මැස්සන්ට මදුරුවන්ට ස්වාභාවික පිළියම්

lead image

මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පුංචි පුංචි සත්තු ගේන ලොකු ලොකු ලෙඩ රෝග පුංචි දරුවාගේ ඉදලා හැමෝම මේ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා.

මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පුංචි පුංචි සත්තු ගේන ලොකු ලොකු ලෙඩ රෝග පුංචි දරුවාගේ ඉදලා හැමෝම මේ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ඒ අතර ජීවිත එක දෙකත් නැති වෙනවා. ඔබටත් සමහර විට මේ වගේ අත්දැකීම් ඇති.

අපේ ගෙදර නිතරම ඉන්න මේ වගේ පුංචි කරදරකාරයෝ දෙන්නෙක් ගැන අපි චුට්ටක් කථා කරමු  නේද?

කවුද මේ කරදරකාරයෝ  දෙන්නා?

ඔයාලට නම් මේ දෙන්නා අමුත්තො නම් නෙවී. එක්කෙනෙක් මැස්සා, අනිත් කෙනා මදුරුවා.

මැස්සා

අපිරිසිදු ස්ථාන වල ඉතා ඉක්මනින් බෝ වේ. කුණු වී යන අපද්‍රව්‍ය මැස්සන්ට හොද තෝතැන්නකි. අපද්‍රව්‍ය වල මෙන්ම මැස්සා ඔබගේ ආහාර, නිවසේ භාණ්ඩ වල වසන බව ඔබ දන්නවාද?

නරක් වු ආහාර මත වු විෂබීජ හා රෝගින්ගේ මලමූත්‍රා හා වමනය මත වසා එහි ඇති ඇතැම් රෝග කාරක තම සිරුරේ දවටාගන්නා මැස්සා ඊලගට ඔබේ ආහාර මත, බදුන් මත හෝ භාණ්ඩ මත ඒවා තවරයි.

එතරම් අපිරිසිදු ආහාරයක් ඔබ නොදැන කොතරම් ආහාරයට ගන්න ඇතිද? මැස්සා ගෙන මෙම විෂබීජ හා රෝග කාරක හේතුවෙන් බඩේ අමාරු ,පාචනය තත්වයන් ඇතිවිය හැකිය .

මදුරුවා

මදුරුවා කියන්නේ හරිම වේදනාකාරී සතෙක්. මදුරුවා කිව්වාට මදුරුවාගේ ගැහැණු සතා තමයි රුධිරය උරා බොන්නේ, පිරිමි සතා බොන්නේ ශාක යුෂ.

එහෙම කියලා පිරිමි සතාට සමාවක් නෑ. මොකද මදුරුවන්ගේ බෝ වීමට දෙගොල්ලෝම දායක වෙනවා.

පිරිසිදු වතුරේ මෙන්ම අපිරිසුදු වතුරේ බෝවෙන මදුරු වර්ග බොහොමයක් ඉන්නවා. මැලේරියාව නම් ශ්‍රීලංකාවෙන් තුරන් කරලා තියෙන්නේ.

ඔබ මතක් කරන්නවත් අකමැති බරවා, ඩෙංගු රෝග වල රෝග වාහකයා මදුරුවා. ලෝකය දෙස බැලුවොත් සීකා වගේ රෝගත් මදුරුවන් බෝ කරනවා.

පුංචි මතක් කිරීමක්

ඩෙංගු රෝගය වසංගතයක් වී වියරුවෙන් ජීවිත බිලිගන්නා යුගයක මාතෘකාවෙන් ඔබ්බට යමින් පුංචි මතක් කිරීමක් ඔබට කරන්න ඕනි කියලා හිතුනා.

The Asianparent Sri Lanka අපි මේ ආදරණීය මතක් කිරීම ඔබට කරන්නේ ඔබ හෝ ඔබේ ආදරණීයන් ඩෙංගු රෝගයේ තවත් බිල්ලක් නොවී සුරක්ෂා කරගන්නයි.

"Prevention is better than cure": ඒ කියන්නේ සුව වීමට වඩා වළක්වා ගැනීම හොදයි කියන එක , ඒ සදහා මේ මැසි මදුරුවන් බෝ වීම පාලනය කල යුතුය.

ඒ සදහා පුංචි මතක් කිරීම් කිහිපයක්...

මදුරුවන් බෝවීම පාලනය

1.මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කිරීම

2.ගලායෑම අවහිර වු කාණු ,ඇල දොළ  පිරිසිදු කිරීම

3.මල් බදුන් ,කූඹි උගුල් වල ජලයට ලුණු එකතු කිරීම

4.වැහි පිලී ,වහලේ ජලය රැදෙන තැන් පිරිසිදු කිරීම

5.ජලය රැදෙන ශාක අතු කපා ඉවත් කිරීම 

6.ජල මුලාශ්‍ර වලට මාලු එකතු කිරීම හෝ මදුරු කීටයන් ආහාරයට ගන්නා මදුරුවන් ඇති කිරීම

7.නිසි කසළ කලමනාකරණය

මැස්සන් බෝවීම වළක්වා ගැනීම

මැස්සන් බෝවීමට ප්‍රධාන හේතුව තමයි ඔබේ නිසි කසළ කළමනාකරණයක් නැති කම. මැස්සා බිත්තර දාන්නේ කුණු වෙන දේවල් මත, ඉහද තියෙනවා කියන්නේ ඒකට තමයි.

නරක් වෙන අපද්‍රව්‍ය වලට මොකද කරන්නේ ?

1.නිසි ලෙස වෙන් කරලා කසළ එකතු කරන ආයතනයකට භාර දෙන්න

2.කාබනික පොහොර නිෂ්පාදනය

3.දිරන කසළ වැලලීම

4.වියලා පුලුස්සා දැමීම

මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීම

මදුරුවන් ගෙන් ආරක්ෂා වීමට මදුරු දැල්, මදුරු කොයිල්, දිගටම ඇදුම් ඇදීම, මදුරු විකර්ෂක භාවිතය, සහ විවිධ කෘතිම මදුරු දුම් වැනි ක්‍රම භාවිතා කරනු ලබන අතර මැස්සන් සදහා විවිධ රසායන ද්‍රව්‍ය භාවිතය, ආහාර හොදින් වසා තැබිම, විෂබීජ නාශක භාවිතය, භාජන හොදින් සෝදා භාවිතය වැනි ක්‍රම යොදා ගනී.

රසායනික ද්‍රව්‍ය භාවිතය පිලිබඳ විවිධ මතිමතාන්තර කතාබහට ලක් වෙන මොහොතක ඉන් ඔබ්බට යමින් ඔබේ සෞඛ්‍යයට හිතකර ස්වාභාවික ක්‍රම කිහිපයක් ඔබට කියා දෙන්න අපි සුදානම්.

මැස්සන්ට මදුරුවන්ට ස්වාභාවික පිළියම්

ස්වාභාවික මදුරු විකර්ශක ක්රම

තෙල් වර්ග

  • පැගිරි තෙල් ආලේප කිරීම
  • කොහොඹ තෙල් ආලේප කිරීම
  • මීතෙල් පහනක් දැල්වීම

දුම් වර්ග

  • පොල් ලෙලි පුලුස්සා දුම් ඇල්ලීම
  • ග්ලිරිසිඩියා කොල පුලුස්සා දුම් ඇල්ලීම
  • කැප්පෙටියා කොල පුලුස්සා දුම් ඇල්ලීම
  • මදුරුතලා කොල පුලුස්සා දුම් ඇල්ලීම
  • කජු ලෙලි පුලුස්සා දුම් ඇල්ලීම
  • කට්ට කුමන්ජල් දුම් ඇල්ලීම

ස්වාභාවික මැසි විකර්ශක

  • පැගිරි යුෂ

රසායනික ද්‍රව්‍ය වුනත් ස්වාභාවික ද්‍රව්‍ය වුනත් භාවිතයේදී කුඩා දරුවන් ගෙන් ඈත් කරලා තියන්නත් මතක තියා ගන්න ඕනී.

මේ ගැන වැදගත් තොරතුරු ඔබත් දන්නවා නම් ඔබේ අදහස් the Asianparent Sri Lanka අපිත් එක්ක බෙදා ගන්න.