පිරුණු සිරුරක් ඇති ළදුන්ගේ සැමියන් සතුටින්

lead image

පිරුණු හැඩැති කාන්තාවන් සමඟ සම්බන්ධතා  පවත්වන පිරිමින් දස ගුණයකින් සතුටට වන බව නව අධ්‍යයනයක් පෙන්වා දෙයි. වැඩි විස්තර සදහා තව කියවන්න.

පිරුණු සිරුරක් ඇති ළදුන් නැතහොත් මහත කාන්තාවන් ගේ සැමියන් සතුටින්ද? නැතහොත් ඔවුන්ගේ සිරුර කෙට්ටු කරගත යුතුද යන්න ගැන බොහෝ කන්තාවන්ගේ සිත් තුළ තිතරම ඇත්තේ දෙගිඩියාවක්.

කලින් අධ්‍යනය මගින් කඩවසම් සැමියන් ඇති කාන්තාවන් අපිළිවෙල ආහාර ලබා ගැනීමේ අනතුරු දායක තත්වයක් ඇතත්, සමහර හොද ආරංචිත් තියෙනවා.

මහත කාන්තාවන් ගේ සැමියන් වඩා සතුටින්!

UNAM හි මනෝවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් විශේෂ අධ්‍යයනයක් කරණු ලැබුවා. මෙයින් පෙනී යන්නේ පිරුණු සිරුරක් ඇති කාන්තාවන් සමඟ ළගින් ඇසුරු කරන පිරිමින් ඉතා සිහින් සිරුරක් සහිත සහකාරිනියන් සිටිනා පිරිමින්ට වඩා දහ ගුණයක් වැඩියෙන් සතුටින් පසුවෙන බවයි.

අපේ වචනයෙන් කියනවා නම් මහත කාන්තාවන් ගේ සැමියන් වඩා සතුටින් සිටින බවයි.

පිරුණු ළදුන් සතුව හොද සුරැකීමේ හැකියාවක් තිබීම මෙන්ම ජීවිතයේ වෙනස්වීම් වලට පහසුවෙන් අනුකූල වීමට ඇති හැකියාව තිබුනා.

මේ නිසා පිරුණු අගපසඟ ඇති පෙම්වතියන් හෝ භාර්යාවන්  ඇති පිරිමින් ගැටළු පහසුවෙන් විසඳා ගත හැකි බව පර්යේෂකයන් ඔවුන්ගේ සොයාගැනීම් මත විශ්වාස කරති.

එහි ප්‍රතිඵලය ලෙස ඔවුන්ගේ සැමියන්ට දිගු කාලයක් ජීවත් වීමේ වැඩි අවස්ථාවක් ලැබී තිබුනා.

විශාල ශරීර වර්ගය ප්‍රජනනය  සහ දරු ප්‍රසුතිය පහසු කරන බව අධ්‍යයනය නිගමනය කලා.

මෙම කාන්තාවන්ට වඩා ධනාත්මක ආකල්ප තිබූ අතර බොහෝ විට බොහෝ විට සිනාසුනා.

මේ සොයා ගැනීම් පදනම් වී ඇත්තේ සීමිත අපේක්ෂකයන් සංචිතයක් මත පදනම් වූ බවත්, මෙය පරම සත්‍ය නොවන බවත්  මතක තබාගැනීම වැදගත් වේ.

මෙම අධ්‍යනයේ සොයාගැනීම් අතිශයින් ප්‍රීතිජනක වුවද සැබෑ සදාකාලික ආදරය ප්‍රමාණය  නොහදුනන බව මතක තබා ගැනීම වැදගත්ය.

ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට ශරීරයේ ධනාත්මකභාවය විදීමට හැකි ආකාරය  පිළිබඳ උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

1. ඔබේ අදහස් සංවේදීතාවයෙන් යුක්තව ඉදිරිපත්  කරන්න.

ඔබේ බිරිඳ සමඟ පිලිසදරක යෙදෙමින් ඔබ ඇයව ප්‍රිය කරන්නේ ඇයි යන්න ඇයට මතක් කර දෙන්න. ඇය නිරන්තරයෙන් ඇයව නිෂේධනය කරමින් ඇගේ ප්‍රශ්න වලදී විවෘත වන්න. අවශ්‍ය  විටදී ඇයට ඇහුම්කන් දෙන්න. සහතික වන්න.

2. "හානිදායක බලපෑම්" වළක්වන්න

ආහාර ගැනීම , ඇගේ බර විවේචනය කරන  හෝ ඔබේම බර ගැන හොඳින් දැන සිටීන මිනිසුන්  ගැන තේරුම් ගන්න.

අන් අයගේ හැඩරුව හෝ ඔබගේ හැඩරුව ගැන ඇය ඉදිරිපිට විවේචනය නොකිරීමට තරම් සංවේදී වන්න.

3. නිවැරදි හේතු සඳහා ව්‍යායාම වල යෙදෙන්න.

ඔබේ සෞඛ්‍යය අගය කරන්න. ඒ වගේම  හොඳ පෙනුමක් ලබා ගැනීමට පමණක් ක්‍රියා නොකරන්න.

ඔබ බර කිලෝ කීපයක් වැඩි කර ගැනීමට හෝ අඩු කිරීමට උත්සාහ කිරීම  ඔබ සෞන්දර්යාත්මක හේතුන් මත නොව, ඔබගේ සමස්ත යහපැවැත්ම වෙනුවෙන්  මෙහෙයවනු ලබන්න.

4. ඉවසීමෙන් යුතුව ඇයට සහතික වන්න.

ඇයට ප්‍රශංසා කරන්න, නමුත් ඇයගේ හැඟීම් නොතකා හරින්න එපා. ඇයගේ අනාරක්ෂිත භාවය සාධාරණ වේ.

එබැවින් ඇයට  ඉවසිලිවන්තව ඇයට සවන් දෙමින් කුමක් වුවත් ඔබ ඇයට  ආදරය කරන බවත්, ඇය  සතුටින් සිටිනු දකින්න ඔබ කැමති බව ඇයට සහතික කරමින් ඇයට ගෞරවය ලබාදෙන්න.

මහත කාන්තාවන්ගේ සැමියන් සතුටින්ද නැද්ද කියා ඔබට දැන් තේරෙනවා ඇති. පිරුණු පෙනුම මෙන්ම පිරුණු හදවතක් ඇති බිරිදක් සැමියා සැමදාම සතුටින් තබාවි. මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

Written by

theAsianparent

app info
get app banner