මළදරු උපත් ඇති වීමට හේතුව නූතන සමීක්ෂණ වලින් සොයා ගනී

lead image

නුතන සමීක්ෂණ වලින් සීයාගෙන ඇත්තේ නිසි කලට කලින් මෝරන වැදෑමහ හේතුවෙන් මළදරු උපත් ඇතිවිය හැකි බවයි. වැඩි විස්තර දැනගැනීම සඳහා කියවන්න...

දරුවකුගේ මරණය තරම් දෙමව්පියන්ට දරාගත නොහැකි තවත් දෙයක් ගැන හිතාගන්නවත් බැහැ. එමෙන්ම මළදරු උපතකදී එම විපතට හේතුවක්වත් සොයාගත නොහැකිව වෛද්‍යවරුන් පවා අසරණ වන අවස්ථා තිබෙනවා.

නමුත් දැන්, නව ඕස්ට්රේලියානු පර්යේෂණ කාන්තාවන්ටත් වෛද්ය වෘත්තිකයින්ටත් යම් බලාපොරොත්තුවක් දෙන්නේ මේ සමීක්ෂණ තුලින් මලදරු උපත් ගැන යම් අදහසක් ලබාගෙන ඇති නිසයි.

මළදරු උපත්: ලැබුණු ඉඟිය

ඕස්ට්රේලියාවේ හන්ටර් වෛද්ය පර්යේෂණ ආයතනයෙහි පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ බොහෝ මළදරු උපත් (ගර්භණීයේ 20 වැනි සතියේ හෝ ඉන් පසුව හෝ කලලයේ ඇති වන ළදරු මරණය) වලට හේතුකාරක වන්නේ වැදෑමහ ආශ්‍රිත ගැටළු බවයි.

"ඔබ දන්නා කියන සිදුවීම් දෙස බලන විට, විවිධ පුද්ගලයින් විවිධාකාර අනුපාතයන්ගෙන් වයස්ගත වන බව ඔබට පෙනෙනු ඇත" යනුවෙන් පර්යේෂක මහාචාර්ය රොජර් ස්මිත් පවසයි. "වැදෑමහටත් එය එසේමයි. ඇතැම් වැදෑමහ අනෙක් ඒවාට වඩා වේගයෙන් වයස්ගතව වනවා” ඔහු පැවසීය.

මහාචාර්ය ස්මිත්ට අනුව, ඇතැම් වැදෑමහ දරුවා ඉපදීමට නියමිත දිනට පෙර සති කිහිපයකට පෙර සිටම පිරිහීමට පටන් ගන්නවා. මෙය සිදු වූ විට, දරුවාට අවශ්‍ය ඔක්සිජන් හා පෝෂ්ය පදාර්ථ ආදියේ සැපයුම් කෙමෙන් අඩු වනවා.

ඉතින් මෙය ගැබිණි මව්වරුන්ට වැදගත් වන්නේ කෙසේද?

මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව ගර්භනී කාන්තාවන්ගේ වැදෑමහ නිසි සෞක්‍ය තත්වයේ පවතිනවද යන්න ගැන පෙරට වඩා විමසිලිමත් විය යුතු වනවා. විශේෂයෙන්ම ගැබිණි සමයේ තුන්වන කාර්තුවේදී එය වඩා හොඳින් පරීක්ෂාකාරී විය යුතු වනවා.

ගර්භනී කාන්තාවගේ වැදෑමහේ සෞක්‍ය තත්වය සහ එහි 'වයස්ගතවීමේ' වේගය ආදිය හඳුනාගත හැකි පරීක්ෂණ අපට නුදුරු අනාගතයේ දැකගන්නට හැකි වේවි.

වැදෑමහේ පිරිහීම ආරම්භ වත්ම එය අල්ඩිහයිඩ් ඔක්සිලෙඩ් නම් එන්සයිමයක් මුදා හරිනු ලබනවා. මෙසේ මුදා හරින එන්සයිම ප්‍රමාණය මැනගැනීමෙන්  දරු ප්‍රසූතිය අවදානම් තත්වයක්ද නැද්ද යන්න තීරණය කල හැකි වන අතර දරුවා ආරක්ෂා සහිතව ප්‍රසුත කර ගැනීමටත් මළදරු උපත් වලක්වාගනිමටත් හැකියාව ලැබෙනවා.

"මේ අනුව මවගේ රුධිරය පරික්ෂා කිරීමෙන් වැදැමහේ වයසට යාමේ සලකුනු දැකිය හැකි වන අතර හානිකර ප්‍රතිපල සටහන් වේනම් දරුවා මිය යාමට පෙර සිසේරියන් සැත්කමක් ආශ්‍රයෙන් දරුවා ප්‍රසුත කල හැකි වනවා. "මහාචාර්ය ස්මිත් පැහැදිලි කළා.

මෙම පර්යේෂණ දැනට සංවර්ධනය වෙමින් පවතින අතර තව වසර 3-5 පමණ කාලයක් තුල එහි ප්‍රතිපල භුක්ති විදීමේ හැකියාව ලැබේවි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා