මාතෘත්වය ගැන අම්මා කෙනෙකුගේ අර්ථකථනය: “ මගේ ශරීරය මට නැති වුණා”

lead image

හැම උදෑසනකම ඇය ජීවියෙකුට ජීවය දුන් බව මතකයට නැගෙනවා. ලප, ඉරි ගැසුණු, ඇදුණු, එල්ලා වැටෙන ශරීරයක් නැතිනම් ඇයට මේ පුංචි සුරතල් දෝනි ලැබෙන්නෙත් නැහැ. මාතෘත්වයේ මේ එක කොටසක් පමණයි...

හැම උදෑසනකම ඇය ජීවියෙකුට ජීවය දුන් බව මතකයට නැගෙනවා. ලප, ඉරි ගැසුණු, ඇදුණු, එල්ලා වැටෙන ශරීරයක් නැතිනම් ඇයට මේ පුංචි සුරතල් දෝනි ලැබෙන්නෙත් නැහැ. මාතෘත්වයේ මේ එක කොටසක් පමණයි. යුවතියකගේ ජීවිතය සම්පුරණයෙන් වෙනස් වෙන්නේ මව් පදවිය ලැබීමෙන් පසුවයි. ඇය කැමැති වුනත් නැතත් සත්‍ය එයයි.

එක අම්මා කෙනෙකුට ඒක දරාගන්න බැරි වුණා.

Family share නම් ලිපියේ පැට්‍රීෂියා මේ ගැන කියන්න පැකිලුනේ නැහැ.

මට බබෙක් ලැබුණා. දැන් මගෙන් ගන්න දෙයක් නැහැ, ඇය කියනවා.

මේ දැන් ඇය මුහුණ දෙන සත්‍යයි. හැම උදෑසනකම කණ්නාඩිය ඉදිරියේ හිටගන්න ඇයට මේ මට පෙර තිබුණු ශරීරය නොවන බව ඇයට හැඟෙනවා. සමහර විට වෙනස්කම් මම කවදාවත් අපේක්ෂා කළේ නැහැ. කොටියෙකුගේ වගේ වයිරම් වැටුණු බඩ, අනවශ්‍ය රෝම, සමේ කළු ගතිය, ලප, මෙච්චර දවස් හැඩට ඇඳපු ජීන්ස්.

මම දැනගෙන හිටියට වඩා ජීවිතය හුඟක් වෙනස් බව මට දැනෙනවා. මගේ ශරීරයෙන් වෙනදට වුණ දේවල් වලට වඩා හුඟක් දේවල් වෙනස් වෙලා. කැලරි ඇප් එකට අනුවත් ජිම් එකේ ක්‍රියාකාරකම් වලට අනුවත් හරි බර, හරි හැඩය දැන් පවත්වා ගන්න බැහැ. 

ගර්භනී සමයේ පළමු මාස 6 න් පසුව ඇයට දුවන්න බැරි වුණා. මාස 9 යෙදි කිසිවක් ඔසවන්න බැරි වුණා. ඒ අවස්ථාවේ ඇගේ ස්වපරිපූර්ණත්වය, ඇගේ කාය ශක්තිය හා පෙනුම මත තීරණය නොවන බව ඇයට ඉගෙන ගන්න වෙනවා. ගර්භනීත්වය මගේ පිටත වගේම ඇතුලාන්තයත් වෙනස් කළා.

තවත් විදිහකට, ආදරය ලැබෙන්නේ නැහැ කියලා හිතුවත් ආදරය ලැබෙන බවත්, ලස්සන නැහැ කියලා හිතුවට ඇගේ සැමියාට අනුව ඇය ලස්සන බවත් ඇය අවබෝධ කරගන්න ඉගෙන ගන්නවා.

මගේ ශරීරයේ හැම සලකුණකටම මම දෙවියන්ට ස්තූති කරන්න ඉගෙන ගත්තා. මොකද මේ සලකුණු කැළලි අපි කවදාවත් නොසිතූ විදිහට අපිට ආදරය ගැන කියලා දුන්නා. මම දැන් හිතුවට වඩා ගැඹුර දකිනවා. මම කවදාවත් දන්නැති තැනක මම දැන් සැරිසරනවා වගේ. මම දැන් වෙනස් වෙලා. මම ජීවියෙකුට වැඩෙන්න මගේ ඇඟේ ඉඩ දෙනවා. හරියට එයා ඇටයක් වගේ මගේ ඇඟේ වැඩෙනවා. මම නැතුව ඇය වැඩෙන්නේ කොහොමද?

ඇත්තටම ඇයට දැන් පෙර පැවතී සුකුමාල පෙනුම නැහැ. ඒත් ඇයට ඒ වෙනුවෙන් කියන්න දිගු කතාවක් තියෙනවා.

හැම උදෑසනකම ඇයට දැන් මතක් වෙනවා ඇය ඇගේ ශරීරයේ ජීවියෙකුට ජීවිතය දුන් බව. ඒ කැළලි පිරුණු, ඇදුණු සම නොවුනා නම් ඇයට මේ සොඳුරු කෙළිලොල් සිනහා අසන්නට දකින්නට ලැබෙන්නේ නැහැ. මේ වෙනස්කම් වෙනස් කරන්න හැදුවා නම් මට ජීවියෙක් ලැබෙන එකක් නැහැ.

හැම ගැහැනියකටම ජීවිතයේ කුළුඳුල් මව් පදවිය කුතුහලය පිරි අත්දැකීමක්. සමහර වෙනස්කම් දරාගන්නත් අමාරුයි. ඒත් මාතෘත්වය වෙනුවෙන් ඇගේ සියලු දේ ඇය කැප කරනවා. සත්‍ය එයයි. එවන් අම්මාවරුන්ට ශක්තියක් දෙන්න theAsianparent Sri Lanka මේ ලිපිය පෙළ ගැස්වූවා.

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ