ලොව පුරා විහිදගිය මව්කිරි දීමේ රහස්

lead image

එන්න අපිත් එක්ක අපි ලෝකය වටේ සවාරියක් යමු.සාර්ථක මව්කිරි දීම තුල මේ අම්මලා උගත් සරල නමුත් එලදායි ක්‍රම ඇත.

මව්වරුන් වීමට සුදානම්  සැමට තම දරුවා වඩා ගැනීම හා සුරතල් කිරීම වැනි සිතුවිල්ලත් තිගැස්මක් ඇති කරවන්නක්, මේ සිතුවිලිත් එක්ක ඇතිවෙන මවක් වීමේ විශ්වාසය සම්පුර්ණයෙන්ම ස්වාභාවිකයි. ඇත්තෙන්ම එහෙමයි.හැමවිටෙකම එහෙමයි.

ඒ වගේම මව්කිරි දීම වැනි මාතෘත්වයේ සමහර පැති පිරිසකට හුරුපුරුදු නොවෙන්න ඉඩ තියෙනවා.

සමහර අම්මලාට හා බබාලාට මුල සිටම මව්කිරි ලබාදීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. ඒත් පිරිසකට පුංචි පුංචි ගැටලු ඇතිවෙනවා. තවත් පිරිසක් එයාලාගේ ගැටලුත් එක්කම වසර ගානක් මව්කිරි දෙනවා.

ඒත් පිරිසක් මේ ගැටලුවලට මුහුණ දීමට අසීරු නිසා ඔවුන් මව්කිරි දීම අත්හරින්න ඉඩ තියෙනවා.

අවසානයේදී අම්මායි බබායි සතුටින් නිරෝගීව ඉන්න හේතු වෙන්නේ මොනවාද? ඒ වගේම වසරක් හෝ ඉන් එහාට මව්කිරි ලබා දීම තුලින් මවටත් බබාටත් ලැබෙන ප්‍රතිලාභ පිලිබඳ සෞඛ්‍ය බලධාරින් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දුන් ප්‍රබල පණිවිඩය අපිට අතපසු කරන්න බැහැ.

අතීතයේ මව්කිරි දීම ප්‍රතික්ෂේප නොවු අතර එය සාමාන්‍ය දෙයක් වුනා.

මව්කිරි ලබාදීමේ ගැටලු :සංවර්ධිත ලෝකයේ ගැටලු

අතීතයේ සිට ලොව පුරා වු මව්වරුන් තම දරුවන් මව්කිරෙන් පෝෂණය කලෝය. සමහර සංස්කෘතින් තුල සිටින මව්වරුන්  අවුරුදු පහක් හෝ හයක් වනතුරු දරුවන්ට මව්කිරි දීම තරම් දෙයක් නොමැති බව තවම කල්පනා කරනවා.

අතීතයේදී දැනට සංවර්ධිත යැයි සලකන,බටහිර හා බටහිර නොවන ජාතින්ද එලෙස සිතුවා.

නමුත් මෑත අතීතයේ මව්කිරි දීමේ ක්‍රියාව විවිධ හේතුන් මත සීඝ්‍රයෙන්  ප්‍රතික්ෂේප වෙමින් පවතිනවා.

මව්කිරි දීමේ ක්‍රියාව යථා තත්වයට පත් කරන්න ලෝකය පුරා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වීම සතුටුදායක ආරංචියකි.

මව්කිරි දීමේ ක්‍රියාව නැවත යථා තත්වයට පත් කිරීමට උත්සහ දැරීමේ බොහොමයක් අරමුණ ඇතුව මව්කිරි ලබාදීම හැමවිටම සාමාන්‍ය ලෙස සලකන හා අපිට ඔවුන් ගෙන් ඉගෙන ගන්න දේවල් ඇති ලෝකය පුරා වු සංස්කෘතින් කිහිපයකින් උදාහරණ ගේන්න ඕනි කියලා අපි හිතුවා.

ලෝස් ඇන්ජලීස් විශ්ව විද්‍යාලයේ පරිණාමය පිලිබඳ මානව විද්‍යාඥ බෲක් ස්කේලියා සමග ලෝකය වටේ ඉක්මනින්ම රවුමක් යමු.ඇය ලෝකය පුරා වු  හොදම මව්කිරි දෙන මව්වරුන් පිලිබඳව  පරීක්ෂණ කරන නිසා මේ සියලු සුපිරි මව්වරුන්ගේ එක පොදු ලක්ෂණයක්   ඇය මතුකර පෙන්නනවා.

නම්බියාවේ හිම්බා ගෝත්රය

හිම්බා යනු නුතන  නගරයෙන් බැහැර වු උතුරු නම්බියානු කාන්තාරයේ ජීවත් වන ගෝත්‍රයක් වේ. ඔවුන් ගොඩබිමෙහි සරල මඩෙන් තැනු මඩු තුල ජීවත් වෙති.

මෙම ගෝත්‍රික මව්වරුන් නිවසේදීම දරුවන් බිහි කරන අතර  ඔවුන් සියල්ලෝම දරුවන්ට මව්කිරි ලබාදෙති. ස්කේලියාට අනුව, ඇයට මව්කිරි ලබා නොදෙන මවක් තවම මුණගැසී නොමැති අතර බහුලවම ඇති එලුකිරි අතිරේකයක් භාවිතා කරන කිරි එරීමේ ගැටලු ඇති කාන්තාවන්ද සිටිනවා. නමුත් එහිදි පිටිකිරි ,බෝතල් හෝ වෙනත්  දේවල් භාවිතා කරන්නේ නැහැ.

හිම්බා කාන්තාවන් තම දරුවන් පිටේ එල්ලා ගෙන දවසේ වැඩකටයුතු කිරීම සුලභ දසුනක්. දරුවාට කුසගිනි වු විට මව්කිරි ලබා දී ඔහුව නැවත පිටෙහි එල්ලා ගෙන ඔවුන් කරමින් සිටි කටයුත්ත දිගටම කරනවා.

පහත කරුණු හේතුවෙන් හිම්බා ගෝත්‍රිකයන් හොද මව්කිරි දෙන්නන් බව ස්කේලියා ඇතුලු මානව විද්‍යාඥයන් නිගමනය කරනවා.

* උපතින් පසු  ඔවුන් දරුවන් සමග දිගු නොනැවතුන සබැඳියාවක් පවත්වනවා.

* විවිධ පරීක්ෂණ කරමින් දරුවාට මව්කිරි උරන ආකාරය කියාදෙන්න සෞඛ්‍ය වෘත්තිකයන් එහි නොමැත.

*  කාන්තාවන් කුඩා කල සිට තමන්ගේ මව, යෙහෙළියන් හා නැදෑයින් මව්කිරි දෙනවා දැක ඇති නිසා ඔවුන්ට ප්‍රසිද්ධියේ මව්කිරි ලබාදීම සාමාන්‍ය දෙයක් වේ.

මේ සියල්ලම ඔවුන්ගේ ගෝත්‍රිය තුල සිදු වුනත් මේ නිගමන සෑම විටම නිවැරදි වුනේ නැහැ.

අවුරුදු කිහිපයකට පෙර ස්කේලියා මේ කාන්තාවන්ට අමතන විට ලෝකයේ අනිත් කාන්තාවන්ට වගේම ඔවුන්ටත් අලුත් මව්වරුන්ගේ ගැටලු, වේදනාවන්, කිරි එරීම පිලිබඳ විවිධ දෑ වැනි තවත් බොහෝ දේ ඇති බව ඇය සොයා ගත්තා .

මේ ප්‍රශ්න වලට මුහුණ දීමට ඔවුන්ට ඇති රහස් ආයුධය කුමක්ද?

ඒ තමයි දරුවාගේ ආච්චි අම්මා.

ස්කේලියාට අනුව කාන්තාවක් දරු ප්‍රසුතියට ගර්භණී කාලයේ අවසාන භාගයේදී තම මව ලගට  යන අතර දරුවා ලැබී මාස කිහිපයක් වන තුරු එහි වාසය කරයි.

ආච්චි අම්මා විසින් මේ  අලුත් අම්මාට මව්කිරි දීම, දරුවා රැකබලා ගැනීම ඇතුලු  ඇය විසින් දැන ගත යුතු සියලුම දේ පෙන්වා දීමත් ඉගැන්වීමත් කරනු ලබනවා.

දරු ප්‍රසුතියෙන් පසු අලුත් මව්වරුන්ගේ මව්වරුන් ඔවුන් සමග එක කුටියක නිදාගන්නා අතර අලුත් මව මව්කිරි ලබා දිය යුතු වේලාවන් වල ඔවුන්ව ඒ සදහා අවදි කරනවා, ස්කේලියා තව දුරටත් විස්තර කලාය.

බෙන්ග් ගෝත්රය - අයිවරි කෝස්ට්

මානව විද්‍යාඥ ඇල්මා ගොට්ලිබ්ගේ The Afterlife is Where We Come From නැමති කෘතියට අනුව මේ කුඩා ප්‍රජාව තුල අලුත් මව්වරුන් මව්කිරි දෙන ආකාරය ඉගෙන ගන්නේ අනෙක් කාන්තාවන්ගේ සහය ඇතුවය.

අලුතින් දරුවා ප්‍රසුත කල කාන්තාවක් විශේෂයෙන් පළමු දරු ප්‍රසුතියට මුහුණ දුන් මවක් පළමු සති කිහිපය තුල කාන්තාවන් ඇතුලු  විශාල අමුත්තන් ප්‍රමාණයක් මුණගැහෙන බව ගොට්ලිබ් සදහන් කරලා තියෙනවා.

මේ කාන්තාවන් අතරින් වැඩි ප්‍රමාණයක් තමන් විසින් දරුවන් විශාල ප්‍රමාණයට මව්කිරි ලබා දුන් අය වන අතර ඔවුන් ස්වකැමැත්තෙන්ම මව්කිරි ලබා දීමේ දැනුම  බෙදා ගන්නවා.බොහෝ අත්දැකීම් ලද කාන්තාවන්ගේ අඛණ්ඩ මව්කිරි ලබාදීම පිලිබඳ යෝජනාවන් පිලිගනිමින් අලුත් මව සමාජ ගතවෙනවා.

නිවසට සමීප වන්න. මවට දරු ප්‍රසුතියෙන් පසු යථා තත්වයට පත් වීම, මව්කිරි ලබාදීම හා සම්බන්ධතාවය ගොඩ නගා ගැනීම වර්ධනය කරන සාම්ප්‍රදායිකව සිර කරනු ලැබු ක්‍රමවේදයන් බොහෝදෙනා අනුගමනය කරනවා.

චීනය ( ආසියානු සංස්කෘතිය ඇති තවත් රටක්)

චීනය තුල අලුත් මව්වරුන් සම්ප්‍රදායිකව zyo yue zi හෝ හිදගෙන සිටීමේ මාසය  පිලිපදිනවා. එම කාලය තුල අලුත් මව නිවස තුලම මාසයක කාලයක් ගත කරන අතර නැදෑ කාන්තාවන් විසින් ඇයව රැක බලා ගනු ලබයි.

අලුත් මවගේ කිරි එරීම හා දරු උපතින් පසු යථා තත්වයට පත්වීමට උදව් කරන ආහාර වට්ටෝරු වලින් පෝෂ්‍ය ගුණයෙන් පිරි ආහාර සකස් කිරීමේ ක්‍රියාවලියක් සකස් කිරීමට  මේ සියලුම කාන්තාවන්ගේ සහයෝගය ලබා දෙනවා.

ඒ වගේම  ඔවුන් විසින් අලුත් මවට ඇයගේ පුංචි දරුවාට  මව්කිරි ලබා දෙන ආකාරය හා ඔහුව රැකබලා ගන්නා ආකාරය උගන්වනු ලබනවා.

නැවතත් අලුත් මව්වරුන් වැඩිහිටියන් ගෙන් ඉගෙන ගන්නා අතර එය බොහෝ පළපුරුදු ජාලයක් වෙනවා.

උගත් පාඩම්:

මේ උදාහරණ තුන ඇසුරෙන් පැහැදිලි වන්නේ අලුත් මවකට මව්කිරි ලබාදීමේ ගැටලු වලින් මිදිමටත්, මව්කිරි මාස හයක් හෝ ඉන් එහාට දිගටම ලබාදීම සදහා  ශක්තිමත් සහයෝගී ක්‍රමවේදයක්  තිබීමේ වැදගත් කම වේ.

සහයෝගය, අධ්‍යාපනය හා දැනුවත් භාවය මගින් අලුත් මව්වරුන්ට මාතෘත්වයේ සෑම පැතිකඩකින්ම දිගු ගමනක් යන්න පුලුවන්.

මීට පෙර  කිසිම විටෙක ගම මේතරම් වැදගත් නොවුනි. එම නිසා ඔබේ ගෝත්‍රයට, මවට ලං වෙන්න. ඒ වගේම ඔබේ සහය ඔබ දන්නා අලුත් මව්වරුන්ට ලබා දෙන්නත් අමතක කරන්න එපා.

ලොව වටා සැරි සරා මව්කිරි ලබාදීම  ගැන ගෙනා මේ රසවත්, හරවත් තොරතුරු ඔබට වැදගත් වේවියැයි theAsianparent Sri Lanka  බලාපොරොත්තු වෙනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී