මව්කිරි දීම නැවැත්වීමෙන් පසුවත් මගේ පුතු පැටියා ගැන මට හැඟුණු දේවල්

ඔබ ආරම්භයේම සාර්ථක ලෙස මව්කිරි ලබාදුන්නා නම් ඔබ හුඟක් වාසනාවන්තයි. නමුත් ගැටළු ඇත්නම් එවැනි අත්දැකීමක් ලබන පළවෙනි කෙනා ඔබ යැයි සිතන්න එපා.

වෛද්‍යවරියක් වන මේ අම්මා මව්කිරි දීම තුල ඇති දිගු ගමන ගැන ඇගේ අත්දැකීම් හා එය නැවැත්වීමෙන් පසු මුහුණ දුන් සිදුවීම් ගැන සංවේදී අදහස් දක්වනවා.

මවකගෙන් ලැබෙන මව්කිරි ඉතාම ස්වභාවික ක්‍රියාවලියක් බවත් එහි ඇති ගුණ අපරිමිත බවත් හැමදාම අපිට අහන්න ලැබෙනවා. නමුත් පළවෙනිවර අම්මා කෙනෙක් වන කෙනෙකුට මෙය එතරම් පහසු අත්දැකීමක් නෙමෙයි. ඉතින් වෛද්‍යවරියක් වුනත් මව් පදවියේදී ඇය මුහුණ දුන් ගැටළුකාරී අත්දැකීම් ඇගේ ෆේස්බුක් ගිණුමේ අම්මලා සමග බෙදාගෙන තිබුනේ මේ ආකාරයෙනුයි.

හුඟක් අම්මලා වගේම මව්කිරි දීම ගැටළුකාරී වෙයි කියලා ඇයත් සිතුවේ නැහැ. අපි ඇගේ කතාව ඇගේම වචන වලින් අහලා බලමු. පළමු වතාවේ මට එය ඉතාම කටුක අත්දැකීමක් වුණා. වෛද්‍යවරියක් හැටියට මම ඒ දිහා ශුභවාදීව බලන්න හිතුවා. පළවෙනි වතාවේ මම හිතුවා දරුවා තනපුඩුවට ළං කළහම හැමදේම හරි කියලා. ඒත් හිතුව විදිහට එහෙම වුණේ නැහැ.

පළවෙනි සති කිහිපය හුඟක් අමාරු වුණා. මගේ දකුණු පියයුරුව හුඟක් වේදනාකාරී වුණා. මට ඒ වේදනාව වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මගේ බබාට කිරි බොන්න උවමනා වුණ හැමවෙලාවකම මගේ හදවත නැවතුනා. මට නාන එක පවා කරදරයක් වුණා. මොකද වතුර බිංදුවක් වැටුනත් පියයුරු වල වේදනාව දැනෙන්න ගත්තා. මම දරුවන් පිළිබඳ ධනාත්මකව සිතීම හා මව්කිරි දීම පිළිබඳ සායනයට මේ ගැන පෙන්වුවත් එය සාර්ථක වුණේ නැහැ. අන්තිමට මම මව්කිරි දීම ගැන පෞද්ගලික උපදෙස් ගැනීමට කෙනෙක් හොයාගත්තා. මොකද බබාගේ දිවේ යම් අපහසුවක් ඇති බව කිවුවත් එය ස්ථිර වුණේ නැහැ. ඒ නිසා මේ ගැටළු ඇතිවී ඇති බව කිව්වත් එය සනාථ වුණේ නැහැ.

අවසානයේ මව්කිරි දීම පිළිබඳ උපදේශකයෙකු විසින් තනපුඩු ඉතාම සංවේදී වීම මත කිරි නිෂ්පාදනයේදීත් මව්කිරි දීමේදීත් වේදනාවක් දැනීම විය හැකි බව සඳහන් වුණා. ඒ වගේම මම උවමනාවට වඩා කාලයක් මව්කිරි දීම කරන බවත් සඳහන් වුණා. ඇත්තටම මට ඒ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඉන්පසුව ඇය ඇගේ මතයට අනුව මේ ගැන තීරණය කරන්න සිතුවා. මම මේ වගේ ගැටළුවකට සූදානම් වී සිටියේ නැහැ. මම හුඟක් දැනුවත් කිරීම් සඳහා වන වැඩසටහන් වලට සහභාගී වුනත් කිසිවෙක් මෙවැනි ගැටළු ගැන කතා කළේ නැහැ. මෙහි ඇත්ත තත්වය ගැන කවුරුත් කතා කරලා තිබුණේ නැහැ.

ඒත් හුඟක් දේවල් හොඳ අතට පත්වෙමින් තිබුණා. මගේ සැමියා මට ඒකට හුඟක් උදව් කළා. අනෙක් අතට මම සති 6ක් කොහොම හරි ඉවසලා සාර්ථක නොවුනොත් උත්සාහය අත්හරින්න තීරණය කළා. මේ තරම් වේදනාවකින් ජීවත් වෙනවට වඩා මගේ දරුවා එක්ක සතුටින් කල් ගෙවිය යුතුයි කියලා මම තීරණය කළා. ඇගේ උත්සාහය අසාර්ථක වුණේ නැහැ.

මගේ අරගලය සාර්ථක වෙමින් තිබුණා. මම උත්සාහය අත්හැරියත් මම උත්සාහ කළා කියන සතුට මට තිබුණා. මම පෙර සූදානමින් හිටියා නම් තත්වය මෙතරම් නරක වෙන්නේ නැහැ. ඇත්තටම මේක අමාරු ගමනක්. සති 11ක් වෙද්දී හැමදේම හොඳ අතට හැරෙමින් තිබුණා. යන හැමතැනකදීම මට මව්කිරි දීමේ හැකියාව ලැබුණා. අපි පිටතට කෑමකට ගියත් මම මව්කිරි දීම අතපසු කළේ නැහැ.

නැවත කිරි පිරීම

නැවත කිරි පිරෙන විට ඇතිවෙන වේදනාව හුඟක් අම්මලාට මූලාරම්භයේ වේදනාත්මක වෙනවා. අඩුම වශයෙන් පළමු දවස් කිහිපයේදීත් මව්කිරි සැපයීම දරුවන්ගේ අවශ්‍යතාවය මත හැදෙනවා. අපිට මුල් කාලයේ දරුවා කිරි ඉල්ලන නියමිත වෙලාවක් කියන්න බැහැ. ඉතින් ඒ නිසාම තරමක් වෙහෙසකර හා වේදනාකාරී අත්දැකීම් ලැබෙනවා. හුඟක් වෙලාවට වේදනාව වන්නේ මව්කිරි බීම නිසයි. නමුත් නැවත කිරි පිරෙන විට දැනෙන වේදනාව ඊට වඩා දැනෙනවා. නමුත් මෙය හරි හැටි හඳුනාගෙන නැහැ. නමුත් ප්‍රොලැක්ටින් නමැති කිරි නිපදවන හෝර්මෝනය මගින් ඇතිවන අධිසංවේදීතාවය මීට හේතුව ලෙස දක්වනවා.

ඒ වගේ බැක්ටීරියාවන් මගින් වන ආසාදන තරමක් භයානක වන්නේ දරුවන්ටත් ඒවා ගමන් කරන නිසයි. ඔබටත් මීට සමාන ගැටළු ඇත්නම් ඔබේ වෛද්‍යවරයා හෝ මව්කිරි ලබාදීම ගැන උපදෙස් දෙන අයෙකුගෙන් විමසන්න. වෛද්‍යවරියක් නිසා මට එය පහසු නැත්තේ ඇයි කියලා ඔබ හිතන්න පුළුවන්. නමුත් වෛද්‍යවරුන්ට එය හුඟක්ම අපහසුයි. ඒ නිසා අපි නිතරම අපේ රෝග වලට බෙහෙත් ගන්න වෛද්‍යවරයෙකු ළඟටම යනවා.

දැන් ඇයට ඉතා විශ්වාසයෙන් බබාට කිරි දෙන්න පුළුවන්. ඒත් යන හැමතැනකම ඇය මව්කිරි දෙන ආධාරක රෙද්දක් අරගෙන යනවා.

මේ හැමදේම ගැන දැනගන්න ඇයගෙන් අපි මේ ගැන ඇහුවා.

ඔබ වේදනාවෙන් මිදුනේ කොහොමද?

මම සති 3-4 ක් යනකම් මව්කිරි වලට බලපෑමක් ඇති නොකරන වේදනා නාශක ලබාගත්තා. ඒ වගේම මගේ වෛද්‍ය උපදේශකවරයා පිටතින් ආලේප කරන්න ආලේපනයක් දුන්නා. මගේ සැමියා හා මගේ අම්මා මට ලොකු ශක්තියක් වුණා.

ඔබට මෙය අත්හැර දමන්න සිතුනේ නැද්ද? ඊට හේතුව කුමක්ද?

ඇත්තටම හිතුනා. මං මේ වේදනාව විඳින්නේ ඇයි කියලා හිතුනා. ඒත් මව්කිරි දීම තුළ ඇති ගුණ මම දැනගෙන හිටියා. මම සති 8 ක කාලයක් ගත්තා. එය ඉක්ම ගියා නම් මම එය අත්හරින්න තිබුණා.

මව්කිරි දීම පිළිබඳ උපදේශකයෙකුගේ සේවය මවක් ලබාගත යුත්තේ කොයි අවස්ථාවේදීද?

ඇයට ගැටළු මතුවූ අවස්ථාවේම එය කළයුතු වෙනවා. උදව් සමග ඇයට ගැටළු සමනය කරන්න පුළුවන්.

අලුත් අම්මලාට දෙන උපදෙස මොකද්ද?

ඔබ ආරම්භයේම සාර්ථක ලෙස මව්කිරි දීම කලේ නම් ඔබ හුඟක් වාසනාවන්තයි. නමුත් ගැටළු ඇත්නම් එවැනි අත්දැකීමක් ලබන පළවෙනි කෙනා ඔබ යැයි සිතන්න එපා. මව්කිරි දීම ඉතාම වේදනාකාරී විය හැකි වුනත් කවුරුත් ඔබට ඒ ගැන කියන එකක් නැහැ. එය ඔබේ වරදක් යැයි සිතන්න එපා. මව්කිරි දීම කිසිසේත්ම සාර්ථක නැතිනම් ඔබේ දරුවා සමග ගෙවන්නට ඇති කාලය ඒ නිසා පැහැර හැරගන්නට එපා.

දැන් අපේ පුතාට අවුරුද්දක් වයසයි. ඔවුන් හුඟක් සතුටින් ජීවිතය ඉදිරියට ගෙනියනවා.   

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ