සෙල්ලම් කාරයේ නැගී මහ පාරට ගිය දඟකාරයා

lead image

එක් අවස්ථාවක දී, දරුවා එමින් පවතින වාහන වලට අනතුරුදායක ලෙස ලංවෙද්දී  ඒවා ගැටීම  වළක්වා ගැනීමට පාර එහා මෙහා ගෙන ගියේය....

සිය සෙල්ලම් කාර් රථය රැගෙන පාර පුරා ගිය  පිරිමි දරුවෙකුගේ වීඩියෝ පටයක් චීනය පුරා පැතිර ගියේය.

කිසිවෙකු ඔහුට උදව් කළේ නැත.

වයස අවුරුදු තුනක් පමණ වු කුඩා පිරිමි ළමයෙක් සිය සෙල්ලම් කාර් එක තල්ලු කරමින් එමින් තිබු රථවාහන දෙසට ගමන් කරමින් සිටිනු දැකිය හැකිය.

එක් අවස්ථාවක දී, දරුවා එමින් පවතින වාහන වලට අනතුරුදායක ලෙස ලංවෙද්දී  ඒවා ගැටීම  වළක්වා ගැනීමට පාර එහා මෙහා ගෙන ගියේය. කනගාටුවට කරුණක් නම්, කිසිවෙකු ඔහුට උදව් කිරීමට හෝ දරුවාව ආරක්ෂා  කිරීමට  උත්සාහ කළේ නැත.

පොලිස් නිලධාරියෙක් පැමිණ  දරුවාගේ ජීවිත ගලවාගන්නා ලදී. ඔහු පිරිමි ළමයා සහ ඔහුගේ සෙල්ලම් කාර් රථය රැගෙන ගොස් රථවාහන වලින් ඉවත පසෙකට  ගෙන යන ලදී.

පහත දැක්වෙන  වීඩියෝව බලන්න:

පෙනෙන විදිහට, පොලිස් නිලධාරියා වන වු ෆෙන්ග් කුඩා පිරිමි දරුවා දකින විය  රාජකාරි  කිරීමට යමින් සිටියේය.

පිරිමි ළමයා තම මවගෙන් වෙන්වී සිටියේය.

වු මහතාට අනුව, "දරුවා  අනතුරුදායක ලෙස වාහන වලට  සමීප වුනා. එමනිසා  මම ඔහුව ඔසවා ගෙන ගොස් පදික වේදිකාව උඩින් තැබුවා. ඔහුගේ අම්මාගෙන් වෙන් වුන බවත් ඔහු ඇය සොයා යන බවත් කිව්වා."

උදව් කල පොලිස් නිලධාරියා එම දරුවාගේ මව සොයා ගත් අතර දෙදෙනා යලි එක් කලේය. පළමුවෙන්ම මේ අම්මාට  පුතා   මග හැරුනේ කෙසේදැයි  තවමත්  පැහැදිලි නැත.

පදිකයින්ගේ ආරක්ෂාව නිවසෙන් ආරම්භ වේ.

වයස අවුරුදු 5-19 අතර වයස්වල ළමයින් අනතුරට ලක්වීම  පස්වැනි ප්‍රධාන  පදිකයන්ගේ තුවාල වන කාරණාව නිසා විශේෂයෙන් කුඩා අවධියේදී අවට ඇති මෝටර් රථ  වලින් ආරක්ෂා වන ආකාරය ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීම වැදගත් වේ.

ඔබේ දරුවන් දැනගත යුතු කරුණු කිහිපයක් පහත දැක්වේ:

  • ඕනෑම මාර්ගයක් හරහා ගමන් කිරීමට පෙර මාර්ගය දෙපසම  බලන්න. මාර්ග ආරක්ෂාවේදී මෙය වඩාත් මූලික හා වැදගත්ම රීතිය වේ. මාර්ග දෙකම බලා වාහන නොමැති නම් පාර මාරුවීම  ආරක්ෂිත බව ඔබේ දරුවන්ට කියා දෙන්න.
  • ඔබගේ දරුවන්  මාර්ගය හරහා ගමන් කිරීමට පෙර කිසියම් උපාංගයක් හෝ උපකරණයක් අතැති නම් එය පහල දමන බව තහවුරු කර  ගන්න. පාර හරහා ගමන් කරන අතරතුර ජංගම දුරකථනයක් භාවිතා කිරීම නිසා අවධානය දුර්වල වී රථවාහන දැකීමට අපොහොසත් වුවහොත් මාරාන්තික විය හැකිය.
  • ඇවිදිද්දී  පයින් ගමන් කිරීමට ඇති තීරුව භාවිතා කරන්න. පයින් ගමන් කිරීමට ඇති තීරුව නොමැති නම් හැකි තරම් දුරට වාහන වලින් ඈත් වී ගමන් කිරීමට වග බලා ගන්න.
  • අවුරුදු 10 ට අඩු ළමයින් සඳහා, වැඩිහිටියෙකු සමඟ මාර්ගයේ හරහා ගමන් කිරීම වඩාත් සුදුසුය. සෑම දරුවෙකුටම වෙනස් බව සත්‍ය  වුවත්, කුඩා දරුවන්ට මෝටර් රථයේ දුර ප්‍රමාණය  හා වේගය තේරුම් ගැනීමට අසීරු  බැවින්, සුපරීක්ෂාකාරි වීම සුදුසුය.

උදාහරණයක් වන්න. ඔබේ දරුවන්ට කියාදෙන දේ කිරීමට ප්‍රායෝගික වීමට  වගබලා ගන්න.

මහමගදී ඔබේ දරුවා සුරක්ෂිත කරගැනීමට මේ මතක් කිරීම The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී