මහමඟදී දරුවා ප්‍රසුතිය සිදුවූ මවකගේ ජාත්‍යන්තරයට ගිය විඩියෝව

lead image

නිවෙස බලා යමින් සිටි චීන කාන්තාවකගේ වතුර බෑගය කැඩි ඇය  සිටගෙන සිටියදීම දරුවා බිහිවෙයි.

නිවෙස බලා යමින් සිටි චීන කාන්තාවකගේ වතුර බෑගය කැඩි ඇය  සිටගෙන සිටියදීම දරුවා බිහිවෙයි.සමාජ මාධ්‍ය හරහා පැතිර  ගිය මේ කම්පිත විඩියෝ එකේ චීන  මවක් චීනයේ Guangdong පළාතේ Yunfu  නගරයේදී  මහමගදී දරුවා  ප්‍රසුත අයුරු දැක්වෙයි. Mothership.sg  වාර්තා කරන ආකාරයට මෙම පුදුම හිතෙන සිදුවීම සැප්තැම්බර් දෙවැනි සෙනසුරාදා සිදු වී ඇත.

දරු ප්‍රසූතියට මුහුණ දෙන විට මෙම වීඩියෝවේ සිටින මව බඩු මිලදී ගැනීමට ගොස් ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඇයගේ වතුර බෑග් එක කැඩුනු පසු දරුවා ඇය සිටගෙන සිටියදී ඇයගේ දිග ඇඳුම දිගේ ලිස්සා ආවා. මුලදී කම්පිත වුවත් බලාගෙන සිටින්නන් ඇයට පුටුවක් හා කාඩ්බෝඩ් එකක් පිරිනමමින් ඇයගේ සහයට  පැමිණියා.

Asia one අනුව පසු ප්‍රසුති සංකූලතා නිරාකරණයට සෞඛ්‍ය වෘත්තිකයින් පසුව අලුත් අම්මට උදව් කලා.

Asia One විසින් ප්‍රකාශනය කරන ලද මෙම වීඩියෝවෙහි අවසානයේ ඇය කරා ගිය විට කාන්තාව මිලදී ගත් බඩු හා දරුවා සමග නිවසට පියනගන  අයුරු දැකිය හැක.

මෙම වීඩියෝව යූ ටියුබ් 150000 වරක් නරඹා තිබෙනවා. පහතින් එම විඩියෝව නරඹන්න.

හදිසි  දරු ප්‍රසූතියකදී කළ යුත්තේ කුමක්ද?

දරු උපත සිදු කිරීමට හොඳම ස්ථානය සෞඛ්‍ය වෘත්තිකයින් ඉදිරිපිට වේ.  චීනයේ සිදුවීම වැනි සිදුවීම් ඇත්තටම බලාපොරොත්තු විය හැක. ඔබට  මේ වගේ අවස්ථාවක් උදා වූවහොත්  මතක තබා ගැනීමට මෙන්න හදිසි දරු උපත් සහකාර ඉඟි.

මොනවද ඔබට අවශ්‍ය

• තුවා,පත්තර, ප්ලාස්ටික් තහඩු

• තුනී ඔතනයක් දරුවා සඳහා

• අත් වැසුම් (තිබේ නම්)

•  පිරිසිදු පෙකණි කටුවක් (තිබේනම්)

• වැදෑමහ ඉවත් කිරීමට ප්ලාස්ටික් බෑගයක්

* උපන් වෙලාව සටහන් කර ගැනීමටත් නව මවට සුබ පැතීමට ද අමතක නොකරන්න.

දරුවා ඉපදුනවිට ඔබ දරුවා අල්ලා සිටින විට ඇයගේ හිස මදක් පහතට හරවා තබන්න මතක තබාගන්න. මෙය නාසයේ හා උගුරේ ඇති අමතර තරල ඉවත් කිරීමට උදව් කරනවා.දරුවා ඔලුවෙන් පහතට සිටින සේ හැර වීම හෝ ඇගේ පිටුපසට පහරක් එල්ල කිරීම කරන්න එපා.

දරුවා පිරිසිදු කරන විට මෘදුව කරන්න. මෘදු  බ්ලැන්කට් එකකින් ඔතන්න. වියලි තුවායක් හෝ බැලැන්කට් එකක් උණුසුම්ව සපයනවා. සාමාන්‍යයෙන් අළුත උපන් දරුවා රෝස පාට වීම හෝ සාමාන්‍ය වර්ණයට හැරෙන්නේ ආස්වාස ප්‍රාස්වාස සාමාන්‍ය වූ විටයි.

අලුත උපන් දරුවා සාමාන්‍ය පරිදි  හුස්ම ගැනිම සිදු නොවන බව ඔබ දුටුවහොත් ඇය පිට බිමට සිටින සේ තබා ඇයගේ පපුව පිරිමැදීම හෝ යටිපතුල්  පිරිමැදීම කරන්න. ඒක ක්‍රියාත්මක නොවූයේ නම් අලුත උපන් දරුවාට කෘත්‍රිම ස්වසනය අවශ්‍ය  වෙන්න පුළුවන්. ඒ පිළිබඳ දැනුවත් වෙන්න.

පෙකිනිවැල කපන විට එහි ස්පන්දන නතර වූ විට පමණක් කරන්න මතක තබාගන්න. ස්පන්දන  නතර වු විට  ශක්තිමත් නුලකින් හෝ පිරිසුදු සපත්තු ලේස් එකකින් අලුත උපන් දරුවාගේ සිට  අඟල්  දෙකේ සිට හතරක් පමණ මෙහායින් තදින් ගැට ගසන්න. ගැට දෙක අතරින් කපන්න. රෝහල්වල  එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම  හෝ සවි කිරීමට පෙර වැදෑමහේ සියලුම පෝෂණය උරා ගත් බව සහතික කිරීමට  පෙකිනිවැලේ සිට දරුවා දෙසට පෝෂණය යවනවා.  හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මක වීම සුදුසු වේ.

අලුත උපන් දරුවා වියලි මෘදු  බැලැන්කට් එකක ඔතා ඇයගේ මවගේ කුස මතින් තබා සම්බන්ධතාවය සඳහා අවකාශ සලසා දෙන්න අමතක කරන්න එපා.

ගැබිණි මවකට මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන.් එම නිසා ඒ සඳහා අවශ්‍ය දැනුම ඔබ වෙත තිළිණ කරන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී