අලුත් මාළු වගේම ශීත කල මාළු සෞඛ්‍ය ආරක්ෂිතද?

වාද විවාද ඉවරයි. ඔබේ පවුලේ  පෝෂණය කිරීම සදහා අලුත් මාළු වගේම  ශීත කල මාළුත් ප්‍රතිලාභ බොහොමයක්  දෙනවා. ශීත කළ මාළු  වල පෝෂණය ඔබට බාධාවක්ද?

ඔබේ පවුලේ පෝෂණය ගැන සලකන  වන විට, ඔබට මිලදී ගත හැකි හොඳම අමුද්‍රව්‍ය  ගැන දැන ගැනීමට අවශ්‍ය වේ. නමුත් , ශීත කල මාළු පෝෂණය  අලුත්  මාළු වගේම  සෞඛ්‍ය ආරක්ෂිතද?

අපේ පවුලේ ආහාර වේලට එකතු කිරීම සඳහා මාළු නිරතුරුවම සෞඛ්‍ය සම්පන්න ආහාරවලින් එකකි. මාළු වල සන්තෘප්ත මේද අඩු අතර  ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් ද ඔමෙගා-3 හා

මේද අම්ල  ශරීරයේ සහ මොළයේ ක්‍රියාකාරිත්වයට හා සංවර්ධනයට  අත්‍යාවශ්‍ය  වේ. ඔමෙගා 3   බහුල ලෙස අඩංගු සැමන්, හා මාළු වර්ග ඇතුළු ආහාර ගැබිනි මව්වරුන්ට  සහ කිරි දෙන මව්වරුන්ට තම ආහාර වේලට එකතු කරගන්නා ලෙස උපදෙස් ලැබෙන්නේ අන්න ඒ නිසයි.

කෙසේ වෙතත්, මතක තබා ගැනීමට වැදගත් පූර්ව ආරක්ෂිත පියවර ඇත.

  • නිර්දේශිත මත්ශ්‍ය පරිභෝජනය සතියකට ග්රෑම් 340 හෝ අවුන්ස 12 ක් වේ.
  • සමහර මාළු වැඩි රසදිය අන්තර්ගත අතර ඒ මගින් මොළයේ සංකූලතා ඇති විය හැක.
  • දරුවන් අපේක්ෂා කරන මව්වරුන් අමු හා නොපිසු ආහාර නොගත යුතුය.

එය මතකයේ තබාගෙන , මාළු ඔබේ පවුලේ ආහාරයේ කොටසක් කරගැනීමට වෙහෙසවන්න.

අතීතයේ අධ්‍යනය  සොයාගෙන ඇත්තේ නිතිපතා මාළු ආහාරයට ගැනීම මානසික සෞඛ්‍යය කෙරෙහි හොඳ බලපෑමක් ඇති කරන බවයි.

ඇල්සයිමර් වැනි වයස සම්බන්ධ රෝග වලින් ඔබේ මොළය ආරක්ෂා කර ගැනීමට සහ මානසික පීඩනය අවදානම අඩු කර ගැනීමට එයට ඔබට උදව් කල හැකිය.

මාළු වල විටමින් ඩී සහ බී 2 (රයිබෝෆ්ලැ්වින්) අඩංගු  වේ.

ශීත කළ මාළු වල පෝෂණය: ළමුන් සඳහා වැදගත් ප්‍රතිලාභ

අලුත් මාළු වල පෝෂණය ට වඩා ශීත කළ මාළු වල පෝෂණය  හොදද?

එය රසය ගැන සලකා බැලීමේදී, පිළිතුර ඔව්, එය නිසැකවම විය හැකිය. එහෙත් පෝෂණය සම්බන්ධයෙන් එම පිළිතුර නැහැ යන්න වේ.

ශීත කිරීමෙන් මාළු පෝෂණ ගුණය අඩු වීම හෝ හීන වීම සිදු නොවේ.

ශීත කිරිමෙන් මාළු පෝෂණය රඳවා තබා ගන්නා සේම, එය බැක්ටීරියා වර්ධනය වළක්වාලයි.

මාළු අනුභව කිරීමෙන් අනෙකුත් ප්‍රතිලාභ ශීත කළ මාළුද සමග  වේ. පෙර අධ්‍යනයන් ගෙන් පෙනී යන්නේ මාළු දරුවන් තුල  ඇදුම රෝගය  දියවැඩියාව වර්ග 1, මහලු වයසේ පෙනීමේ ගැටලු හා නින්ද සම්බන්ධ ගැටලු  වළක්වා ගැනීමට උපකාර වන බවය. 

ඒ නිසා ඊළඟ වතාවේදී ඔබ පවුලේ අයට ආහාර වේලක් සැලසුම් කරනවා නම්, ශීත කළ මාළු වල පෝෂණය  ප්‍රයෝජනවත් විය හැකි බව මතක තබා ගන්න. තවද, ශීත කළ මාළු පරිභෝජනය පරිසරයට යහපත් ය. ඒ එය නාස්තිය අඩු කරන නිසයි.

ටින් සැමන් ආරක්ෂාකාරී වන නමුත් ටින් කල සැමන් හෝ නැවුම් කෙලවල්ලා මාළු වල ඉහල රසදිය මට්ටමක් ඇති බව සැක කරන බැවින් ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

ශීත කළ මාළු සූදානම් කිරීම: ඔබේ පවුල සඳහා ආරක්ෂිත උපදෙස්

ශීත කළ මාළු මිලදී ගන්නා විට, ඉරා දැමූ හෝ හානි වූ පැකට්  ගැනීමෙන් වළකින්න. ඔබ  සුපිරි වෙළඳසැලෙන් ශීත කළ මාළු මිලදී ගන්නා විට ශීතකරණයේ මැද හෝ යටින් ඇති තෝරාගත  ගන්න.

ශීත බව නැති කිරීමට සීතල වතුර භාජනයක දැමීම හෝ මයික්‍රෝවේව් එක භාවිතා කිරීම හොඳයි. එහෙත් ශීත බව නැති වු මාළු නැවත ශීත කිරිමෙන් වළකින්න.

ශීත හා අලුත්  මාළු වර්ග දෙකම නරක් විය හැකිය. ඇසුරුම් පිරික්සන්න. ඒවා ඉරී  නොමැති බවට වග බලා ගන්න. ඔබ ඇමෝනියා වැනි  සුවඳක් දැනේනම්, එවැනි  අවස්ථා වලදී මාළු නරක් වී තිබීමට වැඩි ඉඩක් ඇත.

මාළු පෝෂ්‍යදායී වනවා පමණක්  නොව එය ඔබේ  පවුල සඳහා සූදානම් කිරීමට පහසු මෙන්ම රසවත් වේ. මාළු ශීත  කිරීමෙන් ඔබේ දරුවන්ට සෞඛ්‍ය සම්පන්න  ආහාර ලබා දීම සදහා ප්‍රායෝගික ක්‍රමයකි.

දරුවන්ට මාළු විවිධ වට්ටෝරු වලින් සකස් කර දිය හැකිය. මාළු කිරට, මාළු මිරිසට , මාළු බැදලා, මාළු කට්ලට්, මාළු රෝල්ස්, මාළු සැන්විච්, මාළු ඩෙවල් මේවාට උදාහරණ වේ.

ශීත කල මාළු දරුවන්ට දෙන්න ඔබ  බය නම් the Asianparent Sri Lanka ඔබ වෙත ගෙනා මේ ලිපිය ඔබේ බිය දුරු කර ගන්න උදව් වේවි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී