දරුවාගේ මානසික අසහනය සමග කටයුතු කල යුත්තේ කෙසේද ?

දරුවාගේ මානසික අසහනය සමග කටයුතු කිරීමට ක්‍රම කිහිපයක් තියෙනවා.

දෙමාපියෙකු වශයෙන්, ඔබට  ඔබේ දරුවා ජීවිතය තුල වු ආතතියෙන් හැකි උපරිම අයුරින්  ආරක්ෂා කිරීමට අවශ්‍ය වෙනවා .

ඔබට ඔවුන් සතුටින් ළමා කාලය ගෙවන්නත් දුකෙන් ගැටලු වලින් තොර වෙන්නත් අවශ්‍ය වෙනවා .

නමුත්  දරුවාගේ මානසික අසහනය සමග කටයුතු  කරන්නේ කෙසේද යන්න සමහර අවස්ථාවලදී ඉතා අසීරූ වේ.

දුෂ්කරතා ජීවිතයේ කොටසක් වන අතර ඒවා සමග නිවැරදිව  කටයුතු කිරීමට ඉගෙනීම දරුවන් ඉගෙන ගත යුතු වැදගත් නිපුණතාවයකි.

මෙය දරුවන්ගේ ළමා කාලය තුළ මානසික අසහනය  අඩු කරනවා පමණක් නොව ඔවුන්ව නිවැරදිව සකස් වු වැඩිහිටියන් බවට වර්ධනය වීමටද ඒවා උපකාරී වේ.

දරුවන්ට දරුවන් ලෙස සැලකීමෙන් තොරව දරුවාගේ මානසික අසහනය සමග කටයුතු  කරන්න.

වර්තමාන තරුණයන් මානසික අසහනයෙන් යුතු පරම්පරාවක් ලෙස වැඩෙමින් පවතී.

CNN වාර්තාවක් පවසන්නේ කුඩා දරුවන්  තුළ මානසික අසහනය  ඉතා පහසුවෙන් හඳුනාගත නොහැකි බවයි.

"කුඩා දරුවන්ගේ රෝග ලක්ෂණ පැටලවී තිබිය හැකි" බව ඔහු CNN වෙත පැවසුවා . "ඔවුන් පහසුවෙන්ම කලබල වෙනවා. ඔවුන් ගොඩාක් අඬනවා. ඔවුන් රෑට තනිවම නින්දට යන්න බයයි. ඔවුන් නොසන්සුන් වෙනවා."

එබැවින් ඔබගේ දරුවාගේ මානසික අසහනය  හෝ ආතතියේ මුල් සලකුනු පෙන්වන බවට ඔබ සැක කරන විට අමතර සැලකිලිමත් විය යුතුය.

දරුවාගේ මානසික අසහනය ඵලදායී ලෙස කටයුතු  කිරීම: ක්‍රම 9 ක්

Inc.com ආයතනයට අනුව, තම දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ දෙමාපියන්ට අවශ්‍ය වන අතර, ඔවුන්ගේ මානසික අසහනයන්ට කිඳා බැසීම යහපතට වඩා හානියක් කළ හැකිය.

ඔබේ දරුවා මානසික අසහනයෙන්  සිටින බවට සැකයක් ඇත්නම්, උත්සාහ කිරීමට යම් උපායමාර්ග කිහිපයක් තියෙනවා.

• ඔවුන්ට මානසිකව  කටයුතු කිරීමේ කුසලතා උගන්වන්න

ඔවුන්ව යට පත් වන විට ඔවුන්ගේ තොල් මත ඇඟිලි ගෙන යන්න හෝ දහයට ගණන් කරන්න.

• මූලික මනස ගැන ඔවුන් දැනුවත් කරන්න

ඔවුන්ගේ දවස පටන් ගැනීමට පෙර පිරිසිදු වාතය ලබා ගැනීමට ඇවිදින්න.

• ජීවිතයේ ක්‍රියාවලින් වෙනස් වීම් හරහා ගමන් කරන ඔවුන්ට  උපකාර කරන්න.

කොතරම් සරල වුවත්,  නව දිවා සුරැකුම් ආරම්භ කිරීම වැනි ඔවුන්ගේ ජීවිතයේ වෙනස්කම් තුල  චර්‍යාවන් පාලනය  කිරීම.

•සියලු හැඟීම් වලංගු බව ඔබේ දරුවාට උගන්වන්න.

ධනාත්මක හෝ වෙනත් ආකාරයකින්, සියලු හැඟීම් වැදගත් වේ. නමුත් කනස්සල්ලෙන් සිටින දරුවන්ට, ධනාත්මක හැඟීම් ගොඩ නැංවීමට  වැඩි අවධානයක් යොමු  කළ යුතුය.

•ඔවුන්ට යහපත්  පැත්ත දැකීමට දිරිගන්වන්න.

සෑම දිනකම ඔවුන්ට සිදු වූ එක් යහපත් දෙයක්  ඔවුන්ගෙන් විමසන්න. මෙය සුභවාදී හැගීම් ඇතිවීම  සහ විවෘතභාවය දෙකම ප්‍රවර්ධනය කරයි.

•ඔබේ දරුවා අනෙක් අය ගැන  සිතන විදිය සම්බන්ධ වෙන විදියට  ගෞරව කරන්න.

නිරන්තරයෙන්ම අන්තර් සම්බන්ධතා වලට දරුවන්ට බල කරන්න එපා.

•ඔබේ දරුවාගේ ස්වභාවය සහ ඔවුන්ගේ මනස ක්‍රියා  කරන ආකාරය දැන ගන්න.

ඔබේ දරුවා බොහෝ උපදෙස් වලින් යටපත් වෙලාද? වෙන් කරමින් හෙමින් උපදෙස් ලබාදෙන්න.

•ඔබගේ දවසේ ක්‍රියාකාරකම්වල ව්‍යායාම ඇතුළත් කරන්න

භෞතික ක්‍රියාකාරකම් වලට දරුවන්ට  මානසිකව හා හැගීම් අතින් සංසුන් කිරීම සඳහා පුදුම දේවල් කළ හැකිය.

ඔබේ දෛනික කටයුතු වලට ව්‍යායාම  සම්බන්ධ කිරීම සඳහා උත්සාහ කරන්න.

•වැරදි සමඟ කටයුතු කිරීමේ හැකියාවන් වලින් සන්නද්ධ වන්න

ඔවුන් යම් දෙයක් සමග ගැටෙන විට හෝ වැරදි කිරීම සමග කටයුතු කරන විට ආත්ම අනුකම්පාව ඔවුන්ට  උගන්වන්න තවත් ක්‍රමයක් වේ.

•ඔවුන්ව නිතර සුරතල්  කරන්න.

වැළදගැනීම්  සහ සහතික කරන වචන ඔවුන්ගේ ශරීරයේ ඇති ඔවුන්ගේ හැගීම් හා සම්ස්ත නිරෝගී බවට බලපෑම් කරන  හොද  හෝමෝන උත්තේජනය කරනවා.

දරුවාගේ මානසික අසහනය සමග කටයුතු කිරීමට මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී