මාස් ශුද්ධියට පෙර ඇති වේදනා සමනය කරන ආහාර වර්ග 9 ක්

lead image

ඔබේ ශරීරයට දෙන පෝෂණය වගේම වේදනාව අඩු කරන මේ ආහාර වර්ග ඔබත් ගෙන බලන්න.

මාස් ශුද්ධියට පෙර සමහර කෑම වලට අප්‍රියතාවයක් ඇතිවෙන්න පුළුවන්. සමහර විට කඩචෝරු කන්නත් හිතෙනවා. මේ සමහර කෑම මගින් ඔබට පෝෂණයක් ලබාගත හැකි කෑම මොනවාද?

ඔබ කැමති කෑම වල පෝෂණීය පැත්ත

මේ කාලය ඔබ කැමති ආහාර වලින් ඔබේ කට පිනවීමේ වරදක් නැහැ, පෝෂණ වේදී එඩ්විනා ක්ලාක් පවසනවා. එය පෝෂණීය ලෙස කරන ආහාර ඇති බව ඔහු පවසනවා. ඔහු කියන්නේ පීනට් බටර්, යෝගට්, වියළි පළතුරු මගින් පැණි රස හා මේදය අඩංගු ආහාර වලට ඇති කැමැත්ත සංසිඳවන බවයි.

ලුණු අඩු කෙටි කෑම

මාස් ශුද්ධිය සමයේ හුඟක් කාන්තාවන්ට ලුණු අධික කෑම කන්න ආශාවක් දැනෙනවා. නමුත් වෛද්‍ය කොඩ්ල් පවසන ආකාරයට මේ මගින් වේදනාවන් අඩු වීමට පුළුවන් වෙනවා.

කැල්සියම් පිරි ආහාර

ක්ලාක් පවසන ආකාරයට කැල්සියම් මගින් වේදනා අපහසුතා මාස් ශුද්ධියට (පෙර ඇතිවන ) අඩු කරන බව. කිරි ආශ්‍රිත ආහාර, කොළ පැහැති පලා හෝ කැල්සියම් අධික ආහාර ගැනීමට මේ කාලය තුළ උනන්දු වන ලෙස ඔහු පවසනවා.

අයන් වැඩි ආහාර

ඇඟෙන් රුධිරය අඩුවීම කියන්නේ ඔබ රක්තහීනතාවයට ලක්වෙන අවස්ථාවක්. මේ සමග සටන් කිරීමට ක්ලාක් රතු මස්, මුහුදු ආහාර, කොළ පැහැති පත්‍ර සහිත කෑම, සිරියල් වර්ග ගත යුතු බව අනුමත කරනවා.

කහ කුඩු

කහ කුඩු මගින් මාස් ශුද්ධිය අවදියේ ඇතිවන වේදනාවන් හා අපහසුතාවයන් අවම කරනවා. මිලිග්‍රෑම් 30 ක් පමණ දිනකට ගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදාකර ගත හැකි බව ක්ලාක් පවසනවා. කරියට වගේම සුප් හා සෝස් වලටත් කහ කුඩු යොදන්න පුළුවන්.

ඉඟුරු

ඉඟුරු කොහොමත් බඩේ වේදනාවන් සඳහා සුදුසු වන අතරම මේ වකවානුවේ ඇතිවන වේදනාවන්ටද සුවය සදනවා. ඉඟුරු තේ හෝ සෝස් වර්ග සැදීමටත් යොදා ගැනෙනවා. එය ස්මුදී වලට අඹරා දමන්නත් පුළුවන්.

ඇට වර්ග

විටමින් ඇති ඇට වර්ග හා එළවළු තෙල් මේ වකවානුවේ ඇතිවෙන ඉරුවාරදයට යෝග්‍යයි.

ෆයිබර් අඩංගු ආහාර

ධාන්‍ය, පළතුරු, එළවළු මළ බද්ධය සමනය කරනවා. මෙය මාස් ශුද්ධිය සමයේ පොදු තත්වයක්. වෛද්‍ය ජෙනිෆර් කොඩ්ල් කියන ආකාරයට හොඳින් එළවළු හා පලතුරු කෑමට ගැනීම මීට හොඳ විසඳුමක්.

මාළු

ඔමේගා 3 හා ෆැටි ඇසිට් වේදනා නාශක ගුණයෙන් යුතු අතර මාංශ පේශි වල වේදනාවන්ට සහනය ගේනවා. සැමන්  සාඩින් වැනි මාළු වල ඔමේගා 3 බහුලයි. මෙය මාළු තෙල් අඩංගු කැප්සියුල් වලින් හෝ ඔමේගා 3 ආහාර මගින්ද ලබාගන්න පුළුවන්. ඒ වගේම මේද අඩු ආහාර ගැනීමට උනන්දු වෙන්න.

මෙවැනි සුළු උපක්‍රම මගින් ඔබට වන අපහසුතා වළකා ගන්න පුළුවන් වගේම ඔබට හොඳ පෝෂණයකුත් ලැබෙනවා.

වේදනාවන් ඔබේ දෛනික ජීවිතය මන්දගාමී කරනවා. මවකට වේගය හුඟක් වැදගත්. ඒ නිසා වේදනාවන් නැති අමිහිරි කාලසීමාවන් පසු කරන්න theAsianparent Sri Lanka මේ තොරතුරු සොයා ගත්තා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ