මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

lead image

මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරන්නේ මෙහෙමයි.

කාන්තාවන්ගේ මුහුණේ හිසකෙස් සාමාන්‍ය නමුත් එය තරමක් කරදරකාරී මෙන්ම  ආකර්ෂණීය නොවන්නට පුලුවන් . මෙම රෝම ඉවත් කිරීමේ ක්‍රම මගින්  ඔබේ අනවශ්‍ය  රෝම ඉවත් කරන්න.

සාමාන්‍යයෙන්  ඔබේ උඩු තොල්වලට ඉහලින්  ටිකක් රෝම තිබීම  සාමාන්‍ය  දෙයක්. නමුත් ඔබ ඔබේ කුඩා රෝම ප්‍රමාණය  වදවෙනවා නම්, සමහරවිට ඔබේ මුහුණේ  රෝම ඉවත් කර ගැනීමට විවිධ ක්‍රම  අත්හදා බැලිය හැකිය. මුහුණේ රෝම ඉවත් කිරීම  වේදනාවෙන් පිරි බිය උපදවන සුළු දෙයක්  විය හැකිය.

ඔබට සුදුසු රෝම ඉවත් කිරීමේ ක්‍රමයක්  තෝරාගැනීමේදී එය අසීරු  විය යුතු නැත.

මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද? මෙන්න ඉතා ජනප්‍රිය හා කාර්යක්ෂම ක්‍රම

1. ලේසර්

රෝම වර්ධනය  අඩු කිරීම සඳහා ලේසර් ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් කටයුතු කරන අතර සහ රෝම වල ගුණාත්මකභාවය සහ ව්‍යුහය  වෙනස් වීම නිසා ඒ මගින් දීර්ඝකාලීන බලපෑමක් ඇත. කිහිප වතාවක් එසේ කිරීමෙන් නැවත වර්ධනය  වන රෝම තුනී හා සැහැල්ලු වේ.

ප්‍රතිකාර  සඳහා වැයවන මුදල් සහ සමේ නොසංසුන්තාවයක්  ඇති වීමේ අවදානමක් ඇත.

2. විදුලි ධාරාවකින් උපදවා ගන්නා තාපයෙන් රෝම මුල ඉවත් කිරීම

මෙය  ඉතාම ඵලදායී ක්‍රමයක් වේ. එහෙත් ඒ මගින්  එක් එක් රෝම සිදුරට ඉදිකටුවක් ඇතුල් කිරීම අවශ්‍ය  වන බැවින්  මෙම ක්‍රමය වේදනාකාරී විය හැක. මෙය ටිකක්  මිලෙන්  ඉහල  වන අතර, ලේසර් මෙන්ම නැවත  නැවත කිරීම  අවශ්‍ය  වේ.

3. ගැලවීම

වරක් ඔබ එක් රෝම කුපයක් බැගින් ඉවත්  කරන විට, ටුවිසරය භාවිතයෙන්  ගැලවීම සුදුසු  වේ.  ඇහි බැම  හා නිකට  වැනි  රෝම සුළු ප්‍රමාණයක් ඇති  ප්‍රදේශ වල රෝම ගැලවීම   වඩාත් සුදුසු වේ.  භාවිතයෙන් පසු  ටුවිසරය සබන් හා උණුසුම ජලයෙන්   පිරිසිදු කර වියළි ස්ථානයක ගබඩා කිරීමට වග බලාගන්න.

4. වැක්ස් කිරීම

සිසිල් හෝ උණුසුම් වැක්ස්  භාවිතා කිරීම ජනප්‍රිය ක්‍රමය වේ. කෙසේ වෙතත්, මෙය නිවසේදී හෝ වෘත්තිය පලපුරුද්දක් ඇති අයෙකු සමග සිදුකල හැකිය. මුහුණේ සම ( විශේෂයෙන් උඩුතොල්) සංවේදී වන අතර සම වැක්ස් වලට සංවේදී විය හැකි බැවින් එය සෑම කෙනෙකුටම සුදුසු නොවේ.

වැක්ස් කිරීම නිසි පරිදි සිදු නොකළ හොත්, රෝම ඇතුලතින් වර්ධනය    හේතු විය හැකි නිසා, ඒ සදහා  පිළිගත හැකි නිෂ්පාදනයක්  භාවිතය සුදුසු වේ.

5. ෂේවින්ග්

ෂේවින්ග් අනවශ්‍ය  රෝම ඉවත් කිරීමට පහසුම ක්‍රමයක්  විය හැකිය. නමුත් බොහෝ කාන්තාවන් තම මුහුණ  සදහා රේසර් භාවිතා නොකරයි.  ෂේව් කිරීමේදී රෝම නැවත ඝනව, අදුරු පැහැයෙන් යුක්තව වර්ධනය වන බවට විශ්වාසයක බොහොමයක් පසුවෙනවා. මෙය ආදි කාලයේ විශ්වාසයක් වේ.

ඔබ ෂේව් කරන   විට,  රෝමකූප තුල වල රෝමයන් අර්ධ වශයෙන් කැපෙන නිසා  එය වඩා රළු ගතියෙන් යුක්ත වේ. නමුත් එය ඝනකම් නොවේ. ඔබ ෂේව්  කිරීමට  අදහස්  කරන්නේ නම්,  සමේ එකම ප්‍රදේශය  කිහිප  වරක් නොකරන්න. ඒ මගින් සමට හානිවිය හැකිය.

තවද, ඔබේ  සමට ෂේව් කිරීමට   පෙර ඒ සදහා වු තෙල්  වර්ගයක්ද ෂේව් කිරීමෙන් පසු මොයිස්චරයිසින්  ක්‍රීම් එකක්ද භාවිතා කරන්න.

6. ත්‍රේඩින්

රෝම ගලවා දැමීමට ත්‍රේඩින් වලදී කොට්න් නුල් පොටවල් දෙකක්  භාවිතා කරයි. මෙම ක්‍රමය  ඇහි බැම, උඩුතොල් හා කම්මුල් වැනි ප්‍රදේ

ප්‍රදේශ සදහා  සුදුසු  වේ. ත්‍රේඩින්  ඔබටම කිරීම  අපහසු විය හැක, ඒ නිසා හොඳම ප්‍රතිඵල  සඳහා, වෘත්තිය සුදුසු කම් ලැබු පුද්ගලයෙකු හෝ ආයතනයක් වෙත යන්න.

7. අනවශ්‍ය රෝම ඉවත් කරන  ආලේපන

ආලේපන  භාවිතා කිරීම ඉතාම පහසුය. ඔබට අදාල ප්‍රදේශයේ ආලේපනය ආලේප කර රෝම ගලවා දමන්න පුළුවන්. කෙසේවෙතත්, වැක්ස් මෙන්ම, මෙයද සංවේදී සමේ අනවශ්‍ය  ප්‍රතික්‍රියා  ඇති කල හැකි බැවින්,  මෙය සෑම කෙනෙකුටම ක්‍රියා  නොකරයි. ඔබට රෝම ඉවත් කරන ආලේපන  භාවිතා කිරීමට  අවශ්‍ය  නම්, ඔබේ පිටි අල්ලේ හෝ ඔබේ වැලමිට ඇතුළත ආලේප කර පරීක්ෂා කර බලන්න. ඒ මගින්  කැසීමක්, වර්ණය වෙනස් වීමක් හෝ දැවිල්ලක් ඇතිවේ දැයි බලන්න .

ඔබේ අනවශ්‍ය රෝම ගැටළුවට මේ විසදුම් මල්ලම ඔබ වෙත ගෙන එන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී