මව්කිරි වල ඇති අරුම පුදුම බල 7ක් ගැන දැනගෙන හිටියද?

lead image

තවමත් මව්කිරි වල ඇති සුවිශේෂී ගුණයන් 7ක් ගැන අසා නොතිබෙන්නට පුළුවන්. ඔබ මේ ගැන දැනගත්තොත් පුදුමයට පත්වන්නට පුළුවන්.

මව්කිරි වල ඇති ආශ්චර්යය ගැන අපි කවදත් කතා කරන මාතෘකාවක්.

ලොව පුරා විද්වතුන් මව්කිරි වල අමිල ගුණ ගැන කතා කරන බව ඔබ මේ වන විටත් දන්නවා. නමුත් තවමත් ඔබ එහි ඇති තවත් සුවිශේෂී ගුණයන් 7ක් ගැන අසා නොතිබෙන්නට පුළුවන්. ඔබ මේ ගැන දැනගත්තොත් පුදුමයට පත්වන්නට පුළුවන්.

මව්කිරි පිළකා සුව කරනවා

ස්වීඩන් ජාතික මහාචාර්ය වරයෙකු විසින් තම කණ්ඩායම සමග දශක ගණනාවක් පුරා කරන ලද පර්යේෂණ වලට අනුව මව්කිරි වල ඇති ප්‍රෝටීන් විශේෂ මගින් පිළිකා සෛල විනාශ කරන අතර නිරෝගී සෛල වලට ඉන් හානියක් නොවන බවත් සොයාගනු ලැබුවා.

ඔවුන් විසින් මෙම ප්‍රෝටීනය හැම්ලට් ලෙස නම් කර ඇත.  වර්තමානයේ එමගින් පිළිකා සමග සටන් කළහැකි ඖෂධයක් දක්වා වර්ධනය කිරීමට ඇති හැකියාව ගැන සොයා බලනවා.

පැටියාට අසනීප වූ විට මව්කිරි ඒ බව දැනගන්නවා

මව්කිරි වලට දරුවාගේ අවශ්‍යතාවය අනුව හැඩගැසීමේ හැකියාව තිබෙනවා. කෙට් හයින්ඩ් නම් ජීව විද්‍යාඥයාට අනුව දරුවා හරහා මවගේ තනපුඩුවට ස්පර්ශ වන දරුවාගේ කෙළ මගින් දරුවාගේ ශරීරයේ තත්වය සන්නිවේදනය වෙනවා. පියයුරු වල ඇති ග්‍රන්ථින් හරහා මෙම සන්නිවේදනය ලබාගැනෙන අතර එමගින් අවශ්‍ය ලෙස කිරි අම්මගේ ශරීරය තුළ නිපදවෙනවා.

උණුසුම් දිනයන්හි මව්කිරි වල ජලය වැඩිපුර තියෙනවා

මව් කිරි වල 88% ක් ජලය ඇති නිසා මාස 6ක් යනතුරු බබෙකුට අමතර ජලය ලබාදීම අවශ්‍ය නැහැ. මව්කිරි වලින් දරුවෙකුට ශරීරයට අවශ්‍ය පානීය ජලය අවශ්‍යතාවය සපුරනවා. නමුත් උණුසුම් කාලගුණයක් ඇති දිනයන් වලට මේ ප්‍රතිශතය වැඩිවන අතර පරිසර උෂ්ණත්වය අනුව දරුවන්ට ඇතිවන පිපාසය සංසිඳුවීමට මව්කිරි ප්‍රමාණවත් වන අතර අමතර ජලය දීමට අවශ්‍ය වන්නේ නැහැ. අම්මා කළ යුත්තේ මව්කිරි දෙන වාර වැඩිකිරීම පමණයි.

බැක්ටීරියාවන්ට එරෙහිව සටන් කරනවා

ඇමරිකා එක්සත් ජනපදයේ සවුත් ඩෙවෝන් කොලේජ් හි පළමු වසර ජීව විද්‍යා අංශයේ විකි ග්‍රීන් එම් ලුටෙස් නමැති බැක්ටීරියාව මාස 15 සහ අවුරුදු 3 දරුවන්ගේ මව්වරුන්ගෙන් ලබාගෙන ඊට මුසු කර බලනවා. ෆේස් බුක් වල දක්වා ඇති පින්තූර වල මව්කිරි හා බැක්ටීරියාව අතර විශාල බිත්තියකින් ආවරණය වී තිබීම පැහැදිලිව දකින්නට තිබුණා. මේ පර්යේෂණය මගින් මව්කිරි වලට බැක්ටීරියාවන්ට එරෙහිව යමින් ක්‍රියා කිරීමට ඇති ශක්තිය තහවුරු කරන බව ග්‍රීන් පවසනවා.

කුරුලෑ සුව කරනවා

වෙනත් කිසිදු පිළියමකට වඩා කුරුලෑ වලට සාර්ථක සත්කාරය මව්කිරි බව පැවසෙනවා.

කැලිෆෝනියා සරසවියේ කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණ වලින් පසු මව්කිරි වල ඇති ලෝරික් ඇසිඩ් මගින් කුරුලෑ සුව කිරීමේ හැකියාව ඇති බව සොයා ගැනුණා. සරලව මව්කිරි ස්වල්පයක් ඒ මත ගල්වා වියළීමට හැරීමෙන් පැහැදිළි වෙනසක් බලාපොරොත්තු විය හැකි වෙනවා.

 

 

 

වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා

දරුවෙකු අඬන විට ඕනෑම මොහොතක අම්මාගේ මව්කිරි වලින් සැනසෙනවා. මෙය ශරීරයේ උණුසුම හා අම්මව දැනීම මත ඇතිවන දෙයක්. ඔබේ සුවඳ උණුසුමට දරුවා හරිම කැමතියි. ඒ වගේම මව්කිරි වල ඇති එන්ඩොර්ෆින් මගින් ශරීරයේ වේදනාවද සමනය කරනවා.

අඩු මාසයෙන් පෝෂණයට හොඳම විසඳුම

පුංචි පැටියා බිහිවූ දා සිට අම්මලා තැවෙන්නේ දරුවාගේ පෝෂණය ගැන සිතමිනුයි. නමුත් අඩු මාසයෙන් දරුවෙකු ඉපදුනහම අම්මගේ සිතට තවත් බර වැඩිවෙනවා. නමුත් අඩු මාසයෙන් ඉපදෙන දරුවෙකුට අම්මගෙන් එරෙන කිරි වල ප්‍රෝටීන් වැඩිපුර අඩංගු වෙන බව සොයාගෙන තිබෙනවා.

ඒත් මව්කිරි දීමට අපහසුතා ඇති අම්මලාටත් තවත් උපදෙස් අපි දෙන්නට බලාපොරොත්තු වන නිසා ඔබ ඒ ගැන නොසිතිය යුතු බවත් theAsianparent Sri Lanka මතක් කර දෙනවා.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ