මාතෘත්වය ඔබේ මනසට බලපාන්නේ කොහොමද?

මාතෘත්වය නිසා ඔබේ මනසට කොයිතරම් බලපෑමක් ඇතිවේදැයි ඔබ දැන් සිතනවද?

ගර්භණි සමය තුළත් ඉන් පසුවත් කාන්තාවකගේ ශරීරයේ වෙනස්කම් ඇතිවෙන බව කවුරුත් දන්න කාරණයක්. මේ අතර ශරීරයේ බර, ස්ට්‍රෙච් මාක්, පියයුරු උදරය වැනි අඟ පසඟ ගැන අම්මලාට පුංචි දුකකුත් දැනෙනවා. නමුත් මාතෘත්වය නිසා ඔබේ මනසට කොයිතරම් බලපෑමක් ඇතිවේදැයි ඔබ දැන් සිතනවද?

එය කොයිතරම් ඔබේ මනසට හිතකර දැයි විද්‍යාත්මකව තහවුරු කරන ලද කාන්තාවන් අපි මේ ලිපියෙන් ඔබට ගෙන එන්නට උත්සාහ කරනවා.

NBC නැෂනල් කරස්පොන්ඩන්ට කේට් ස්නෝ මගින් කළ සමීක්ෂණ වාර්තා මගින් මාතෘත්වය අපට දැනෙන        ආකාරයත් ඉන් මොලයට ඇති බලපෑමත් කියාපානවා.

කාන්තාවක් අම්මා කෙනෙක් වුනහම ඇගේ මොලයේ නිපදවෙන විශේෂ හෝර්මෝන මගින් දරුවා සමග ලෝකයේ කා අතරවත් නැති බැඳීමක් ඇති කිරීමට සමත් වෙනවා. එය දරුවාට ලැබිය යුතු ආදරය, කරුණාව, ආරක්ෂාව වෙනුවෙන් නිපදවෙන්නක්.

ඔක්සිටොක්සින්

මෙම හෝර්මෝනය මගින් සිප ගැනීම, වැළඳ ගැනීම, සුරතල් කිරීම, සතුට වැනි දේවල් උදවු වෙනවා. මෙය මොලයේ ඇති හයිපොතැලමස් නම් කොටස තුළ නිපදවෙනවා. මෙය පිටියුටරි ග්‍රන්ථියේ සැඟවී මොලයේ පිහිටා තියෙනවා.

මේ ආදර හොර්මොනයෙන් සිදුවන්නේ මොනවද?

  • ප්‍රසුතියේදී දරුවන්ගේ මාංශ පේශීන් සංකෝචනය අඩුකර ලිහිල් බවක් ඇතිකරනවා.
  • මවක් තුළ වැඩිපුර සංවේදනා ජනිත කරවනවා.
  • දරුවන්ගේ ආවේනික සුවඳ අනිත් හැම සුවඳක්ම වෙන්කර හඳුනා ගන්නවා.
  • කිරි එරීමට උදවු වෙනවා.
  • මවගේ මොලයේ ස්නායු ක්‍රියාකාරිත්වය හඳුනා ගන්නවා.
  • දරුවන්ගේ හැසිරීම ඉඟි අම්මා හඳුනනවා.

ප්‍රෝලැක්ටින් (Prolactin)

ප්‍රොලැක්ටින් පිටියුටරි ග්‍රන්ථිය මගින් නිපදවන අතර එය “කිරි හෝර්මෝනය” ලෙස හඳුන්වනවා. දරුවා කිරි උරා බොන විට මුදාහැරෙන මෙම හෝර්මෝනය මව් කිරි නිපදවීමට දායක වන අතර බබාගේ වර්ධනයටත් උදව් වෙනවා. ඒ මොනවාද?

  • මවට විවේකය ලබාදීම. විශේෂයෙන් මුල් කාලය තුළ මව්කිරි දීම ඇතුළු වෙනස්වීම් නිසා වන වෙහෙසකර බව නැති කිරීමට උපකාරී වෙනවා.
  • දරුවා ගැනම පූර්ණ අවධානයක් දීමට උදව් වෙනවා.

NBC වාර්තාවට අනුව ඔක්සිටොක්සින් ප්‍රොලැක්ටින් පමණක් නොව ඔපිඔඩිස් නමැති හෝර්මෝනයද මුදාහැරෙනවා. මේ මගින් දරුවා කෙරෙහි මවට ඇති ආදරය කරුණාව තවත් තියුණු කරනවා.

මාතෘත්වය ඔබේ මනසට බලපාන්නේ කොහොමද? සමීක්ෂණ වාර්තා සනාථ කරනවා.

ස්නායු දිසාවට අනුව හැසිරීම යන අංශයට අදාලව කරන ලද ජර්නලයක සඳහන් වන්නේ දරු උපතින් පසු අවශ්‍ය අවස්ථාවන් වලදී මොලය ඊට ක්‍රියා කිරීමට විස්තාරණය වන බවයි.

අධ්‍යනය

මේරිලෑන්ඩ් හි ජාතික මානසික අධ්‍යන ආයතනයේ කරන ලද සමීක්ෂණයන්ට අනුව මව්වරුන් 19 කගේ මොලය ස්කෑන් පරික්ෂාවට ලක්කර අතර ඉන් පිරිමි දරුවන් 10ක් හා ගැහැණු දරුවන් 9 දෙනෙක් වශයෙන් ලැබූ අම්මලා සිටියා.

මෙම ස්කෑන් පරීක්ෂණ වලදී දරු උපතින් සති 2-4 දක්වාත් සති 3-4 දක්වාත් වශයෙන් පරික්ෂා කර තිබුණා. මෙහිදී මව්වරුන්ගේ මොලයේ විවිධ අවස්ථාවන් වල ක්‍රියාකාරිත්වය හා උද්දීපනය වෙන බව පෙනුනා.

Grey matter volume නමැති දර්ශකය මීට යොදා ගැනෙනවා. මෙම කොටස සාමාන්‍ය වැඩිහිටියෙකුගේ මනස විශාල පරිවර්තනයක් හෝ පරිසර වෙනස්කමක්, හදිසි අනතුරක් වැනි හේතු මත පමණක් වෙනස් විය හැකි කොටසක් ලෙස හඳුන්වනවා.

දරුවෙකු ඉපදීම සමග වන අභියෝග හමුවේ මුදාහැරෙන හෝර්මෝන නිසා මේ වෙනස මොලය තුළ ඇතිවන බව පර්යේෂකයන් සඳහන් කරනවා.

Grey matter කොටස මොලයේ ක්‍රියාකිරීම නිසා හැසිරීම් වල ඇතිවෙන වෙනස්කම් මොලයේ එක් එක් අංශ හරහා බලපෑම් ඇති කරනවා.

  • මොලයේ හයිපොතැලමස - උද්යෝගය ඇති කරනවා.
  • හැඟීම් හා ත්‍යාගශීලිත්වය යන කොටස උද්දීපනය කරයි.
  • දැනීම් හා සම්බන්ධතාව
  • හේතුන් දැනීම හා විනිශ්චය

ඒ වගේම මෙම සමීක්ෂණය තුළින් තම දරුවන් ගැන හුඟක් සතුටින් පසුවෙන හා ඒ ගැන කතා කරන මව්වරු නිසා දරුවන්ගේ මොලය වර්ධනයට එය බලපාන බව පැවසෙනවා. මවට මාතෘත්වය සමග ලැබෙන උද්දීපනය දරුවන්ගේ මොලයේ වර්ධනයට බලපාන බව මේ තුළින් තව දුරටත් දක්වා සිටියා.

මාතෘත්වය සමග ශරීරය තුළ ඇතිවන බාහිර වෙනස්කම් වගේම අභ්‍යන්තර වෙනස්කම් වලිනුත් මවට යහපත් ප්‍රතිඵල උදාවෙන බව පැහැදිලි කර දෙන්නට  theAsianparent Sri Lanka අපි මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ