මිදි මාරාන්තික විය හැකියි

lead image

මිදි ගෙඩියක් ශ්වසන නාලයේ සිරවීමෙන් කුඩා දරුවෙක් මිය යයි.

මිදී ගෙඩියක් දරුවෙකුගේ ශ්වසන නාලයේ සිරවීම එම මාර්ගය අවහිර කරන්න හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා වාතය ගමන් ගන්නා මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර කරනවා.

මේ කතාව ඇරඹෙන්නේ ඉතා අහිංසක විදිහට. පුංචි ජාකොබ්ට පිට්සා කන්න ආස හිතෙනවා. ඒ නිසා එයාගේ දෙමාපියන් එයාව පිට්සා හට් එකකට එක්කන් යනවා. එහිදී තිබුණු මිදී ගෙඩියක් සිරවීමෙන් තමයි ජාකොබ් මේ අවාසනාවන්ත අවස්ථාවට මුහුණ දෙන්නේ.

මේ වෙලාවේ එයාගේ දෙමාපියෝ මිදී ගෙඩිය ඉවතට ගන්න හැකි හැම උත්සාහයක්ම ගත්තත් ඉන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. අවසානයේ දරුවාව රෝහලට රැගෙන ගියත් දෙහැවිරිදි පුංචි පැටියාගේ ජීවිතය බේරගන්න ලැබුනේ නැහැ.

මිදී ගෙඩිය සිරවීමෙන් මොලයට ඔක්සිජන් සැපයීම අවහිර වෙලා තිබුණා. මේ බබාගේ මරණයට හේතුව ඒකයි. පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාවෙන් කියවුණා. මෙය ඉතා අවාසනාවන්ත ඛේදවාචකයක්. මේ නිසා මගේ සමාලෝචනය තමයි මෙය ඉතා අනපේක්ෂිත අනතුරකින් වුණු මරණයක් කියන එක.

මිදි මාරාන්තික විය හැකියි

මිදී කැපිය යුත්තේ මේ විදියට

මෙවන් අනතුරු වලින් ලොව පුරා දරුවන් මරණයට පත්වූ ප්‍රථම හෝ අවසාන අවස්ථාව මෙය නෙමෙයි. ඒ නිසා ඔබ මේ කරුණු ගැන නිතර සැලකිලිමත් වෙන්න. ඔබේ දරුවාට එම අනතුරම වේයැයි නොසිතුවත් ඊට සමාන අනතුරු සිදුවිය හැකි බව මතකයේ තබාගන්න.

  • පුංචි දරුවෙකු කිසිවිටෙකත් වැඩිහිටියෙකුගේ අවධානයෙන් තොරව තනිව කෑම ගැනීමට ඉඩ හරින්න එපා.
  • මිදි වැනි සිරවිය හැකි ප්‍රමාණයේ ගෙඩි කැබලි වලට කපා හෝ කඩා ඇට ඉවත් කර දරුවාට දෙන්න.
  • ඔබේ දරුවා කෑම හොඳින් විකා කනවා වුනත් මිදි වැනි ගෙඩි වර්ග කෑමට දෙන විට අනිවාර්යයෙන්ම කැබලි වශයෙන් දෙන්න.
  • ඔබ දරුවාගේ ආරක්ෂාවට වෙනත් අයෙකු තබා යන්නේ නම් ඔවුන්ද මේ පිළිබඳව දැනුවත් කරන්න. යමක් සිරවූ විට කළ යුතු ප්‍රථමාධාර ගැන ඔබ දැනුවත්ව අන් අයවත් දැනුවත් කරන්න.

පුංචි අතපසු වීමක්, තත්පරයක ඇස්පිල්ලමක් පුංචි දරුවෙකුට අනතුරු කැඳවනවා.  theAsianparent Sri Lanka අපි නිතරම ඔබේ අවධානය ඒ ගැන යොමු කරගන්නේ ඔබේ හොඳම මිතුරිය ලෙසිනුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ