මව්කිරි දොවා ගැනීමේදී හා අසුරා තිබීමේදී සිදු වන මේ අත්වැරදි එය නරක් වීමට හේතු විය හැක.

මව්කිරි දොවා අසුරා තැබීමේදී අනුගමනය කරන වැරදි පිළිවෙත් නිසා කිරි නරක වී දරුවාට බොහෝ අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව ඔබ දැන සිටියාද? ඔබ නොදැනුවත්වම දරුවා අනතුරට පත් විය හැකි ආකාර ගැන දැනගැනීම සඳහා කියවන්න.

රන් වටිනා මව්කිරි දරුවෙකුට කෙතරම් ගුණදායකදැයි කියාත් දරුවකුට එය කෙතරම් වටිනවාද කියාත් අපි දන්නවා. අප නොදන්නා කරණය වන්නේ  මව්කිරි දොවාගැනීමේදී හා තැන්පත් කිරීමේදී නොදැනුවත්වම සිදු කරන අත්වැරදි නිසා එම මව්කිරි නරක් වී දරුවාගේ සෞඛ්‍යයට විශාල හානියක් ඇති වීමට පුළුවන්.

දරුවා ඔබෙන් මව්කිරි උරා බොනවා නම් මෙසේ නරක් වීමක් කිසි සේත්ම සිදුවන්නේ නැහැ. නමුත් අද කාලයේ කාර්යබහුලතාවය නිසා මව්වරුන් බොහොමයක්, විශේෂයෙන්ම රැකියාවක් කරන මව්වරුන් දරුවාට කිරි දොවා, එය බොහෝ විට ශීතකරණයේ කොට දවස පුරා දරුවට පෙවීමට සැලසුම් කරනවා.

කෙසේ වෙතත්, ඔබ කෙතරම් කාර්යබහුල වුවත් ඉතාමත්ම සුපරික්ෂාකාරීව, කෙටි ක්‍රම නැතිව කළ යුතු දෙයක් තමා දොවාගත් මව් කිරි නිසි ආකාරයෙන් තැන්පත් කිරීම. එසේ නොකළහොත් මව්කිරි වලට ඇතුළු විය හැකි ක්ෂුද්‍රජිවින් නිසා බිලිඳාගේ සෞක්‍යයට ඉතාමත්ම අහිතකර බලපෑම් ඇති වන්නට පුළුවන්.

ඉතින් මව්කිරි තැන්පත් කිරීමේදී ඔබ දැනගත යුතු කරුණු මොනවාද?

1. තෙතමනය

අහාර ද්‍රව්‍ය ක්ෂුද්‍රජීවී ප්‍රහාර වලට ප්‍රධානතම හේතුවක් වන්නේ තෙතමනයයි. අප බොහෝ විට වාතයේ ඇති ක්ෂුද්‍රජිවින් පීබංදව දැනුවත් වුවත්, සැලකිලිමත් වුවත්, භාජනය ඇතුලත සිටිය හැකි ක්ෂිද්‍ර ජීවින් පිළිබඳව එතරම් දැනුවත් නැහැ. යන්තම් හෝ තෙතමනයක්  ඇති ස්ථාන ක්ෂුද්‍රජීවී වර්ධනයට බෙහෙවින් රුකුල් දෙන බව අප සිහි තබාගත යුතුයි. බොහෝ විට මව්කිරි තැන්පත් කරන භාජන ඉතාම හොඳින් සෝදා ගන්නා මුත් ඒවා සම්පුර්ණයෙන්ම වියලා ගැනීම මග හැරෙනවා. භාජනයක් මැනවින් සෝදාගත් පමණින් එය හොඳින් පිරිසිඳු වන බවට ආකල්පයක් පවතින නිසාය.

සේදූ බඳුනක් තෙත නම්, බඳුනේ ඉතිරිව ඇති ජලයේ බැක්ටීරියා ක්‍රියාකාරිත්වයක් සිදු විය හැකි අතර එය මව්කිරි නරක වීමට හේතුකාරක විය හැක.

ඉතින්, මවිකිරි පුරවන බඳුන් පිරිසිඳු කිරීමේදී ඔබ අනුගමනය කල යුතු පියවර දෙක නම්,

1).. උණුසුම් ජලයෙන් සබන් දමා බඳුන සෝදන්න.

2),  අති පිරිසිඳු තුවායක් හෝ කඩදාසි නැප්කින් එකක් ආධාරයෙන් භාජනය ඉතා හොඳින් පිසදා වියළා ගන්න.

ඔබ සිහිතබා ගත යුතු කරුණක් නම් බඳුනක් සෝදා ටැප් එක අසල වියලෙන්නට හරින්නට එපා. අවට ඇති බඳුන් හෝ කෙනෙක් අත සේදීමේදී විසි වන වතුර නිසා ආදිය මෙයට ක්ෂුද්‍රජිවින් ඇතුළු විය හැකි බැවිනි.

කිසි විටෙකත් මව්කිරි පුරවන බඳුන් වතුරේ පෙඟෙන්නට තබන්න එපා!

2. ප්ලාස්ටික් බෑග් ඉරෙන්නට පුළුවන්

රැකියාවට යන මව්වරුන් බොහොමයක් ප්ලාස්ටික් සීල් බෑග් තුළ කිරි අසිරිමටද හුරු වී සිටිනවා. මෙවායේ පාවිච්චිය පහසු වුවද, පහසුවෙන් ඉරෙන්නට, හිල් වන්නට පුඋවන් නිසා බැක්ටීරියා ඇතුළු වීමේ වැඩි අවධානමක් තිබෙනවා.

මෙම බෑග් පාවිච්චි කරන්නේ නම්, මව්කිරි බහාලීමට පමණක් නිපදවූ බෑග් පාවිච්චි කිරීම වැදගත්. මේවා BPA සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය වලින් තොරව නිපදවා ඇති නිසා දරුවාගේ සෞඛ්‍යයට අහිතකර නැහැ. මේවා අවට පිහි කතුරු වැනි මුවහත් උපාංග නැති බවට වග බලා ගැනීම ඉතාමත්ම වැදගත්.

මේවාට ආදේශකයක් වන්නේ හොඳින් වාසිය හැකි වීදුරු බහාලුම්. අධිශිතකරණයට සුදුසු උෂ්ණත්ව විපර්යාස වලට ඔරොත්තු දෙන වර්ගයේ විදුරු භාජන වෙළඳපලේ ඇති අතර වීදුරු බඳුන් ප්ලාස්ටික් බඳුන් වලට වඩා ආරක්ෂාකාරී බව ඔබ දැන සිටියේ නැහැ නේද?

3. අමු අහාර

ඔබ කෙතරම් කාර්යබහුලද කියා අපි හොඳ හැටි දනිමු. ලහි ලහියේ කිරි දොවා හනික ශීතකරණයේ අසුරන්නේ එම බඳුන අසල ඇත්තේ මොනවාදැයි නිනව්වක් නැතිව. කොයි ලෙසකින් හෝ මෙම මව්කිරි අමු අහාර හෝ අමු මස් වර්ගයක් ආසන්නයේ තැබුවහොත් විෂකර බැක්ටීරියා ඇතුල්  වීමේ අවධානම ඉහ්ටමත්ම වැඩි බව ඔබේ දැනුවත් විය යුතුයි.

මේ නිසා ඔබ කෙතරම් කාර්යබහුල වුවත් මව්කිරි බඳුන ඇසක් හෝ උඩින් අමු අහාර නොමැත බවට වග බලාගන්න. මෙයට යම් කාලයක් වය විය හැකි මුත් ජිවිතයක් රක ගැනීමට ඉවහල් වන කරුණක් නිසා කල්පනාකාරී වන්න.

4. අත් සෝදන්න

ඔබේ පරිඝනක අකුරු පුවරුවේ, කාර්යාල මේසයේ ආදිය ඇති බැක්ටීරියා ප්‍රමාණය කෙතරම්ද යයි කියන්නට මට වචන නැහැ. මේ නිසා ඔබේ දෑත් ඉතා හොඳින් සේදීම හැම විටම  අතිශයින්ම වැදගත්.

5. මව්කිරි අධිශීත කොට මව්කිසි අයිස් කැට සෑදීම

මව්වරුන් ඇතැම් විට උවමනාවටත් වඩා නිර්මාණශීලි වනවා. ඔව් අයි මව්කිරි අයිස් කැට සදා අවශ්‍ය විට දියකර ගැනීම කෙතරම් අගනේදැයි ඔබට හිතෙන්නට පුළුවන්.

නමුත් අධි ශීතකරණය යනු අමු මස් බහුලම ස්ථානයයි. එමෙන්ම අධි ශීතකරණය කිරීමේදී මව්කිරි වල ඇති ප්‍රතිදේහ විනාශ විය හැකි අතර ඇතැම් විටමින් වර්ග වල ක්‍රියාකාරිත්වයත් අඩපන වනවා. මේ නිසා නිරාවරනය වූ අයිස් බන්දේසි වල මව්කිරි අයිස් කට සැදීම කිසි සේත්ම සුදුසු ක්‍රියාවක් නොවේ.

ඉහත ක්‍රියාකාරකම් නිසා මව්කිරි පහසුවෙන් බැක්ටීරියා අසාදන වලට ලක් විය හැකි ආකාර ගැන  දැන් ඔබට පැහැදිලි යයි විශ්වාස කරනවා.

මේ අතර මව්කිරි දිගු කාලීනව තැන්පත් කර තැබීම කිසි සේත්ම නොකළ යුත්තේ එයින් පැය 24ක් යද්දී පවා මව්කිරි වල C විටමින් ඌන වන අතර දරුවාගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වන සෛල ප්‍රමාණයද අඩු වන බැවිනි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා