theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රථ ගාලකදී පුංචි දරුවකු මෝටර් රථයේ ගැටී මා හද මොහොතකට නතර කළ බිහිසුණු අත්දැකීම

6 අවම කියවීම
රථ ගාලකදී පුංචි දරුවකු මෝටර් රථයේ ගැටී මා හද මොහොතකට නතර කළ බිහිසුණු අත්දැකීමරථ ගාලකදී පුංචි දරුවකු මෝටර් රථයේ ගැටී මා හද මොහොතකට නතර කළ බිහිසුණු අත්දැකීම

රථ පැදවීමේදී, මාර්ග නීති අනුගමනය කිරීමේදී, රථය තුළ ගමන් කරන්නාගේ ආදී ආරක්ෂාව පිලිබඳ කරුණු ගැන අපි යම් තාක් දුරට දැනුවත්. නමුත් රථ ගාල් කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කාරණා ගැන ඔබ දැනුවත්ද?

අපි මෝටර් රථ ආරක්ෂාව ගැන හුඟක් සිතනවා නේද? අද මම ඔබට කියන්න යන කතාව මෝටර් රථ ආරක්ෂාව ගැන ඔබ නොසිතූ පතිකඩයක් ගැනයි. එය ළමා ආරක්ෂාව ගැන ඔබ නොසිතන දෙයක් ගැනයි.

එය රටේ සුප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයක විශාල මෙන්ම කාර්යබහුල රථ ගාලක්. මට එය තවත් සුපුරුදු ලෙස කලබලකාරී දවසක්. මෙම සාප්පු සංකීර්ණයේ නැටුම් පන්තියකට සහභාගී වෙමින් සිටි මගේ දූව පන්තියෙන් ගන්නට, මා රථ ගාලේ වාහනය පැදවූයේ රථය නවත්වන්නට ඉඩක් සොයමින්.

මෝටර් රථ ආරක්ෂාව හා ළමා ආරක්ෂාව ගැන ඔබ නොසිතූ පතිකඩයක්

මෙය සිදුවූයේ අරාබිකරයේ රටකදී. රථ ගාල අතර මං තීරු විශාල ඉඩකඩ සහිත ඒවා. මේ නිසා ඇතැම් රියැදුරන් මහපාරේ මෙන් වේගවත්ව වාහනය දාවනය කිරීමටත් පුරුදුව සිටියා.

මගේ රථයත් සාමාන්‍ය වේගයකින් ධාවනය කරමින් සිටි අතර මගේ වම් පස වාහන අතුරින් මහත් වේගයෙන් ලොකු බෝලයක් වැන්නක් වාහනය දෙසට එනු මා දුටුවා.

එක් වරම ඒ හයියෙන් දුවමින් සිටි පොඩි දරුවෙක් නේදැයි මට තේරුම් ගියත් මට එය සැනින් නොපෙනී ගිය අතර මහත් ශබ්දයකින් එය මගේ වාහනයේ ගැටෙනු දැනුනා.

මෙවෙලේ මට ඇති වූ හැඟීම් සමුදාය මට වචන වලින් විස්තර කරන්නට අපහසුයි. එක් වරම වාහනය මා නැවැත්වුවත්, මෙම දරුවා කොහිද?

එක් වරම සද්ද නැති වුයේ ඇයි? මගේ රෝදයට යට වුනාද? මම වාහනය තව අඟල් කිහිපයක් ඉදිරියට ගත්තේ දරුවා රෝදය යට නම් මුදා හැරේවි නේද යැයි විකාර හැඟුම් අතර අතරමං වෙමින්.

මගේ ඇඟට පන තිබුනේ නැහැ. මුළු ඇඟම ගැහෙමින් මම වහනයෙන් බැස ගත්තේ කුමක් බලාපොරොත්තු වෙන්නදැයි නොදැන. මිනිසුන් වට කරන් හිටියා.

හඬමින් සිටි පුංචි දරුවාගේ දණහිසෙන් පහල මුළු හමේම ලේ. මට මොකුත් හිතාගන්නට බැරි වුනත් දරුවාගේ තාත්තා සෙනග අතරින් දරුවා දෙසට දුව ආවේ එවිටයි. තාත්තා හනික දරුවා වඩාගෙන මට බැන වදින්නට පටන්ගත්තා.

මට මොකුත් තේරුනේ නැත්තේ දරුවා යහතින් සිටීම ගැන සතුටක් දැනුනු නිසා. මම දරුවා ළඟට ගොස් ඔහු අස්වසලන්නට උත්සහ කලවිට මට එම පියා යලිත් බැන වදින්නට ගත්තා.   

මාගේ ස්වාමිපුරුෂයාට මා ඇමතුමක් දී සිදුවූ දෙය කියා හඬා වැටුණු අතර ඒ වන විට පොලීසියෙන් විත් මා ප්‍රශ්න කරන්නට පටන් ගත්තා. මගේ රියදුරු බලපත්‍රය ඉල්ලු විට මගේ ගැහෙන ඇත වලින් තුන් හතර පාරක්ම මගේ පසුම්බිය බිම වැටුනා.

අරාබිකරයේ පොලීසිය ගැනත් නීතිය ගැනත් තිබු අප්‍රමාණ බිය නිසා මා සිටියේ වචන වලින් කියන්නට බැරි තරමට භිරාන්ත වී. නමුත් මා අස්වසාලු පොලිස් නිලධාරියා මගෙනුත් අවට සිටින්නන්ගේනුත් ලබාගත් විස්තර අනුව තත්පර කිහිපයක් ඇතුලත් සටහන් සහ සිද්ධියේ රූපසටහනක්  නිර්මාණය කරගත්තා.

එම රූපසටහන මා මවිත කළා. දරුවා හා රථය යන දෙකම චලනය වන විට රියදුරු වන මා හට දරුවා දිස්වන අයුරු සටහන් වුනා. රථවාහන පොලිස්  කොස්ථාපල්වරයත් කෙතරම් දක්ෂදැයි මට සිතුනා.

 

රථ ගාලේ එහෙන් මෙහෙන් මතු වූ පිරිස් මට දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. මදක් විශාල වාහනයකින් බැස ආ පුද්ගලයෙක් කොස්තාපල්වරයාට පැවසුයේ තමා මුළු සිද්ධියම ඇසින් දුටු බවත්, එම දරුවා හා පියා පයින් යමින් සිටි අතර පියා දරුවා අල්ලාගෙන නොසිටි බවත් වයස අවුරුදු 2ක් වූ දරුවා රථයේ ගැටී මිනිසුන් කෑ කෝ ගසනකල් පියා කිසිවක් නොදැන සිටි බවත්ය.

කුඩා දරුවාව ගිලන්රථයේ  ගෙන යනු මා දුටු අතර පොලිස් වාහනයේ මාවත් පොලිසියට ගෙන යනු ලැබුවා.

පොලිසිය තුළ ගෙවී ගිය දවස කාලාන්තරයක් සේ හැඟුනා. දරුවාගේ සම මුළුමනින්ම සීරී තිබු අතර දරුවාට වෙනත් අනතුරක් නැති බවත් අසන්නට ලැබුනා.

සියල්ල හොඳ අතට හැරෙන සෙයක් දැනුන මුත් නොදන්නා දේශයක, දන්නා හඳුනන කිසිවෙක් නැති මොහොතක, නීතිය ඉතා තදින් ක්‍රියාත්මක වන රටක, මා බන්දනාගත් කිරීමට හෝ මුදාහැරීමට නිගමනයක්  දෙන තුරු මට බලා සිටින්නට සිදු වුනා.

හොරා අටකට පමණ පසු පොලීසියේ උසස් නිලධාරියෙක් මා ප්‍රශ්ණ කරන්නට පටන් ගත්තා. දැඩි ගතියකින් ඔහු ඇසු සියලු ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. අනතුරුව දරුණු පෙනුමක් ඇති ඔහුගේ තියුණු දෑස් මා වෙත යොමා සිටිද්දී මගේ මනසේ ඇඳුනේ මොහොතකින් මට මාංචු ලා මා බන්ධනාගත කරනට ඔහු නියෝග කරන ආකාරයයි.

බියෙන් තැති ගත් මගේ හිස කරකැවෙමින් කලාන්තයක් එන ලෙස හැඟුනත්, මා තව මොහොතක් ඔහුගේ තීව්ර දෑස් දෙස නෙතු යොමා සිටියා. ඇසි පිල්ලමක් ගැසූ ඔහු කටහඬ අවදි කළා.

“ඔබේ දෙවියන්ට ස්තෝත්‍ර කරන්න. එම දරුවා රැක ගැනීමට දෙවියන් ඔබ එතැනට යැවුවා. ඔබට දැන් යන්නට පුළුවන්!” කියා ක්ෂණයකින් එම රෞද්‍ර පෙනුම මෘදු සිනහවකට පෙරලුනා.  

මේ අත්දැකීමෙන් මා කොපමණ සසල වුවත්, ඉන් මගේ ගමන මන්දගාමී කරනවා වෙනුවට, තව දසදහසක් මාපියන් දැනුවත් කොට ජිවිත ගණනක් බේරාගැනීමේ මෙවලමක් ලෙස යොදාගන්නට අධිටන් කල මාගේ කථාව ඔබ වෙත දිග හරින්නේ ඒ නිසයි.

ඉතින් රථ පැදවීමේදී, මාර්ග නීති අනුගමනය කිරීමේදී, රථය තුළ ගමන් කරන්නාගේ ආදී ආරක්ෂාව පිලිබඳ කරුණු ගැන අපි යම් තාක් දුරට දැනුවත්. නමුත් රථ ගාල් කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කාරණා ගැන ඔබ දැනුවත්ද?

මෝටර් රථ ආරක්ෂාව හා ළමා ආරක්ෂාව

මෝටර් රථ ආරක්ෂාව හා ළමා ආරක්ෂාව

මෝටර් රථ ආරක්ෂාව හා ළමා ආරක්ෂාව: රථ ගාල් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

1. නිවසේදී හෝ වෙනත් තැනකදී රථ ගාල් කිරීම හදිසියේ කරන්නට එපා

වාහනය ගාල් කිරීමේදී හෝ රථ ගාලක වාහනය පැදවීමේදී හැකි තරම් සෙමින් ධාවනය කල යුතුයි. දරුවකු හෝ සතෙකු හෝ හදිසියේ මතු විය හැක්කේ කිසිඳු අනතුරු ඇඟවීමක් නැතිවයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 

2. නිරන්තරයෙන් සුපරික්ෂාකාරී වීම

රථ ගාලකින් ඔබේ වාහනය ඉවතට ගන්නා විට පුරුද්දක් ලෙස වාහනය වටේ පොඩි රවුමක් යන්න. වාහනයට යම් හානියක් සිදු වී ඇත්දැයි ඔබට බලාගන්නට හැකි අතර අවට වාහනය ළඟ දරුවකු හෝ සතෙකු ගැවසේ දැයි විපරම් කිරීමෙන් ඔබට කිසිඳු අඩුපාඩුවක් වන්නේ නැහැ.   

3. රථ ගාලකදී වාහනය සෙමින් පදවන්න

ඉහත කී මාගේ පුද්ගලික අත්දැකීමෙන් පසු මා සැම විටකම රථ ගාල් වලදී විශේෂයෙන්ම වඩාත් සුපරික්ෂාකාරී වූයේ කොයි මොහොතේ හෝ වාහන අතුරින් දරුවකු මතු වියහැකි බැවිනි.

4. වාහනය ගාල් කරන ස්ථානයේ හරි මැද්දෙන්, නිවැරදි ලෙස ගාල් කරන්න

රථ ගාලක නියමිත ලෙස ගාල් කරන ස්ථානය හරි මැදට වන්නට ගාල් කිරීමෙන් අපේ හැදියාව, හික්මීම අද්දිය හුවා දැක්වෙන්නේ ඉන් අනෙක් යට බාධාවක්  නොවන ලෙස අප වාහනය ගාල්  කරන බැවිනි.

5. රෝද කෙලින් තිබෙන පරිදි වාහනය ගාල් කරන්න

වාහනය ගාල් කිරීමේදී නිතරම රෝද කෙලින් සිටින සේ ගාල් කරන්න. පහත රුපයේ පරිදි, ඇද වූ රෝද අතරට දරුවෙකුට පහසුවෙන් රිංගා නොපෙනී යන්නට පුළුවන්. වාසනාවකට පහත රුපයේ සිටින දරුවාව ඔහුගේ මව අහම්බෙන් දුටු නිසා අනතුරක් සිදු වූයේ  නැහැ. නමුත් සැම විටම රෝද කෙලින් සිටින සේ රථය නවත්වන්නට හෝ ගාල් කරන්නට අමතක කරන්න එපා!

 

6.මෝටර් රථ ආරක්ෂාව හා ළමා ආරක්ෂාව: දරුවාට ආරක්ෂා වන ආකාර ගැන කුඩා කල සිටම කියා දෙන්න

රථ ගාලකදී හෝ මහ පාරේදී, මග දෙපස හෝ නවත්වා ඇති වාහන අසලින් ගමන් කිරීමේදී ප්‍රවේසම් වන ආකාර ගැන දරුවා දැනුවත් කරන්න. රථයක් නවත්වා ඇති ඕනෑම අවස්ථාවක සැනකින් වාහනය චලනය විය හැකි බව කියා දිය යුතුයි.

විශේෂයෙන්ම වාහනය පිටුපසින් සිටින විට එහි විදුලි බුබුළු දැල්වේ නම් එම වාහනය මග හරිය ලෙසත්, ඉදිරිපසින් සිටින විට රියදුරා තමා දකින තුරු එය පසු නොකරන්නටත් කියා දිය යුතුයි.

මගේ අත්දැකීමෙන් ඔබ යමක් උගත්තා නම් එය මගේ පැතුමයි. මේ ක්‍රියා මාර්ග පිළිපදින අතර ඔබ දරුවෙකු සමඟ මහා මග හෝ රථ ගාලක ඇවිදින්නේ නම් කිසි විටෙකත් දරුවාගේ අත හරින්නට එපා! මෙවන් ගති පැවතුම් ප්‍රගුණ කිරීමෙන් අරක්ෂාචාරී සමාජයක් බිහිකරන්නට අපට අනිවාර්යයෙන්ම හැකියාවක් ලැබෙනවා.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • රථ ගාලකදී පුංචි දරුවකු මෝටර් රථයේ ගැටී මා හද මොහොතකට නතර කළ බිහිසුණු අත්දැකීම
බෙදාගන්න :
  • සෙල්ලම් කාරයේ නැගී  මහ පාරට ගිය දඟකාරයා

    සෙල්ලම් කාරයේ නැගී මහ පාරට ගිය දඟකාරයා

  • මවගේ නොසැලකිල්ලෙන් මෝටර් රථය තුල අවසන් ගමන් ගිය ළදරු සහෝදරියෝ

    මවගේ නොසැලකිල්ලෙන් මෝටර් රථය තුල අවසන් ගමන් ගිය ළදරු සහෝදරියෝ

  • සෙල්ලම් කාරයේ නැගී  මහ පාරට ගිය දඟකාරයා

    සෙල්ලම් කාරයේ නැගී මහ පාරට ගිය දඟකාරයා

  • මවගේ නොසැලකිල්ලෙන් මෝටර් රථය තුල අවසන් ගමන් ගිය ළදරු සහෝදරියෝ

    මවගේ නොසැලකිල්ලෙන් මෝටර් රථය තුල අවසන් ගමන් ගිය ළදරු සහෝදරියෝ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it