දරුවන් හදාවඩා ගැනීම, යෝගා ඇතුලු තවත් බොහෝ දේවල් වල නිරත වන මියුරු ජයවීරගේ කථාව

ඕ මාතෘත්වය සමබර කරගැනීමේ කලාව නව මානයකට ගෙන ගියාය...

ඕ මාතෘත්වය සමබර කරගැනීමේ කලාව නව මානයකට ගෙන ගියාය.

අපි හැමෝටම ඉගනගත හැකි බොහෝ දේ තිබෙන නිසා අපි කැපි පෙනෙන සුවිශේෂී ශ්‍රිලංකික මව්වරුන්ට කැමැත්තක් දක්වනවා.

මේ මාසයේදී  දරුවන් දෙදෙනෙකු ලද මවක් වු මියුරු ජයවීර ගැන ඉදිරිපත් කිරීමට සතුටුයි. නොබෝ වේලාවකින් ඔබට දැන ගත හැකි කාර්යයන් කිහිපයක නිරතවෙන මේ අති දක්ෂ කාන්තාව හා ඇයගේ නිරෝගිමත් ජීවන ගමන ගැන ඇති මේ ලිපිය කියවීමෙන් නිසැකවම ඔබ ප්‍රමෝදයට පත් වේවි.

යම් කටයුත්තක නිරත වීමේදී හෝ අසීරු යෝගාසනයක සිටියදි මියුරු එය පහසුවෙන්ම කළමනාකරණය කරගන්නවා.

මියුරු ජයවීර

බොහෝ දක්ෂතා ඇති මවක් ලෙස ඇය

මේ වයස අවුරුදු තිස් හතක් වු මවට අවුරුදු නවයක් හා හතක් වු පුතුන් දෙදෙනෙකු සිටිනවා. ඇයගේ පසුගිය අවුරුදු දාහතක් වු රාජකාරි ජීවිතය මාධ්‍ය ( ඇයව දැකලා පුරුදුයි නේද ?) , ජාත්‍යන්තර ආයතන ඇතුලු  දේශීය විදේශීය බොහෝ පැති වලට විහිදිලා තියෙනවා.

දැන් ඇයට දරුවන් රැකබලා ගැනීම මෙන්ම ඩිජිටෙල් කෝපරේෂන් කමියුනිකේෂන්  තුල වු ක්ලම්ඹු ක්‍රීයේටිව් වෙළද නාමය යටතේ ඇයගේම ව්‍යාපාරයක් ගොඩනැංවීමට කාර්‍යබහුල වෙන්න වෙලා. එපමණකින් නොනැවතුන ඈ  ඇයගේ දැනුමට ප්‍රමිතියක් ලබා ගැනීමේ අරමුණින්  පශ්චාත් උපාධිය සදහාද සුදානම් වෙනවා.

ශාරීරිකව හා මානසිකව නිරෝගිමත් හා සෞඛ්‍ය සම්පන්නව සිටීම ඇය තරයේ විශ්වාස කරනවා.  සතියේ දිනවල ජිම් එකක ශක්තිමත් වීමේ පුහුණු වීම් වලද අතර නිතර යෝගා වලද ( මෙම ලිපියේ අග භාගයේ ඇය විසින් මව්වරුන්ට සුදුසු යෝගාසන කියා දෙනු ලබනවා.) නිරත වී කරන කැප වීම තුලින් ඇය එය ලබා ගත්තා.

ත්‍රීපිටක‍ය ධර්ම දේශනා ඇසීම හා අභිධර්මය ඉගනීම තුලින් ඇය මානසික සෞඛ්‍ය පවත්වා ගන්නවා.

මියුරු ජයවීර

සමබර පවුල් ජිවිතය

ඇය සේවිකාවන් විශ්වාස නොකර බව පවසනවා. එසේ නම් ඇය ඇයගේ නිවස මනාව කළමනාකරණය කර ගන්නේ කෙසේද? ඒ ඔවුන්ගේ පවුල තුල තම තමන්ගේ කොටස් කිරීමට උනන්දු වීම මගිනි.

"මම සේවිකාවන් විශ්වාස කරන්නේ නැහැ. වැඩ කටයුතු චර්‍යාවන් සදහා පුරුදු වී සිටින සැමියා හා දරුවන්ගේ උදව් ඇතිව අපි හැකි උපරිමයෙන් නිවස පිළිවෙලකට තබා ගන්නවා. මගේ දරුවෝ සතියේ දවස් පහේම විෂය පරිබාහිර කටයුතු හා ක්‍රියාකාරකම් රැසක යෙදිලා ඉන්නවා. අපි සති අන්තයේ හැකි සෑම විටෙකම ඔවුන් සමග කාලය ගත කරමින් චිත්‍රපට බලනවා. පොත් කියවනවා. මදක් එළියට යනවා," ඇය අපට පැවසුවේය.

මියුරු ජයවීර

 

එසේනම් ඇය ජීවිතයේ සමබරතාවය පවත්වා ගන්නේ කෙසේද?

" මවක්, බිරිදක්, දියණියක් විදියට මම සමබරතාවය පවත්වා ගන්න උත්සහ කරනවා. වැදගත්ම දේ මම වීම, මම මටම වෙන් වු කාලයක් ප්‍රිය කරනවා. චිත්‍රපටයක් තනිව බැලීම, යාළුවෙක් සමග කෝපී කෝප්පයක් නිතර පානය කිරීමෙන් මට මාව සතුටින් තියන්න පුලුවන්," මියුරු පවසනවා.

මවකට ප්‍රමාණවත් තමන්ගේම වේලාවක් තිබීම වැදගත් බව මියුරු විශ්වාස කරනවා.

ඔබව බල ගන්වන්න.

කාන්තාවන් නවීන දැනුම හා හැකියාවන් ගෙන් පරිපූර්ණ වීම මියුරු තරයේ විශ්වාස කරනවා. අන්න ඒ නිසා දිගටම ඇය ඒ දෙකෙහිම පරතෙරටම යන බව පේනවා.

ඇයට අලුත් හැකියාවන් ඉගනීමට ලැබෙන නවතම වෘත්තිය අභියෝග භාර ගැනීමට මේ අම්මා පසුබට වෙන්නේ නැහැ. ඇය මෙම උදාහරණය දෙනවා:

"ලංකා හොස්පිටල්හි සමාජ මාධ්‍ය  කළමණාකරු ලෙස සිටිය දී මම නිතර CD කැනොන් එකක් භාවිතා කර සෑම කැපි පෙනෙන අවස්ථාවක්ම ඡායාරූප ගත කල අතර ශල්‍යාගාර තුල සිදුකල ශල්‍යකර්ම සජීවිව පටිගත කලා.

මගේ මේසය වෙත පැමිණ ඒවා සංස්කරණය කර සියලුම මාධ්‍ය නාලිකා වෙත මුදා හැරියා. ආපසු හැරී බලන විට මගේ රැකියාව පෝෂණය කිරීමට තුඩුදුන් බොහෝ දේ රැකියාව කරන අතරම ඉගනීමට ඉඩ ලබා දෙමින් මාව විශ්වාස කල මගේ අධීක්ෂණ නිලධාරීන්ට මම ස්තුතිවන්ත වෙනවා."

පවුලෙන් ප්‍රබල ශක්තියක් ලැබේ නම්, කාන්තාවකට ඇය සිතන ඕනෑම දෙයක් කරන්න පුලුවන්.

මියුරු ජයවීර

ශක්තිමත් සහයෝගී පද්ධතියක වැදගත් කම

ශක්තිමත් සහයෝගී පද්ධතික් නොතිබෙන්නට මියුරුට ඇය කරන කිසිම දෙයක් කල නොහැකි වන්නට තිබුනා.

" මගේ දෙමාපියන් , සැමියා විසින් මා හා මගේ පුතුන්ගේ සංවර්ධනය පුරාම දැවැන්ත අසමසම සහයෝගිතා පද්ධතියක් පිහිටුවා තිබෙනවා. ආච්චි, සීයා, තාත්තා හා සැමියා ලෙස අපි ඉල්ලා සිටින ඕනෑම වේලාවක ඔවුන් ලබාදෙන ආදරය හා වගකීම් දැරීමේ සුදානම වෙනුවෙන් මට කවදාවත්ම ස්තුතිවන්ත වී අවසන් කරන්න බැහැ. " ඇය විස්තර කලා.

මියුරු ජයවීර

නිවැරදිව පුතුන් උස් මහත් කිරීම

"අනෙක් අයට ගෞරව කරන ( විශේෂයෙන් ගැහැණු පාර්ශ්වයට) මිනිස් ජීවත් ලෙස සංවේදී වීමට මගේ පුතුන් සදහා විවිධ ක්‍රම ආකෘතින් මම තෝරා ගත්තා.  ඔවුන්ගේ මව පිතෘමුලික සමාජය තුල නොගිලී ඉන්නට කරන අරගලයත් ඔවුන්ගේ මව දිනපතා මුහුණ දෙන අභියෝග ඔවුන් දකිනවා." ඇය පවසනවා.

"මම හිතනවා ලෝකයේ ක්‍රම ගැන ඔවුන්ට ඉගෙන ගත හැකි නිසා එය සෞඛ්‍ය සම්පන්න මෙන්ම අධ්‍යාපනික අත්දැකීමක්ද ඒ තුලින් ලැබෙනවා. කාන්තා ව්‍යුහය පිලිබඳ විද්‍යාත්මක හා සායනික ක්‍රම මෙන්ම බුදු දහමේ ඉගැන්වීම්ද මම ඔවුන්ට උගන්වනවා."

" ඇදුම් වලට යටින් ශරීරය කිසිසේත්ම සිත් ගන්නා සුළු නොමැති බව මස්, ලේ මෙන්ම ගෞරවය සෙනෙහස අයදින ගැහෙන හදවත් සියල්ලන්ටම තිබෙන බව මම ඔවුන්ට උගන්වනවා. ඔවුන් තවමත් ඉන්නේ නොමේරු වයසේ වුනත් පුදුමයකට මෙන් තවත් ඉගෙන ගැනීමට ඇති බව ඔවුන් දන්නවා.

මියුරු ජයවීර

සෙනෙහස, සංවේදිතාව, කරුණාව සහ තවත් බොහෝ දෑ තුලින් ඔවුන්ට සමාජ සුභ සාධන වැඩ වල නියැලෙන්න උගන්වන්න.

මේ යුගයේ දරුවන් දෙමාපියන් දරුවන්ගේ උපන්දින සාද වෙනුවෙන් අසීමිතව වියදම් කරනවා. ඇයගේ පුතුන්ගේ උපන්දින සාද සැමරීම සදහා වන මියුරුගේ ක්‍රමය ඇත්තෙන්ම ප්‍රබෝධමත්,

" මගේ පුතුන්ගේ උපන්දින මම උදෑසන හා සවස ලෙස කොටස් දෙකකට බෙදනවා. උදෑසන බොහෝ විට අපි මහ සංඝයාට දානයක් දීම හෝ ළමා නිවාසෙකට හෝ පිළිකා රෝහලට ආධාර ලබා දීමක් කරනවා. හවස් කාලය ඔවුන්ට ඔවුන්ගේ දරුවන් සමග ගත කරන්න ඉඩදෙනවා."

"ගංවතුරෙන් විපතට පත්වුවන්ට වියලි භාණ්ඩ මිලදී ගැනීම, වරප්‍රසාද ලැබිය යුතු ළමයින්ට පාසැල් පොත් බෙදා දීම අවශ්‍ය  වේලාවන් හිදි කරන සමාජ සුභසාධක කටයුතු මගින් මගේ ළමයින්ගේ ජීවිත වල විශාල වෙනසක් කරලා තියෙනවා.

ස්වභාවික විපත් හා මිනිසා විසින් නිර්මාණය කරනු ලබන විපත් රූපවාහිනි පුවත් වලින් දුටු විට පරිත්‍යාග නොකලේ නම් මොකද වෙන්නේ කියලා ඔවුන් සොයන්න පටන් ගන්නවා. "

මියුරුගේ ජනමාධ්‍ය වටපිටාව හා අධ්‍යාපන හා රැකියාව යන දෙකහිම වු විදේශීය නිරාවරණය නිසා ඇයගේ දරුවන් විදේශීය රටවල සංස්කෘතිය මෙන්ම එම රටවල් ගැන ඉගැන්වීමේ වැදගත් කම ඇය විශ්වාස කරනවා.  එමනිසා ඇය හා සැමියා සෑම වසරකම විදේශීය රටවලට පවුලේ චාරිකා යොදා ගන්නවා.

ඇයගේ වචනයෙන්ම මෙය දරුවන්ට උදව් කරනවා." හැකිතරම් ඔවුන්ව නිවසෙන් හා රටෙන් පිට ලෝකයට නිරාවරණය කරන්න."

පුතුන්ගේ මව්වරුනි මතක තබාගන්න.

ශාරිරික යෝග්‍යතාවයේ බලය.

සමහර බරපතල නිරෝගිකමේ ඉලක්ක මියුරු අපට ලබා දෙනවා. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට අමතරව මේ මව යෝගා වල නිරත වෙනවා.  ඇය පළමුව යෝගා වලට යොමු වුයේ කෙසේදැයි ඇය පවසනවා.

" අවුරුදු හතරකට පෙර යෝගා හදුන්වා දුන්නේ මගේ හොදම මිතුරියක් වන යසාරා, සමහර යෝගා ආසන වල නිතර නිරත වීමෙන් ඕනකෙනෙකුගේ උස අගලකින් වැඩි කරගන්න පුළුවන් කියලා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අඩි පහක් වු මගේ කුඩා සිරුරට අගල් දෙකක් උසක් වැඩි කරගන්න පුළුවන් කියන අරමුණක් නැවත ලැබුනා. මම ඒ වනවිට ටිකක් වුනත් දැනන් හිටියේ කාලයක් වුනත් කාලය ගතවන විට එය මගේ ජීවිතයේ කොටසක් වුනා. මම තාම උස වැඩි වීම බලා සිටින්නේ නැහැ!"

මව්වරුනි, පහත ප්‍රනායාම උදරයේ අනවශ්‍ය මේද ඉවත් කරන බව මියුරු පවසනවා.

www.instagram.com/p/BMLZymQBwfL/

මියුරුගේ යෝගා ආසන ගැන තවත් විස්තර

www.instagram.com/p/BK6VVJqjPCB/

පහත සර්වාංගාසන හා හලාසන යන සරල ක්‍රම දෙකක් මගින් මෙය පටන් ගනු ලබයි.

www.instagram.com/p/BK9yblZhHVL/

නමුත් මියුරුට නිරෝගිකමට වඩා බොහෝ දේවල් යෝගා නිසා ලැබෙනවා.

" යෝගා කියන්නේ නිරෝගී කමට පහසු ක්‍රමයක් පමණක් නොවේ. එය ආධ්‍යාත්මික බවට පාරක්ද වෙනවා. එහි ආශ්වාස ප්‍රශ්වාස කිරීම, භාවන කිරීම වැනි තාක්ෂණයන් තියෙනවා. අවුරුදු තුනක්  තිස්සේ  මම ඒවා ප්‍රගුණ කරමින් සිටින අතර එය මට සංසුන් බවට පත් වීමටත්, වඩාත් ඉවසිලිවන්ත වීමටත්, මම කරන සියල්ල අරමුණු කර ගැනීමටත් උපයෝගී වුනා" ඇය පවසනවා.

සීසේරියන් සැත්කම් දෙකක් නිසා ප්‍රතිඵලයක් වුන දීර්ඝ කාලීන කොන්ද කැක්කුම සමනය කරගැනීමට මෙය ඇයට පිටුවහලක් වුනා.

මව්වරුන්ට ආරම්භයට සුදුසු යෝගා ඉඟි

යෝගාචාර්ය ලලිත් විදානගමගේ ගේ උදව් ඇතිව උසස් යෝගීවරියක වීමට මියුරු උත්සහ දරමින් සිටින අතර දැනට ඇය අතර මැදි අවස්ථාවේ සිටින බව සැලකෙනවා.

බර අඩු කර ගැනීමට, කොන්දේ අමාරුවෙන් මිදිමට, නිරෝගී සමකට, නම්‍යශිලිතාවයට හා සමතුලනයට ඇයට ප්‍රතිඵල ලබා දුන් ක්‍රම ඇය බෙදා ගන්නවා.

යෝගා ආරම්භයට ඇය විසින් නිරත වුනු පහත ආසන මියුරු යෝජනා කරනවා.

සුර්යනමස්කාරය, පරීක්ෂාසන, නටරාජාසන, ධනුරාසන, සලම්භාසන, උට්ටාසන  හා නිතර භාවිතයට ප්‍රනායාම ( ආශ්වාස ප්‍රශ්වාස කිරීම හා භාවනා කිරීම වැනි තාක්ෂණය)

බර අඩු කර ගැනීම, කොන්දේ අමාරුවෙන් මිදීම, අධීක රුධීර පීඩනය, දියවැඩියාව, තයිරොයිඩ ගැටළු , කොලොස්ටරෝ පාලනය වැනි වාසි රුසක් ලැබෙනවා.

කොහොම නමුත් පළමුවරට යෝගා වල නිරතවන්නන්ට සුදුසුකම් ලද උපදේශකයෙක් වෙතට යාමත්, යු ටියුබ් හි ඇති විශාල ප්‍රමාණයක් වු යෝගා මුලින් ආරම්භ කිරීම සදහා වු විඩියෝ යා නිබන්ධන වල උදවි ඇතිව දෛනිකව නිවස තුල පැය භාගයක් පමණ පුහුණුවීම් කිරීම ඇය නිර්දේ්‍ය කරනවා.

සුර්යනමස්කාර යා චන්ද්‍රනමස්කාර යෝගා ආරම්භයට හොද ක්‍රමයක් බවත් ඇය පෙන්වා දෙනවා.

නුවනේ අවසන් ඇමතුම - ආසන සදහා ඔබ සර්වසම්පුර්ණ වීම අවශ්‍ය නොවන බවත් මතක තබා ගැනීම සහයක් වෙනවා. නිතර පුහුණු වන විට ඔබේ සිරුර ඒ සදහා අනුවර්තනය වන අතර ශරීරය සුදානම් වු විට ඔබට එය ක්‍රමවත්ව කල හැකි වේවි.

ඔබට මියුරිගේ යෝගා ක්‍රම Instagram හි @yogaemjay හරහා නරඹන්න පුළුවන්.

ඔබවත් බලාගන්න අමතක කරන්න එපා කියලා මියුරු  අනිත් මව්වරුන්ට කියනවා.

සියළුම මව්වරුන්ට ඇයගේ උපදේශය

මේ බහුකාර්ය, අතිදක්ෂ මවගෙන් අපි බොහෝ දේවල් ඉගෙන ගෙන තියෙනවා. නමුත් ඇයට ඔබට පවසන්න ඇති දේවල් ඉතා සරලයි.

"ඔබව නොසලකා හරින්න එපා. පවුල හා රාජකාරී (හෝ දෙකම) සම්බන්ධ කාරණා වෙත සම්පුර්ණ අවධානය යොමු කිරීමෙන් පසු ඔබව යථා තත්වයට පත් වීම සදහා ඔබගේම කාලයක් වෙන කර ගන්න."

ඇයගේ කථාව අප හා බෙදාගැනීම ගැන අපි මියුරුට ස්තුතිවන්ත වෙනවා.

ඔබත් ශ්‍රී ලාංකාවේ  සුපිරි මවක් ලෙස කැපී පෙනෙන්නට කැමති නම් හෝ ඔබ දන්නා විශේෂ දක්ෂතාවයක්  ඇති වෙනත් කෙනෙක් සිටියිද? අපේ ෆෙස් බුක පේප් එක හරහා මැසේජ් එකක් එවන්න.

මේ සුවිශේෂ අම්මාගේ කථාව ඔබට ගෙන ආවේ  TheAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී