theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මව්කිරි දීම මව් හදවත සුවපත් කරයි!

3 අවම කියවීම
මව්කිරි දීම මව් හදවත සුවපත් කරයි!මව්කිරි දීම මව් හදවත සුවපත් කරයි!

දරු ප්‍රසුතියෙන් පසු අවම වශයෙන් මාසයක් වත් මව්කිරි දීම කරන ලද මව්වරුන්ගේ රුධිර පීඩනය අඩුබවත්, හොද කොලස්ට්‍රරෝල් මට්ටමක් මෙන්ම අඩු සිනී මට්ටමක්  ඇති බවත් නවතම අධ්‍යනයක් සොයා ගෙන තියෙනවා.

ඔබේ දරුවාට මව්කිරි දීම මගින් ලැබෙන  ප්‍රතිලාභ ගැන අපි ලිපි කිහිපයක් කියවලා තියෙනවා. නමුත් මව්කිරි ලබා දීම නිසා අම්මාට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

මව්කිරි දීම අම්මාගේ සෞඛ්‍යයට විශේෂයෙන් හදවතේ සෞඛ්‍යයට වැදගත් වන බව අධ්‍යනය පෙන්වා දෙනවා.

ලෝකයේ මව් මරණ සදහා ප්‍රධාන හේතුවක් වන්නේ හදවත් රෝගයි.

ගර්භණී මව්වරුන්, දරු ප්‍රසුතියෙන් පසු මව්වරුන් හා මුඛ උපත් පාලන ක්‍රම භාවිතා කරන මව්වරුන්  යන කාන්තාවන් හදවත් රෝග වලට නිරාවරණය වීමට හේතු වේ.

මව්වරුන්ට මෘදු බවේ සිට බරපතල තත්වය දක්වා හෘද රෝග තත්වයන්ගේ ලක්ෂණ පෙන්නුම් කරනවා.

මේ අතර  හෘද මාංශපේෂින්ගේ දුර්වලතා ගර්භණිත්වයේ අවසාන මාසයේදී සිට මාස හයක් දක්වා හට ගත හැක.

එය උපත ලබාදුන් පසු ඇතිවිය හැක.

හෘද රෝග බොහොමයක් අනාවැකි කරගත නොහැකි බවත් හෙමින් අවුරුදු ගාණක් තිස්සේ වර්ධනය වන බවත්  බොහෝ කාන්තාවන් නොදනී.

හෘද රෝග වැළැක්වීමට හා අඩු කිරීමට ඔබේ ආතති මට්ටම අඩුකිරීම සිදු කරනවා.

තවද ඔබේ කොලොස්ටරෝල් භාවිතය අඩු කිරීම හා දුම්පානය නැවැත්වීම වැනි ක්‍රම අතලොස්සක් පමණක් ඇති බව විශේෂඥයෝ පවසති.

කොහොම නමුත් මව්කිරි දීම කරන කාන්තාවන්ට හෘද රෝග හා ගැටළු පසුකාලීන ජීවිතයේ ඇතිවීමේ අවදානම අඩු බව නොවේජියානු අධ්‍යනයක් පෙන්වා දෙනවා.

139681 ක් වු කාන්තාවන් ගෙන් දරු ප්‍රසුතියෙන් පසු අවම වශයෙන් මාසයක් වත් මව්කිරි දීම කරන ලද මව්වරුන්ගේ රුධිර පීඩනය අඩුබවත් සොයාගෙන තිබෙනවා.

තවද හොද කොලස්ට්‍රරෝල් මට්ටමක් මෙන්ම අඩු සිනී මට්ටමක් ඇති බවත් එම අධ්‍යනයක් සොයා ගෙන තියෙනවා.

දීර්ඝකාලීන මව්කිරි දීම රුධිර වාහිනී වල අවදානම 10% අඩු කරන බව එම අධ්‍යනය තව දුරටත් පෙන්වා දෙනවා.

මව්කිරි ලබාදීමෙන් රුධිර වාහිනී වල අවදානම අඩුකරයි.

ඔබ මව්කිරි දෙනවිට එය ඔබ හා දරුවා අතර බැදීම ගොඩනැංවීමට උදව් කරයි.

මව්කිරි දීම උදව් කරන්නේ කෙසේද? 

ගර්භණී සමයේදී  අම්මටත් බබාටත් අවශ්‍ය රුධිර සැපයුම දෙන්න ඔබේ හදවතට ගොඩාක් ක්‍රියා කරන්න වෙනවා.

ඔබේ දරුවා පෝෂණය කිරීමට මේද ඔබේ රුධිරයේ වර්ධනය වීම පටන් ගැන්මත් සමග මෙය හෘද රෝග අවදානම වැඩිකරයි.

ඔබේ ගර්භණිත්වය අවසානයේදී සිදුවන මව්කිරි දීම සදහා කිරි නිෂ්පාදනයේදී රුධිරයේ ඇති මේද අඩු වී ධමනි ශිරා අවහිර වීම වළක්වයි.

මව්කිරි දීම පසුකාලීන ජීවිතයේ ඇතිවිය හැකි  රුධිර වාහිනී වල අවදානම අඩු කරන අතර එය ඔබේ ධමනි ශිරා වලට එහි නිරෝගී භාවය පවත්වා ගැනීමට උදව් කරයි.

එය කැලරි වැඩිපුර වැය කරයි.

මව්කිරි දීම මවකට දිනකට වැඩිපුර ඇති කැලරි 200-500 දක්වා ප්‍රමාණයක් වැය කිරීමට උදව් කරනවා.

මේ අතර එය ඔබේ පරිවෘත්තිය ක්‍රියා, රුධිර මේද හා පීඩනය ස්ථාවර කරන නිසා දරු ප්‍රසුතියට පෙර තිබු සිරුර පහසුවෙන් ලබාගන්න පුළුවන්.

එය ඔබේ මානසික ආතතිය අවම කරනවා 

අලුත් දරුවෙක්  නිවසේ සිටින විට හැමවිටම මානසික පීඩනය තියෙනවා.

හොද ආරංචිය වන්නේ මව්කිරි දීමෙන් අම්මා ගෙයි බබාගෙයි දෙන්නාගේම මානසික පීඩනය අඩුවෙනවා.

ඔබ මව්කිරි දෙන විට ඔබේ සිරුර නිෂ්පාදනය කරන ස්නේහයේ හෝමෝනය  ඔබේ මනසට සංසුන් වීමේ සංනිවේදනයක් ලබාදෙනවා.

දීර්ඝකාලීන මව්කිරි ලබාදීමෙන් ඔබේ මානසික මට්ටම සාමාන්‍ය අතට හැරෙන අතර අවුරුදු 60 ට ඔබ්බෙන් වු පසුකාලීන ජීවිතයේදී හෘදරෝග ඇතිවීමේ සම්පුර්ණ  අවදානම අඩුකරයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

 

මව්කිරි දීම බබාට විතරක් නෙවේ අම්මාටත් සුවිශේෂී වෙනවා. ඒ පිලිබඳ මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • මව්කිරි දීම මව් හදවත සුවපත් කරයි!
බෙදාගන්න :
  • මේ අම්මා දොවන ලද මව්කිරි නිල්පාට වුනේ ඇයි?

    මේ අම්මා දොවන ලද මව්කිරි නිල්පාට වුනේ ඇයි?

  • මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු  ආහාර

    මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු ආහාර

  • මේ අම්මා දොවන ලද මව්කිරි නිල්පාට වුනේ ඇයි?

    මේ අම්මා දොවන ලද මව්කිරි නිල්පාට වුනේ ඇයි?

  • මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු  ආහාර

    මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු ආහාර

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it