මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු ආහාර

lead image

මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු  ආහාර  මොනවාදැයි දැන ගැනීමෙන් මව්කිරි දීම ඔබ හා ඔබේ දරුවා යන දෙපළටම පුදුමාකාර අත්දැකීමක් වෙනු නොඅනුමානය.

මව්කිරි දීම ඔබ හා ඔබේ දරුවා යන දෙපළටම පුදුමාකාර අත්දැකීමක් වේ. කෙසේ වෙතත්, ඔබ ආහාරයට ගන්නා ආහාර වර්ග මොනවාදැයි සැලකිල්ලට ගැනීම වැදගත් වේ.

ඒ් සමහර ආහාර ඔබේ මව් කිරි වැඩිදියුණු කරන අතර  තවත් ආහාර ඔබේ දරුවාට අමිහිරි රසයක් ලබාදෙයි. ඒ් වගේම ඒය ඔබේ කිරි සැපයුම කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිය. මෙන්න ඔබ දැනගත යුතු දේ.

ඔබ වැළකී සිටිය යුතු දේ

මධ්‍යසාර - ඔබ මව්කිරි දීමේදී මත්පැන් වලින් වැලකිය යුතුය. ඒ් මධ්‍යසාර ඔබේ මව්කිරි වලට ඇතුල්වෙන අතර ඔබේ දරුවාට බොහෝ ගැටලු ඇති කල හැකිය.

චොකලට් සහ කෝපි - ඒවා රසවත් විය හැකිය. නමුත් චොකලට් සහ කෝපි වල කැෆේන් අඩංගු වන අතර, ඒ්වා ඔබගේ මව්කිරි වලට ඇතුල් වී ඔබේ දරුවා නිදිවර්ජිතව තැබීම මෙන්ම නොසංසුන් කිරීමටද හේතුවේ. කැෆේන් වලට ඔබ විජලනය විය හැකි අතර ඔබේ කිරි නිෂ්පාදනය අඩු කළ හැකිය.

පැගිරි අඩංගු පලතුරු - ඔබ මව්කිරි දීමේදි පළතුරු යුෂ වීදුරුවක් පානය කිරීම ඉතා හොඳයි. නමුත් බොහෝ පැගිරි අඩංගු යුෂ පානය හෝ පලතුරු ආහාරයට ගැනීමෙන් ඔබේ දරුවා කරදරකාරී බවට පත් වන අතර පැගිරි සදහා පුරුදු නැති ඔවුන්ගේ සංවේදි  පුංචි කුසවල් වල වාතය හෝ නොසංසුන්තාවයක් ඇතිවිය හැකිය.

වාතය ඇති කරන ඒළවළු -  ඔබටත් ඔබේ දරුවාටත් වාතය ඇතිකල හැකි  ලූනු, ගෝවා, සුදුළූණු, මල් ගෝවා සහ බ්රොකොලි ඔබ මව්කිරි දෙනවිට ආහාරයට ගැනිමෙන් වැළකිය යුතුය.

අන්නාසි - පැගිරි අඩංගු පළතුරු මෙන් අන්නාසිවලින් ඔබේ දරුවාට වාතය ඇතිවිය හැකි අතර,ඒ් මගින් සමහර විට ඔබේ දරුවා මවිකිරි බීම අත හරින තරම් මව්කිරි වල රසයද වෙනස් වේ.

මව්කිරි දෙන ඔබට සුදුසු  ආහාර

ඔට්මීල් - ඔට්මීල් ඔබේ ආහාර ජීර්ණය සහ සමස්ත සෞඛ්‍ය සඳහා සුදුසු වනවා පමණක් නොව, ඔබේ කිරි සැපයුම වැඩි කිරීමටද උපකාරී වේ.

සැමන් - සැමන් වල ඔමේගා-3 නම් සෞඛ්‍යයට හිතකර මේද අම්ල ගොඩක් තියෙනවා. සැමන් ගොඩක් ආහාරයට ගැනීමෙන් ඔබේ කිරි ගුණාත්මකභාවය ඉහළ නැංවෙන අතර ඔබේ දරුවාටද සැමන් වලින් ලබා ගත හැකි පෝෂ්‍ය පදාර්ථ වලින් ප්‍රයෝජන ගත හැකිය.

නිවිති - නිවිති වල ෆෝලික් අම්ලය, යකඩ සහ කැල්සියම් අඩංගුවේ. මෙම සියලුම පෝෂ්‍ය පදාර්ථ ඔබගේ දරුවාගේ වර්ධනය සඳහා වැදගත් වන අතර යකඩ මගින් ඔබට රක්තහීනතාවය ඇතිවීම වළක්වා ගත හැකිය.

කැරට් - ඔබේ දරුවාගේ ඇස් වල පෙනීම වර්ධනය කරන සහ රාත්‍රී අන්ධතාවය වළක්වා දෙන විටමින් A කැරට් වල බහුලව අඩංගුවේ. ඒය ඔබේ කිරි නිෂ්පාදනය ඉහළ නංවන බවද පැවසේ.

කිරි නිෂ්පාදන -  කිරි නිෂ්පාදන ප්‍රෝටීන්  සහ කැල්සියම් සදහා හොද ප්‍රභවයක් වන අතර ඔබේ දරුවාගේ සංවර්ධනය  උදව් වේ.

බිත්තර - කිරි නිෂ්පාදන මෙන් ම බිත්තර  වලද ඔබේ වැඩෙන දරුවාට අවශ්‍ය ප්‍රෝටීන්  අඩංගු වේ.

මවිකිරි දෙන ඔබ මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු  ආහාර ගැන වදවෙන බව දන්න නිසා theAsianparent Sri Lanka අපි මේ ලිපිය ඔබ වෙත ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී