මහත්තයා නිතර රණ්ඩු කරනවා නම් මොකද කරන්නේ ?

"ඒ වගේම තමයි යාළුවෝ, නෑදෑයන් අතේ දුරින් තියා ගන්න ඕනී..."

බොහොමයක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මහත්තයා නිතර රණ්ඩු කරනවා, මහත්තයා එක්ක නිතර රණ්ඩු සරුවල් වීම, ඇත්තටම මාත් ෆේස් බුක් එක පුරා බොහෝ දේවල් කියවනවා.

ඔය අතරේ මං දැක්කා එක් අයෙක් තමන්ගේ ගැටලුවක් කියලා තියෙනවා. ඒ වේලාවේ මං එතැන පුංචි උපදෙසක් පමණක් සටහන් කරලා ආවාට, ඒ ප්‍රශ්නය ඇයගේ පමණක් ගැටලුවක් නොවන නිසා ටිකක් පුළුල්ව කතා කරන්න ඕනී හිතුවා.

මහත්තයා නිතර රණ්ඩු කරනවා...

නෝනයි, මහත්තයායි  කරන  පළවෙනි වැරැද්ද පවුල කියන සංකල්පය හදුනා නොගැනීම, පවුලක් කිසිම වෙලාවක හවුලක් කර ගන්න එපා. එහෙම වුනොත් අවුලක්ම තමයි.

පවුල ඇතුලේ ඉන්න ඕනී මහත්තයයි , නෝනයි විතරයි . ඊලගට දරුවෝ ඒකට ඇතුල් වෙනවා. ඒ වගේම  මේ පවුල  ඇතුලේ  ආර්ථික ,  ලිංගිකත්වය වැනි සැගවුන ගැටළුත් තියෙන්න පුළුවන් .

ඒ වගේම තමයි මේ පවුල  ඇතුලට මහත්තයාගේ පවුලයි, නෝනගේ පවුලයි ඔක්කොම අත දාගෙන හත් හවුලක් වුනොත් රණ්ඩු වෙන එක කොහොමත් නතර කරන්න බැහැ.

ඒ වගේම තමයි යාළුවෝ, නෑදෑයන් අතේ දුරින් තියා ගන්න ඕනී.

ආදරය කරන කාලයේ ලුණුයි බතුයි කමුකෝ රත්තරන් කිව්වාට බැන්දට පස්සේ ආර්ථික ප්‍රශ්න ඉස්සරහා දොරින් ඇතුල් වෙනකොට ආදරය පස්ස දොරෙන් පැනලා යනවාලු. අන්න ඒ නිසා ආර්ථිකය සමබරව තබා ගැනීම ඉතා වැදගත් වෙනවා.

ලිංගිකත්වය කියන්නේ විවාහය තුල ප්‍රධාන භූමිකාවක් එකිනෙකා ඔවුන්නොවුන් වෙනුවෙන් කැප වෙන්නේ නැත්තම් , ඔවුන්ගේ අවශ්‍යතා හදුනාගන්නේ නැත්තම් එතැන ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. අන්න එතකොටයි අනියම් සම්බන්ධතා පවුල් සංස්ථාව බිද හෙලන්නේ, ඒ නිසා එකිනෙකා වෙනුවෙන් කැපවුන පවුලක් ගොඩ නගන්න.

හැම ප්‍රශ්නයකටම දෙන්නා එකට මුහුණ දෙන්න. සාකච්ඡා කරලා විසදුම් සොයන්න. ආදරණීය පවුලක් ගොඩ නගන්න.

මහත්තයා නිතර රණ්ඩු කරනවා නම් මේ පුංචි උපදෙස් පහ පිළිපැදලා බලන්න.

1. මහත්තයා සංසුන් වුනාට පස්සේ නෝනා මුලින්ම කතා කරන්න . එයා ආයෙත් යාළු වේවි.ඒත් ඒක තාවකාලික විසදුමක් විතරයි .

2. ඔයා දෙන්නා මේ ගැන සාකච්ඡා කරන්න . හැබැයි සාකච්ඡා කරනවා කියන්නේ රණ්ඩු වෙන්න හරි වාද විවාද වෙන්න හරි නෙවී. ආදරයෙන් කතා කරන්න.

3. අනිවාර්යයෙන්ම ඔය දෙන්නාම උපදේශන සේවාවක් ලබාගන්න ඕනී. එක්කෙනෙක් නෙවෙයි දෙන්නාම

4. පුළුවන් නම් ඔය දෙන්නා වෙනම ගෙදරක ජීවත් වෙන්න. මහත්තයාගේ  අම්මලා ගාවත් නෙවේ . නෝනාගේ  අම්මලා ගාවත් නෙවී. එතකොට ඔයාලාගේ පෞද්ගලිකත්වය හොදට තියාගන්න පුළුවන්.

5.මේක තමයි වැදගත්ම දේ ඔය දෙන්නා අතර අනෝන්‍යය අවබෝධයක් හා විශ්වාසයක් තියාගන්න ඕනී.