මව්කිරි සැපයුම වැඩිකරන ආහාර වර්ග 7 ක්

මව්කිරි දීමේ අපහසුවක් ඇත්නම් මදි බවක් දැනෙනවා නම් මේ ආහාර ගැන සිතා බලන්න.

හුඟක් අම්මලා මව්කිරි දීම පිළිබඳ ගැටළු වලින් පෙළෙනවා.

ළමා රෝග වෛද්‍ය මේරිඅන් නයිෆ්ර්ට් දක්වන ආකාරයට 5% ක් පමණ කාන්තාවන්ට මව් කිරි සැපයුමේ අඩුවක් ඇති බවත් විවිධ වෛද්‍ය හේතු මතත් මව්කිරි අඩුවෙන්න පුළුවන් බවත් පවසනවා. නමුත් සමහර ආහාර මගින් මව්කිරි නිෂ්පාදනයේ වැඩිවීමක් ඇති බව සොයාගෙන ඇති පර්යේෂණ එතරම් නැහැ, Babycenter දක්වනවානමුත් අපට ඉහත පරම්පරා වල අයගෙන් මේ ගැන දැනගන්න පුළුවන්. මේ එවැනි ආහාර කිහිපයක්.

ඕට්ස්

ඕට්  මිල් වල කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය අඩු කරන අතරම එය මව්කිරි එරිමටත් උදව් වෙනවා. Just Mommies ට අනුව ඕට්  මිල් සැහැල්ලු ආහාරයක් නිසා එය අම්මලා සන්සුන් කරන අතර ඔක්සිටොක්සින් නිපදවනවා. එය මව් කිරි නිපදවීමට උපකාරී වන වැදගත් හෝර්මෝනයක්.

සුදු ලූණු 

සුදු ලූණු  මගින් මව්කිරි වල සුවඳ හා රසයට වැදගත් වගේම අම්මා සුදුලූණු  ආහාරයට ගත්විට දරුවන් තනපුඩුව උරාගැනීමට පහසුවක් දක්වන බව පවසනවා. ඒ වගේම Mom Junction හි අදහසට අනුව සුදුලූණු වල ඇති රසායනිකයක් මව්කිරි නිෂ්පාදනයට උදව් වෙන බව පැවසෙනවා.

කොළ පැහැති පත්‍ර සහිත එළවළු

ඔබේ ශරීරයේ තවත් කෙනෙකුට ආහාර සැපයීම කියන්නේ ඔබට හුඟක් පෝෂ්‍යදායි ආහාර අවශ්‍යවන බවයි. හුඟක් පලා වර්ග හා කොළ පැහැති පත්‍ර සහිත එළවළු වල බොහෝ විටමින් සහ ඛණිජ ලවන අඩංගු වෙනවා. ඒ වගේම කොළ පැහැති එළවළු වල ප්‍රජෙස්ට්‍රරෝන් අඩංගු වන බවත් Just mommies පවසන අතර එමගින් මව්කිරි නිෂ්පාදනය වැඩි කරවීමට උදවු වෙනවා.

උළුහාල්

උළුහාල් ඇට වලට  ප්‍රජෙස්ට්‍රරෝන් අඩංගු වන අතර ඉතා ඈත අතීතයේ සිට මව්කිරි එරීම වෙනුවෙන් උළුහාල් යොදා ගන්නවා. Breastfeeding Online පවසන ආකාරයට පැය 24-72 දක්වා උළුහාල් ලබාගැනීමෙන් මව් කිරි වැඩිකිරීමේ හැකියාව ඇති බව පවසනවා.

මුරුංගා

පිලිපීන විශ්වවිද්‍යාලයේ ළමාරෝග වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් කරන ලද අධ්‍යනයකට අනුව මුරුංගා ආහාරයට ගැනීමෙන් විශේෂයෙන් මුරුංගා පෙති 152% - 176% ක් දක්වා මව්කිරි එරීම වැඩිවන බව කියනවා. එය මව් කිරි එරීම වැඩිකර ගැනීමට උනන්දු වන අම්මලාට හොඳ ආරංචියක් වේවි.

ජලය

අපි හුඟ දෙනෙක් ලේසි පහසු දේවල් පෝෂණය වෙනුවෙන් සොයනවා. හුඟක් වතුර බීම තුළින් මව්කිරි එරීම හුඟක් වැඩිකර ගන්න පුළුවන්. ඒ නිසා මව්කිරි දෙන හැම වාරයකටම පෙර වතුර වීදුරුවක් බීම ඉතා වැදගත්.

ඇට වර්ග

Parenting.com ට අනුව ආමන්ඩ් වැනි ඇට වර්ග හා ඛණිජ, විටමින්, කැලරි වැඩියෙන් අඩංගු ඇට වර්ග ලැබාගැනීම මව්කිරි එරීමට හිතකර බව පැවසෙනවා.

මවක්  තම දරුවා වෙනුවෙන් නොකර දෙයක් නැති තරම්. ඉතින් ඇයට මේ ආහාර වල වැදගත්කම දැනගන්න ලැබීම බෙහෙවින් සතුටක් වනු ඇතැයි ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka විශ්වාස කරනවා.

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ