මව්කිරි, එළකිරි හා පිටිකිරි අන්වීක්ෂයේ ඇසින්

අන්වීක්ෂයකට මව්කිරි, එළකිරි හා කිරි ආදේශක දැමු විට දැකිය හැක්කේ මොනවාද? විශ්මයජනක දෙයක්, මෙන්න එය..

රේවන් ඇව්ලා ඇයගේ මව්කිරි (සීතකර මුදවා නැවත කාමර උෂ්ණත්වයට පත්කර ) අන්වීක්ෂයක් තුලින් බලා තියෙනවා. නමුත් ඇය ඒ සමග එළකිරි හා පිටිකිරි ආදේශකද අන්වීක්ෂයක් තුලින් නිරීක්ෂණය කර තියෙනවා. ඇයට එළු කිරිත් මේ විදියට නිරීක්ෂණය කරන්න අවශ්‍ය වුනත් එම වේලාවේ එය සොයා ගත නොහැකි වු බව ලොවපුරා ගිය ඇයගේ ෆේස් බුක් සටහනෙහි සටහන් කර තියෙනවා.

විශාල කරන ලද විවිධ කිරි වල ඡායාරූප වල ප්‍රතිඵල විශ්මයජනක වන නමුත් පළමුවෙන්ම ඇයි මේ අම්මා මේවා අන්වීක්ෂයේ ඇසින් බලන්න සිතුවේ කියන මේ පිංතුරයේ පිටුපස කථාව මෙන්න.

මව්කිරි

රේවන්ගේ කථාව

මගේ මව්කිරි හා කිරි ආදේශක අතර අන්වීක්ෂය තුලින් බැලුවිට වෙනසක් තිබුනා. අපේ සිරුරට කලහැකි දේ විශ්මයජනකයි. එළකිරි හා මව්කිරි මුදවා නැවත කාමර උෂ්ණත්වයට ගෙන ගත් ඡායාරූප හා විඩියෝ එකතු කලා.

පළමුවෙනි ඡායාරූපය / වීඩියෝව මගේ නැවුම් මව්කිරි, දෙවැනි ඡායාරූපය / විඩියෝව සාමාන්‍ය ජලයේ දියකල කිරි ආදේශක, තුන්වැන්න සාමාන්‍ය එළකිරි, අවසාන ඡායාරූපය / විඩියෝව සීත කර මුදවා නැවත කාමර උෂ්ණත්වයට ගෙන ආ මගේ මව්කිරි

“සියලුම ඡායාරූප හා විඩීයෝ 600 x ගුණයක විශාලත්වයෙන් යුක්තව එකම ආලෝකය තත්ව යටතේ දරුවාගේ අන්වීක්ෂය හා ජංගම දුරකථනය තුලින් ලබා ගත් ඒවා”

“මේ දියර වල සමාන කම් හෝ වෙනස් කම් ගැන මම සෞඛ්‍ය හෝ විද්‍යාත්මක විස්තර කිරීමක් කරන්නේ නැහැ. මෙම හුරුබුහුටි ඡායාරූප ඔබට නැරඹීමට පමණයි.

පිටිකිරි

මෙය කිසිම කෙනෙකුට ලැජ්ජාවක් නොවන බව මම කියන්න කැමතියි. මගේ පුතා අලුත් අන්වීක්ෂයක් අර ගත්තා. එමනිසා මම ඒ තුලින් මව්කිරි දෙස බලා එය මා සිටින මව්වරුන්ගේ සමුහයක් තුල බෙදා හැරියා. මට හැකිනම් කිරි ආදේශක හා එළකිරි අන්වීක්ෂයෙන් බලා ඡායාරූප ගතකර එහි බෙදා හරින ලෙස මව්වරුන් ඉල්ලා සිටියා (ඒ වගේම එළු කිරි වැනි දේවල්ද ඔවුන් ඉල්ලා සිටි නමුත් ඒ අවස්ථාවේ මට ඒවා සොයාගන්න බැරි වුනා).

අන්වීක්ෂය තුලින් පෙනෙන මව්කිරි වල මෙම විඩියෝව නරඹන්න. එය ජීවි ලෙස රත්තරන් පාටින් එහා මෙහා ගමන් කරනවා. විශ්වාස කරන්න බැහැ.

ඡායාරූප ඇදහිය නොහැකි වු අතර, අනෙක් මව්වරුන් හා බෙදා ගන්න මම පොදු පෝස්ට් එකක් දැම්මා. මව්කිරි දීම අසීරුය. මගේ දරුවන් දෙදෙනාටම මව්කිරි ලබා දීමේදී විවිධ ගැටළු බොහොමයක් පැන නැගුනා. පළමු පුතාට කිරි ආදේශකත් දුන්නා.

මගේ  මව්කිරි ලබා දීම තුල මම අසීරු ලෙස කටයුතු කලත් ඒ ගැන ආඩම්බර වෙනවා. මගේ පුතාට කුසගිනි වු විට මම ඒ සදහා පරිත්‍යාග ශීලියෙකු සොයා ගැනීමට උත්සහ කලයුතු බවත් එසේ නොවුනහොත් කිරි ආදේශකයක් ලබා දීමට මම පැකිලිය යුතු නැති බවත් එහිදි පැවසුවා. කිරි ආදේශක ලබාදෙන අම්මලාට ලැජ්ජා විය යුතු පෝස්ට් එකක් නොවන බව නැවතත් කියනවා

මව්වරුන් වශයෙන් අපි අපේ තීරණ ගැන සියලු දෙනාගේම දුර්වල දේවල් එක්ක ප්‍රමාණවත් ලෙස ගණුදෙනු  කරනවා. එමනිසා මගේ පෝස්ට් එක ගැන ලැජ්ජා නොවන අතර මම ඔබේ සටහන් මකා දමනවා.

එළකිරි

මේ විශ්මයජනක අවස්ථාව ආදරය,දැනුම හා සහය බෙදාගන්න භාවිතා කරන්න මට අවශ්‍යයි. මම සියලුම දෙනා මව්කිරි, කිරි ආදේශක වල අඩංගු දේවල්, කාර් අසුනේ ආරක්ෂාව, එන්නත් වල අඩංගු දේවල්, එරිත්‍රෝමයිසිලින්, විටමින් K, චර්මඡේදනය, රෙදි ඩයිපරය, සාම්ප්‍රදායික ඩයිපරය, ඔබේ පවුලට ඔබ ලබාදෙන ආහාර වැනි හැමදෙයක් ගැනම තමාගේම පරීක්ෂණ කරන්න උනන්දු කරවනවා.

ඔබ මොනවාද කියා දන්නේ නැති යමක් ඇති නම් ඒ දෙස බලන්න. යමක් ආහාරයට ගැනීමට පෙර එහි අඩංගු දෑ කියවන්න. ඔබ ඔබේ පවුලට හොදම දේ හැකි උපරිමයෙන් කරනවා නම් විය යුත්තේ  එපමණකි. ඒවගේම කරුණාකරලා ඔබට මව්කිරි සමග ගැටළු ඇත්නම් උදව් ලබාගන්න බයවෙන්න එපා.

නුවණ ඇති වදනක් නුවණ ඇති මවකගෙන්, ඇදහිය නොහැකි පිංතුර නැරඹීමට පහත ඇති ඇයගේ ෆේස් බුක්  පෝස්ට් එක නරඹන්න. මව්කිරි වල දීප්තිමත් අතිසුන්දර පෙනුමට ඔබ කැමතියි නේද?

So this is the difference between my breastmilk and formula under a microscope! Truly amazing what our bodies can do!…

Posted by Raven Avila on Wednesday, 26 July 2017

රක්ත වර්ණ රුධිරය ශ්වේත වර්ණ ක්ෂීරය බවට හැරෙන ස්වභාව දහමේ අපුරු ක්‍රියාවලියක් මගින් නිපදෙන මව්කිරි රන්වන් පාටින් දිස්වීමත් තවත් අරුමයක් නොවේද? මේ විශ්මිත තොරතුරු ඔබට ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී