theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

"මේ මොකද බබාගේ බර අඩු වෙලා"

4 අවම කියවීම
"මේ මොකද බබාගේ බර අඩු වෙලා""මේ මොකද බබාගේ බර අඩු වෙලා"

"මේ මොකද බබාගේ බර අඩු වෙලා?" කියනකොට කල යුත්තේ කුමක්ද? හරියට අහන කතාවක්, නේද? එක අම්මා කෙනෙක් ඇගේ කතාව ඔබට කියයි.

"මේ මොකද බබාගේ බර අඩු වෙලා"

පුංචි පුතුට කැස්ස හැදිලා බේත් ගේන්න ගිය විට පුතුගේ බර සටහන් පරීක්ෂා කල විශේෂඥ වෛද්‍යවරිය මගෙන්  ඇහුවා.

" අනේ මැඩම් පුතා කන්නේ නැහැ . බත් කටක් කටේ තියාගෙන පැය භාගයක් විතර ඉන්නවා. ඊට පස්සේ ඒක එලියට දානවා."

පුතාට කවන්න පැය ගණන් යුද්ධ කරලා වෙහෙසට පත්වෙලා හිටපු මම මගේ දුක් ගැනවිල්ල ඇයට ඉදිරිපත් කලා. වෛද්‍යවරිය මා දෙස මොහොතක් බලා හිටියා.

" දැන් මට කියන්න අම්මා ඔයා බබාට කවන්න මහන්සි වෙන්නේ මොනවාද කියලා." වෛද්‍යවරිය මගෙන් ඇහුවා.

" තුන් වේලම බත්, මම රසය වෙනස් කරලා දෙන්නේ. "

මමත් ඉතින් වීරයා වගේ  උත්තර දුන්නා. ඇයි දෙවියනේ උදේට එළවළු බත් , දවල්ට එයාලා කැමති එළවළු, රෑට කහ බත් මං මොනවාද නොහදන්නේ?

" ඒකනේ අම්මා තමයි වරද්ද ගෙන තියෙන්නේ , බබා බත් ආපහු දානවා කියන්නේ බබා බත් වල රසට කැමති නැහැ. බබා කන්න කැමති දේවල් තියෙනවා නේද?" වෛද්‍යවරිය මගෙන් ඇහුවා.

"අපෝ ඔව් මැඩම් , පාන් බනිස් හොදට කනවා. ඒත් ඒවා කාලා හරියනවාද?"

මම වහා උත්තර දුන්නා.

" කවුද එහෙම කියනනේ ? බබා ඒවා කනවා නම් ඒවා දෙන්න. පාන් , බනිස් බටර්, චීස්, බිත්තර , එළවළු එක්ක සමබර කරලා දෙන්න අම්මා දැනගන්න ඕනී," වෛද්‍යවරිය මට කිව්වා .

" ඒත් මැඩම් බබා බත් නොකෑවාට කමක් නැද්ද."

දරුවාගේ බර වැඩි කරගන්න

"මේ මොකද බබාගේ බර අඩු වෙලා?" කියනකොට කල යුත්තේ කුමක්ද?

මම හිටියේ තවම සැකෙන්.

" ඔන්න ආයෙත්, අම්මාට මම කියන දේ තේරීලා නෑනේ. ශ්‍රීලංකික අපේ ප්‍රධාන ආහාරය බත් නිසා තමයි අපි දරුවාට බත් දෙන්න පුරුදු වෙලා ඉන්නේ , හිතන්නකෝ බබා ඇන්ටක්ටිකාවේ ඉපදුනා කියලා. එයාට කන්න බත් තියෙනවාද. නැහැ . එතකොට එයා කන්නේ මස්.. දැන් බලන්න පාන් , බනිස් වලත් තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් , ඉතින් ඔයා ප්‍රෝටීන් , මේද, විටමින්, තන්තු,ඛනිජලවන වගේ පෝෂණය සමබර කරන්න උපායශීලී වෙන්න."

වෛද්‍යවරිය විස්තර කලා.

මේ මගේ ජීවිතයේ ඇත්තම අත්දැකීමක්,අනාදිමත් කාලයක් ඉදන් අම්මලා දරුවන්ට කෑම කවන්න විදින දුක නිමක් නැහැ . අතේ බත් වේලේනකම් බබා බත් කට කටේ තියාගෙන ඉන්න කොට අම්මා ඉවසීම සීමාවේ තියාගෙන ඉන්නේ බොහොම සීරුවෙන්, බබා කන්නේ නැහැ කියලා අම්මා මානසිකවත් විදින්නේ දුකක්, ඇත්තටම ප්‍රශ්නය කුමක්ද?

මේ මොකද බබාගේ බර අඩු වෙලා

"මේ මොකද බබාගේ බර අඩු වෙලා?" අපි දකින රාමුවෙන් ඔබ්බට...

ආසියාතික සම්භවයක් ඇති ශ්‍රීලාංකික අපේ ප්‍රධාන ආහාරය බත්, වී හොදින් වැවෙන කෘෂිකාර්මික රටක් වීම ඒකට එක හේතුවක් වන්න ඇති.

ගම්බදට වෙන්න තියෙන්නේ තුන් වේලම බත් කියන සංකල්පය, මේවා එක්ක ශ්‍රීලාංකික අපි හිතන්නේ බත් නැත්තම් වැඩක් නැහැ කියලා. ඔව් ඇත්ත මමත් ඔබත් එක්ක එකගයි.  බත් කියන්නේ පෝෂ්‍ය ගුණයෙන් යුතු අතිවිශිෂ්ට ආහාරයක් තමයි.

ඒත් දරුවා බත් වල රසයට කැමති නැත්තම් මොකද කරන්නේ ? බත් වල තියෙන කාබෝහයිඩ්‍රේට් නැතිනම් පිෂ්ටය කියන පදාර්ථය දරුවාට ලැබෙන දරුවාට ප්‍රිය වෙනත් ආහාර වලට අපිට යොමුවෙන්න පුලුවන්.

දරුවා පාන් , බනිස් කනවා නම් දරුවාට ඒ මගින් පිෂ්ටය ලබා ගන්න පුලුවන්. පාන්, බනිස් වල තියෙන තිරිඟු පිටි කියන්නේ පිෂ්ට ප්‍රභවයක්, මේ ආහාර වැඩෙන දරුවන්ට අහිතකර වෙන්නේ නැහැ .

දරුවාට පෝෂණය ලබා දෙන වගකීම අම්මා සතුවෙන්නේ ඒ දරුවා කුස පිලිසිද ගත් සොදුරු මොහොතේ ඉදලා දරුවා ඉපදිලා මාස හයක් වෙනතුරු මේ වගකීමේ බර අම්මාට දැනෙන්නේ නැහැ.

ඒ මොකද ඒ වෙනකම්ම අම්මා තම ලේ වලින් තමයි දරුවා පෝෂණය කරන්නේ. ඒත් දරුවාට ඉස්සෙල්ලාම ආහාර හදුන්වලා දුන්න දවසේ ඉදන් අම්මාට තියෙන්නේ නිමා නොවෙන යුද්ධයක්,  අම්මා කොච්චර වෙහෙසුනත් දරුවා කන්නේ නැහැ . දරුවාගේ බර අඩුවෙනවා. ඊටපස්සේ දරුවා ලෙඩ වෙනවා.

ආහාර ගැනීමට බල කිරීම

දරුවා ආහාර ප්‍රතික්ෂේප කරන්නේ  ඇයි?

  • දරුවාට කුසගිනි නොමැති වීම
  • දරුවා ඒ ආහාර රස ප්‍රිය නොකිරීම
  • දරුවා රෝගී වීම
  • ආහාර කවන්නා හෝ ආහාර කවන ස්ථානය ප්‍රිය නොවීම
  • දරුවාට නිදිමත වීම
  • අම්මා ආහාර ලබාදෙන ආකාරය ලබාගන්න අපහසු වීම
  • අම්මාගේ අවධානය ගන්න
  • මේ ඒ වගේ හේතු කිහිපයක් විතරයි. මේ වගේ තවත් පොදු හේතු මෙන්ම ඔබේ දරුවාට විශේෂි වු හේතු තියෙන්න පුළුවන්. මවක් වශයෙන් ඔබ පළමුවෙන්ම කල යුත්තේ ඒ හේතුව හදුනාගැනීමයි.

පුංචි උපක්‍රම කිහිපයක්

  • දරුවාගේ රුචි අරුචි කම් හදුනාගන්න. එක එක දරුවා ප්‍රිය කරන රසයන් දරුවා අනුව වෙනස් වෙනවා. ඔබ දරුවාට ආහාර ලබාදීමේදී එය හදුනාගන්න පුළුවන් .
  • දරුවාට ආහාර කවන ආකාරය , ස්ථානය ,ලබාදෙන සෙල්ලම් බඩු වෙනස් කරන්න . එවිට ඒකාකාරිත්වයට නැතිවී යයි.
  • පෝෂ්‍ය ගුණයෙන් අඩු නමුත් කුස පුරවන බිස්කට් , රසකැවිලි වැනි ආහාර සීමා කරන්න . ප්‍රධාන ආහාර වේලක් ආසන්නයේ කොහොමත් දෙන්න එපා.
  • දරුවාට නින්ද අවශ්‍ය නම් නින්ද පළමුව ලබා දෙන්න. දරුවාට නිදිමත නම් කොහොමත් ආහාර ගන්නේ නැහැ .
  • ආහාරයේ රසය වෙනස් කරන්න .
  • ආහාරය පිසින ආකාරය වෙනස් කරන්න ( උදා : බිත්තර - තම්බන්න, බදින්න, ඔම්ලට්, සැන්විච් පිරවුම)
  • දරුවා රෝගී නම් ඒ අවස්ථාව අනුව සුදුසු ආහාර ලබාදෙන්න.

මේ පුංචි උපක්‍රම කිහිපයක් විතරයි . ඔබ ඔබේ දරුවා වෙනුවෙන් ඔහුට අන්න්‍ය වු ක්‍රමයක් ආහාර ලබාදෙන්න යොදා ගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • "මේ මොකද බබාගේ බර අඩු වෙලා"
බෙදාගන්න :
  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

  • නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

    නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

  • නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

    නිවුන් බබාලා ලැබීමෙන් පසු මේ අම්මා මාස 9 කින් බර කිලෝ 25ක් අඩු කර ගෙන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it