නිපදවෙන බව පැවසේ. මව්කිරි වල බලය ගැන කියා නිමකරන්නට අපහසු වන්නේ මේ නිසයි.

ඒත් මව්කිරි දීමට අපහසුතා ඇති අම්මලාටත් තවත් උපදෙස් අපි දෙන්නට බලාපොරොත්තු වන නිසා ඔබ ඒ ගැන නොසිතිය යුතු බවත් theAsianparent Sri Lanka මතක් කර දෙනවා.

 

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ

සංස්කරණය - බෝසඳුන් ගුණසේකර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය. 

Written by

Nisansala Liyanage

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

    මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

  • හොඳින් කිරි දෙන ලොව පුරා මව්වරුන්ගේ රහස් දැනගන්න.

    හොඳින් කිරි දෙන ලොව පුරා මව්වරුන්ගේ රහස් දැනගන්න.

single
  • මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

    මව් කිරි වලින් ලැබෙන අසමසම ප්‍රයෝජන

  • හොඳින් කිරි දෙන ලොව පුරා මව්වරුන්ගේ රහස් දැනගන්න.

    හොඳින් කිරි දෙන ලොව පුරා මව්වරුන්ගේ රහස් දැනගන්න.

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor