වේදනාත්මක පුපුරා ඇති පියයුරු පුඩු සදහා නිවසේදී පහසුවෙන් සොයා ගත හැකි පිළියම්

lead image

ඔබත් දීර්ඝකාලීනව මව්කිරි දීමේදී  පියයුරු වල වේදනාකාරී ලප සමග අරගල කරනවාද? මෙම සරල ස්වාභාවික පිළියම් පුපුරා ගිය පියයුරු පුඩු වල අසහනය දුරුකර ගන්න උදව්  කරාවි.

ඔබත් දීර්ඝකාලීනව මව්කිරි දීමේදී  පියයුරු වල වේදනාකාරී ලප සමග අරගල කරනවාද? මෙම සරල ස්වාභාවික පිළියම් පුපුරා ගිය පියයුරු පුඩු වල අසහනය දුරුකර ගන්න උදව්  කරාවි.

දුක හා වේදනාව විසින් මව්කිරි ලබාදීමේ අපූර්ව වූ වින්දනයෙන් ඔබව ඈත් කර තබනවාද?

පියයුරු වල ඇතිවන ලප මව්වරුන් මුහුණ දෙන සුලභ බාධකයක් වන අතර  එමනිසා ඔවුන් මව්කිරි දීම සම්පුර්ණයෙන්ම අත්හැර දැමීමට  බොහෝවිට පෙළඹේ.

ඔබේ පියයුරු පුඩු රත් පැහැති නම්, කසන සුලු නම්, වේදනාකාරී නම් ඔබත් පියයුරු පුඩු පිපිරීම වලින් පීඩා විදිමින් සිටිනවා වෙන්න පුලුවන්.

කට, යෝනි මාර්ගය, ඩයිපර් එකට ආවරණය වන තැන්, බෙස්ට් පෑඩ් සහ පියයුරු පුඩු වැනි සිරුරේ තෙත හා උණුසුම ඇති තැන් වල වර්ධනය වන කැන්ඩිඩා ඇල්බිකනස් නැමති දිලීරය මෙයට හේතු වේ.

ඔබ කිරි ලබාදීමේදී  තද කිරීම හා ස්ථාන ගත කිරීම කරන විට අඩු නොවන හා ගැඹුරු ලෙස වර්ධනය වන වේදනාවක්  තිබේ නම් එය පියයුරු පුඩු පිපිරීම තත්වය ඇති බව තහවුරු වන තවත් ක්‍රමයකි.

ප්‍රති බැක්ටීරියා සංඝටක තිබීම මව්කිරි ඇති සුවිශේෂී දේවල් අතරින් එකක් වෙනවා. එමනිසා වියලි හා ඉරිතලා  ගිය පියයුරු පුඩු තුනී කිරීමට හා ඒවාට ප්‍රතිකාර කිරීමටත් මව්කිරි උදව් කරනවා. කිරි දීමට පෙර හා පසු කිරි බිංදු කිහිපයක්  බලපෑමට ලක්වු පියයුරු පුඩුව මත තවරා වාතයේ වියලෙන්න හරින්න.

පියයුරු පුඩු පිපිරීම: පිළියම්

1. උණුසුම් තැවීමක් ලබා දීම

උණුසුම් තුවායකින් ඔබේ පියයුරු තැවීම මගින් පියයුරු පුඩු වල වේදනාව තුනී වීම පමණක් නොවේ ඒ මගින් කිරි නිෂ්පාදනය වැඩි කිරීම මෙන්ම එම ප්‍රදේශය පිරිසිදු වීමක්ද වෙනවා. ඔබ කැමති නම් උණු වතුරෙන් ඇග සෝදන්නත් පුලුවන්.

2. තෙතමනය පවත්වා  ගැනීම

ඔලිව් තෙල්, පොල් තෙල්, මිහිරි ආමන්ඩ් තෙල් මගින්  ඉරිතලා ගිය පියයුරු පුඩු ගැඹුරින් තෙත් කර වියළි බව අඩු කර දමයි. තේ ගසේ තෙල් භාවිතයද තවත් විසදුමකි. එහි ඇති විෂබීජ නාශක සංඝටක ඉක්මනින්ම සුවවීමටද වේදනාකාරී පියයුරු පුඩු ගැටලු නැවත ඇතිවීම වළක්වා ගැනීමටද  උදව් කරයි.

3. ඖෂධ පැළෑටි වල බලය භාවිතා කිරීම

ස්වාභාවික සුව කිරීමේ සංඝටක  සතු බැසිල් කොල තලපය හා ස්වාභාවික  කෝමාරිකා වැනි ස්වාභාවික ඖෂධ පැළෑටි වල බලය යොදා ගන්න. කුඩා දරුවන්ට පාචනය තත්වයන් ඇති කරන බවට හදුනා ගෙන  ඇති කෝමාරිකා මව්කිරි ලබා දීමට පෙර හොදින් සෝදා හරින්න.

පියයුරු පුඩු වේදනාවෙන් සැනසීමක් ලැබීමට අනෙක් ක්‍රම වන්නේ වාතයට නිරාවරණය, නිතර හොදින් මව්කිරි ලබාදීම, මව්කිරි දෙන ආකාරය වෙනස් කිරීම, පියයුරු සදහා  තද යට ඇදුම් නොඇදීම, බෙස්ට් පෑඩ් නිතර මාරු කිරීම, ඔබේ පියයුරු සෝදන විට සබන්, ඇල්කොහොල්, පෙට්රෝලියම් අඩංගු නිෂ්පාදන භාවිතයෙන් වැළකීම වේ.

ඔබත් පියයුරු පුඩු පිපිරීම තත්වය අත්විඳ තිබේද? ඔබට ක්‍රියා කලේ මොන වගේ ප්‍රතිකාර ක්‍රමයක්ද? පහලින් සටහනක් යොදා එය අප හා බෙදා ගන්න.

ඔබට වේදනාවෙන් තොරව ඔබේ පැටියාව මව්කිරෙන් පෝෂණය කිරීම සදහා  මෙවැනි රෝග තත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය තොරතුරු ආදරයෙන් ගෙන ආවේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී