මාස දහයේදී අවුරුදු හයක බරට ලගා වු යෝධ කෙල්ල

ළමා තරබාරු කම ගැන ඔබ දැනුවත්ද?

 ඉන්දියාවේ මාස 10 ක් වයසැති ආලියා සලීම් නම් දරුවා ලොව සිටින බරින් වැඩි  දරුවා  බවට පත් වී ඇත. ව්‍යාංජන  හා බිස්කට්  රසිකාවියක්  වන ඇය   අවුරුදු 6 ක් වයසැති ගැහැනු ළමයෙකුගේ  සාමාන්‍ය  බර වු රාත්තල් 41 ක බර පංතියට අයත් වේ. ඇය ඉපදුන විට  රාත්තල් 9 ක බරින් යුත් වු අතර  ඇයට්ස් මාස හතරක් වන විට වේගයෙන්  බර වැඩිවන්නට විය.

ළමයින්ගේ තරබාරුකම ඉන්දියාවේ  ක්ෂණිකව විසඳා ගත යුතු  වර්ධනය වන ගැටලුවක් වේ. 2014 දී චෙන්නායි හි මදුරාස් දියවැඩියා පර්යේෂණ පදනමේ පර්යේෂකයන් විසින් හා නව දිල්ලියේ දී WHO / SEARO හි පර්යේෂකයන් විසින් ලියන ලද ඒකාබද්ධ පත්‍රය එසේ අවසන් කරන ලදී.

ඇත්ත වශයෙන්ම, වයස අවුරුදු දෙකත්  අවුරුදු 17 ත් අතර වයසේ පසුවන්නන්ගෙන් සියයට 18.2 ක් අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුකුලව තරබාරුකමින් පෙලෙන බව  තවත් අධ්‍යනයකින් පූනේ හි ජෙහාන්ගර් රෝහලේ උපදේශක ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු  වෛද්‍ය  වෙමන් කදිල්කර් විසින් සොයාගෙන ඇත.

childhood obesity

ආලියා බිස්කට් හා ව්‍යාංජන  කන්න කැමතියි. (පින්තූර තිරය YouTube වලිනි)

තම දියණියගේ සෞඛ්‍ය  තත්වය  සඳහා නිසි වෛද්‍ය  ප්‍රතිකාර ලබා දීමට   අලියාගේ දෙමව්පියන්ට මුදල් නොමැතිකම නිසා හැකියාවක් නැත. 28 හැවිරිදි මොහොමඩ් නැමති පියා ඇදුම් මසන්නෙකු ලෙස කරන  රැකියාවෙන් දිනකට රුපියල් 280 ක් පමණ උපයන   අතර ආලියාගේ තත්වය තව තවත් නරක අතට හැරෙනු ඇතැයි කනස්සල්ලට පත්ව සිටී. වයස අවුරුදු එකහමාරක් පමණ වයසේදි ආලියාගේ වැඩිමල්  සොයුරිය තරබාරු කම හේතුවෙන් මිය ගොස් ඇත.

ඉරනම නිසා හෝ වේවා අඛණ්ඩ උත්සාහය නිසා හෝ වේවා දෙමව්පියන් අවම වශයෙන්  ෆෝර්ටීස් හෙල්ත්කෙයාර් හි උපදේශන ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. ආලියාට  ඇයගේ තත්වය සඳහා ක්ෂණික සහ ආරක්ෂිත සහයක් ලැබේවියැයි බලාපොරොත්තු වෙනවා.

මේ කතාව සම්බන්ධයෙන් කිසියම් අදහස්, ප්‍රශ්න  තිබේ නම්, කරුණාකර ඒවා පහතින් සටහනක් යොදන්න.

ළමා තරබාරු කම යනු ඉක්මනින් ඇමතිය යුතු තත්වයක් වන අතර ඒ පිළිබඳ වු මේ කථාව ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී