කිරි දෙන මවුවරුන්ට මුරුංගා හරිම හොඳයි!

lead image

මුරුංගා ගැන ඔබ නොදත් රහස් රැසක්. ඔබ කිරි දෙන මවක් නම් මෙය හරිම වැදගත්.

මුරුංගා කියන්නේ අප‍ රටේ එදා සිට අද දක්වාම ආහාරයට ගන්න ව්‍යංජනයක්. එත් මුරුංගා වලින් මෙතරම් ගුණ රැසක් ලැබෙන බවක් ඔබ දැනගෙන සිටියද?

ආසියාතික රටවල මුරුංගා කිරි දෙන මවුවරුන්ට දිය යුතු ම ආහාරයක් ලෙස සලකනවා. ඉන් කිරි එරී දරුවට වැඩියෙන් කිරි ශරීරය තුළ නිපදවීමේ හැකියාව ඇති වන බව සොයාගෙන තිබෙනවා.

ඉතින් මව් කිරි දීම හා මුරුංගා අතර සම්භන්ධය මොකද්ද? අපි හොයලා බලමු: 

මව් කිරි දීම හා මුරුංගා

ලොව පුරා රටවල් දැන් මුරුංගා වල ගුණ හඳුනාගෙන එය එම රටවල් වල වගා කරන්නත්, ඔවුන්ගේ ආහාර රටාවට හුරු කර ගැනීමට නිර්දේශ කරන්නේ එය එතරම් ගුණයෙන් යුතු ආහාරයක් නිසයි.

1. මුරුංගා වලට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න පුළුවන්: මවක් වෙන්න සුදානම් කාන්තාවන්ට හා මවක් වු පසු කිරිදෙන මවුවරුන්ට ශරීරයේ අභ්‍යන්තර වෙනස් වීම් වලදී ඇයට ශක්තියක් වෙන්න මුරුංගා වලට හැකියාවක් තියෙනවා.

2. සන්ධි වල ඉදිමුව හා වේදනාව සමනයට: ගර්භණි සමයේ ඇතිවන සන්ධි වේදනාවන් සඳහා හොඳ ඔසුවක්.

3. මළ බද්ධය වැළැක්වීමට: පසු ගර්භණි සමයේ ඇති වන මළ බද්ධය නිසා ඇතිවිය හැකි සංකුලතා වළකයි. 

4. දියවැඩියා තත්වයන්ට: රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම අඩු තත්වයට පත් කරයි.

5. රෝග වලින් සුවයට: බොහෝ මව්වරුන් පීඩා විඳින ඇදුම, අර්ශස්, ඉරුවාරදය වැනි රෝග වලට ඉතා ගුණ දායකයි.

6. කිරි එරෙන්න: කිරි දෙන මවුවරුන්ට ඉතා යෝග්‍යයි.

murunga featured කිරි දෙන මවුවරුන්ට මුරුංගා හරිම හොඳයි!

ඔබ කිරි දෙන අම්මා කෙනෙක් නම් අදම මුරුංග ටිකක් කාලා බලන්නකෝ

ඉහත කරුණු වලට අමතරව, මුරුංගා ගසේ බොහෝ කොටස් අපට ප්‍රයෝජනයට ගත හැකි අතර ඉන් ශරීරයට විවිධ ඖෂධිය ගුණ ලැබෙනවා.

මුරුංගා වලින් මේ රෝග පිඩාවන්ටත් ගුණ ලබා ගන්න පුළුවන්.

  • රක්තහීනතාවය
  • අතරයිටීස්
  • රූමටිසම්
  • පිළිකා
  • බඩේ අජිරණ
  • හිසරදය
  • හර්ද රෝග
  • තුවාල
  • සර්ප දෂ්ට
  • මුත්‍රා ගල්

මුරුංගා වලින් අපේ ශරීරයට ලබාගත හැකි විටමින් වර්ග ගැන ඔබ දන්නවද?

  • දොඩම් වලට වඩා හත් ගුණයක් විටමින් C
  • කිරි වලට වඩා දෙගුණයක් ප්‍රෝටීන්
  • කැරට් වලට වඩා හතර ගුණයක් විටමින් A
  • කෙසෙල් වලට වැඩ තුන් ගුණයක් කැල්සියම්

මේ දෙස බැලු විට අලුත් අම්මලාට මුරුංගා කොයිතරම් වැදගත් ද කියල ඔබට වැටහෙනවා ඇති. අම්මාගේ පෝෂණය මතයි දරුවට ලැබෙන කිරි ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒ නිසයි අම්මගේ පෝෂණය එතරම් ම වැදගත් වෙන්නේ.

mum and baby 1 කිරි දෙන මවුවරුන්ට මුරුංගා හරිම හොඳයි!

මව් කිරි දීම හා මුරුංගා: කාගේත් සෞක්‍යට හොඳයි මුරුංගා!

ඇත්තට ම මුරුංගා කෑවොත් වැඩියෙන් කිරි එරෙනවද?

මෙය ඈත අතීතයේ සිට විශ්වාස කල මතයක් වුවත් වර්තමානයේ කරන ලද පරීක්ෂණ වලට අනුව ගර්භණි සමයේ මෙන්ම දරු ප්‍රසුතියෙන් පසුවත් වැඩියෙන් මුරුංගා ආහාරයට ගත් මවුවරුන්ට අන් මවුවරුන්ට වඩා වැඩියෙන් කිරි එරෙන බව තහවුරු වි තියෙනවා.

මුරුංගා ආහාරයට ගැනීමේ අවදානමක් තියෙනවාද ?

සාමාන්‍යයෙන් ආහාරයක් ලෙස ගැනීමේදී එය අනතුරු දායක වන්නේ නැහැ. එමගින් ආසාදනයන් ඇතිවීම හෝ වැඩිපුර ගැනීමෙන් රෝග ලක්ෂණ මතුවීම ඉතාම විරලයි.

කෙසේ වෙතත් සංවේදී අයට “supplement” (පෙති) මගින් අසාදන ඇතිවිය හැකි නිසා මේවා ගන්න පෙර ඔබේ දොස්තරට කතා කිරීම වඩාත් හොඳයි. 

මුරුංගා වලින් අපට අපේ පවුලට ශුභ දායි තොරතුරු බොහොමයක් ඔබට දැනගන්න ලැබෙන්න ඇති. හොඳ අහාර පුරුදු දැන ගැනීමෙන් ඔබේ දරුවන් නිරෝගී දරුවන් වනු දැකීම theAsianparent Sri Lanka අපේ අපේක්ෂාවයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ