theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මවක්, ගෘහනියක් මෙන්ම අද්විතීය කලාකාරිනියක් වන යසෝදරා පථන්ජලී

6 අවම කියවීම
මවක්, ගෘහනියක් මෙන්ම අද්විතීය කලාකාරිනියක් වන යසෝදරා පථන්ජලීමවක්, ගෘහනියක් මෙන්ම අද්විතීය කලාකාරිනියක් වන යසෝදරා පථන්ජලී

මවක්, ගෘහනියක් මෙන්ම කලාකාරිනියක් හා ලේඛිකාවක් වන අප රටේ සැඟවුණු මැණිකක් ඔපමට්ටම් වී දීප්තිය විහිදුවන වගයි! මේ යසෝදරා පථන්ජලී මහත්මියගෙන් විහිදෙන රැස් බිඳක් ගැනයි!

පාඨක ඔබව දැනුමෙන් සහ නවතම පුවත් වලින් පෝෂණය කරන අප, TheAsianParent Sri Lanka තුළින් කලින් කලට දිවයිනේ වෙසෙන දිරිය මව්වරුන් හඳුන්වා දෙන්නෙත් මහත් අභිමානයෙන්. අදත් ඔබට හඳුන්වා දෙන්නට යන්නේ අප සොයාගත් සැඟවුණු මැණිකක් වන් වූ  යසෝදරා පථන්ජලී මහත්මියයි.

ඇය හා එක්ව අප යෙදුනු පිළිසඳරකදී කුසලතාපූර්ව කාන්තාවක් ලෙස භූමිකාවන් රැසක් එක්වර කළමනාකරණය කරගන්නා  අකාරය ගැන අප හා කල විස්තරය අපගේ පාඨක කාන්තාවන් වන ඔබ සැමට මහත් ආදර්ශයක් වේයැයි අප විශ්වාස කරමු.

1. යසෝදරා, මවක් මෙන්ම කලාකාරිනියක් හා ලේඛිකාවක් ලෙස අපට ඔබ ගැන හැඳින්වීමක් කරන්න පුලුවන්ද?

මම යසෝදරා පථන්ජලී. මම දූවරුන් දෙදෙනෙකුගේ මවක්. අනුරාධාට වයස්ස අවුරුදු 7යි. ඉන්දුමතීට වයස අවුරුදු තුනහමාරයි. ඒ දෙන්නගේ අධ්‍යාපනය කෙරෙන්නේ ගෙදරමයි. ඔවුන් පාසල් යන්නේ නැහැ.

ඒ වගේම මම චිත්‍ර ශිල්පිනියක්. කලාරනියක් ලෙස මම එක මාධ්‍යකට සිමා වෙලා නැහැ. ලීයේ , බිත්තියේ, කොළ මත, මැටි මත, සිමෙන්තියේ වැනි ඕනෑම මාධ්‍යක් මත මම කළා නිර්මාණ බිහි කරනවා.

එවන් විවිධ මාධ්යයන් ගැන තවත් අත්හදා බැලීම් සහ නව නිර්මාණ කිරීම මගේ බලාපොරොත්තුවයි.

2. සාමාන්‍ය සමාජීය රාමුවකට කොටු නොවී කටයුතු කරන මවක් ලෙස, දරුවන් ලොකු මහත් කිරීමේදී, දෙමාපියන් අනුගමනය කරන ක්‍රමවේද ගැන ඔබේ අදහස් මොනවාද?

මගේ දූවරුන් දෙදෙනාව මම ලොකු මහත් කරන්නේ සම්ප්‍රදායික ක්‍රමයට නොවේ. ඔවුන් පාසැල් නොයන අතර සම්පුර්ණ අධ්‍යාපනය ලබන්නේ නිවසේ සිටමයි. ඉදිරි අනාගතයේදීත් ඔවුන්ව පාසැල් යවන්නට මා බලාපොරොත්තු නොවන අතර දිගටම අධ්‍යාපන කටයුතු නිවසේදීම කරගෙන යාමට බලාපොරොත්තු වනවා.

පාසැල් නොයන මුත් විවිධ කළා කටයුතු ඉගෙන ගැනීමට ඔවුන් සංගීතය, නැටුම්, ක්‍රීඩා සහ දහම් පාසැල් වැනි අමතර ක්‍රියාකාරකම් සඳහා අදාළ පන්ති වලට සහභාගී වනවා. වෙනත් දරුවන්ගේ ආශ්‍රය සහ පිටස්තරයින් සමඟ ගැටීම සඳහා ආදිය මෙලෙස එම පන්ති වලට ඔවුන් සහභාගී වීම වැදගත් යැයි මා සිතනවා.

දෙමාපියන් අනුගමනය කරන සාම්ප්‍රදායික ක්‍රම වලින් මට බියක් මුසු කණගාටුවක් ඇති වන කරුණක් වන්නේ දරුවන්ට අහාරයට දෙන දේවල් ගැනයි. කිරි පැකට්, යෝගට්, පිටි කිරි විශාල ප්‍රමාණයක්, බිස්කට් යනාදී ඉතාමත්ම අගුණ අහාර දරුවන් දවස පුරාම අහාරයට ගන්නවා දක්නට ලැබීම ලංකාවේ සුලභ දසුනක් වනවා.  මේවායේ බහුල රස කාරක, සීනි ඇතුළු රසායනික ද්‍රව්‍ය නිසා දරුවන්ට බොහෝ අහිතකර බලපෑම් ඇති වනවා. මෙය මහත් වේදනාවක් ගෙන දෙන්නේ ලංකාවේ බහුලව පැතිරෙන දියවැඩියාව වැනි රෝග වසර විසි ගණන් වල තරුණ තරුණියන් අතර පමණක් නොව, පාසල් දරු දැරියන් අතරද පැතිරෙන නිසයි.

මෙම අගුණ අහාර අහාරයට ගැනීම දරුවෙකුගේ සාමාන්‍ය ජිවන රටාවට අන්තර්ගත වී තිබීම භයානක තත්වයක්.

ඊට අමතරව නොයෙකුත් විදුලි උපාංග භාවිතයට යොමු වී තිබීමත් භයානක තත්වයක්.

ඉතින් දෙමාපියන්ට වඩා අවබෝධයකින් හා මේ අහිතකර බලපෑම් ගැන මනා දැනුවත් වීමක් ඇතිව දරුවන් ඇති දැඩි කිරීමෙන් මෙම තත්ව යම් තාක් හෝ දුරකට වලක්වා ගන්නට හැකි  වේයැයි මා විශ්වාස කරනවා.

3. මව්පදවියත් සමඟ, ලංකාවේ මව්වරුන් බොහෝ විට මවකගේ සිමාවේ රැඳී සිටිනවා. මාතෘත්වයේ සිමාවන් වලින් ඔබ්බට ගිය මවක් ලෙස ඔබගේ අත්දැකීම් තුළින් දිව හැකි පණිවුඩය කුමක්ද?

අපගේ අත්දැකීම් තුලින් අප දන්නා කරුණක් නම් අප එක් එක්කෙනා යා යුතු ගමන් මගක් අපටම තිබෙනවා. සම්ප්‍රදායක් ලෙස ශිල්ප ඉගෙනගෙන, විවාහ වී, දරු මල්ලන් හදා වඩාගෙන මේ ජිවිත ගමන සාම්ප්‍රදායි රැල්ලක් තුල ගෙවී යනවා.

මේ ජිවිත ගමනේදී අපගේ හැකියාවන් සහ ජිවිතයට ආස්වාදයක් ගෙන දුන් දේවල් මේ ජිවිත ගමන තුල දී මග හැරෙන බවක් පෙනෙන්ට තිබෙනවා. විශේෂයෙන්ම මව්වරුන් ගත් කල තම දරු මල්ලන් වෙනුවෙන් තමන්ගේ සියලුම අසාවන්, කුසලතා සියල්ලක්ම කැප කොට සම්පුර්ණයෙන්ම ගේදොර වැඩට පමණක් ජීවිතය ක්ෂය කරන සෙයක් දක්නට ලැබෙනවා.

මෙය මම දකින්නේ මව්වරුන් අවාසනාවන්ත ලෙස තම ජිවිත සීමා කරගන්නා සෙයක් ලෙසයි. කෙනෙකුගේ ගමන එසේ රැල්ලකට සීමා කිරීමට අවශ්‍ය නැහැ. උත්සාහ කළහොත්, කාලය නිසි ලෙස කළමනාකරණය කරගතහොත්, තමන්ගේ කුසලතාවන් ප්‍රගුණ කරමින්, ඒවායින් ප්‍රයෝජන ගනිමින්, රසාස්වාදයක් ලබා ගනිමින් දරුවන් ලොකු මහත් කරන්නට හැකි බව මා තරයේ විශ්වාස කරනවා.

නිදසුනක් ලෙස මම රුපවාහිණිය නරඹන්නේ නැහැ. පසුගිය වසර පුරාවටම මා නිවාස තුළ රුපවාහිණිය නරඹා නැහැ. එයින් මගේ කළා කටයුතු සඳහා විශාල කාලයක් සොයාගන්නට මට හැකි වනවා.

4. නූතන සමාජයේ නොයෙකුත් තාක්ෂණික උපාංග නිසා දරුවන්ගේ අවධානය, ජීවිත අරමුණු හා ඉලක්ක කරා යාමේ අභියෝග රැසක් පවතිනවා. දෙමාපියන්ට මේවා සාර්ථකව කළමනාකරණය කල හැක්කේ කෙසේද?

පසුගිය දශකයේ තාක්ෂනය අප ජිවිත වල විශාල වෙනසක් කර තිබෙනවා. මට පුද්ගලිකව පවා මගේ කාර්යක්‍ෂමතාව වැඩි කරගැනීමට තාක්ෂණය බොහෝ ඉවහල් වී තිබෙනවා.

නමුත් දරුවන්ගේ පැත්තෙන් මෙය ඔවුනට සුභදායි නොවන දෙයක් බව විද්යාඥයන් පවා පෙන්වා දී තිබෙනවා. තාක්ෂණික තිර දෙස විනාඩි පහක් වැනි කාලයක් බලා සිටීමෙන් දරුවාගේ නින්දට පැයක් හෝ දෙකක් පමණ බාධා ඇති වන බව සොයාගෙන තිබෙනවා.

බොහෝ දෙමාපියන් පවා යූ ටියුබ් තුලින් දරුවන් හට යම් යම් දේ උගන්වන්නට පෙළඹුනත් මේ සියල්ලම පත පොතෙන් හා අවට පරිසරයෙන් පවා උගත් හැකි දේවල්. මේ නිසා අලස නොවී දෙමාපියන් වන අපත් දරුවන් එම තාක්ෂණ මෙවලම් වලින් මුදාඅ ගැනීමට කටයුතු කල යුතු කාලය එළඹ තිබෙනවා.

5. ඔබේ දරුවන්, ගෙදර සහ වෘත්තීය සමබරව පවත්වාගෙන යාමේදී මුහුණ දෙන්නට සිදුවන අභියෝග මොනවාද?

ගෙදර වැඩ, ළමයින්ගේ අධ්‍යාපන කටයුතු, කළා කටයුතු, පන්ති යාම්, ක්ෂේත්‍රයේ අය සමඟ නොයෙක් රැස්වීම් ආදිය කළමනාකරණය කරගැනීමට මා දින පොතක් පවත්වාගෙන යනවා. සතියක සැලැස්මක් සදා ගැනිමටත්, සැලැස්මේ ඇතිවිය හැකි වෙනස්කම් වලට කලබල නොවී ප්‍රවේසමෙන් ඒවාට අනුගත් වීමත් වැදගත්.

දරුවන් පස්වරු 7.30ට නින්දට ගිය පසු රාත්‍රී 11 පමණ වනතුරු මගේ කළා කටයුතු කරගෙන යනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ඉතාම වැදගත් වන අතර ඉන් තෘප්තියක් ලැබීම ඊටත් වඩා වැදගත් යන්න  මගේ අදහසයි.

6. ඔබ මෙතෙක් ආ මාවත ගැන ඔබ කියන්නට කැමති මොනවාද?

මගේ ගමන ගැන හැරී බැලූ විට මටම ඇතැම් විට පුදුමයි. මා එංගලන්තයේ ඉපිද, එහි අධ්‍යාපනය ලබා, නොයෙකුත් රැකියා කර පසුගිය වසර තුනේ අභියෝ රැසකට මුහුණ දී දැන් ලංකාවට විත් මාස දහයක් පමණ වනවා.

එක අතකින් මා වාසනාවන්ත බව සිතෙන මුත් මේ අවස්ථා හඳුනාගෙන මාගේ ඉලක්ක වෙත  ලඟා වන්නට මා දැරූ අසාහය උත්සාහයේ මේ ප්‍රතිපල මට ගෙනෙන්නේ නිහතමානි අභිමානයක් සහ සතුටක්.

7. ඔබගේ කලා නිර්මාණ දැක බලාගන්නට, රසවිඳින්නට හැක්කේ කෙසේද?

මේ වසරේ දැනට ප්‍රදර්ශන දෙකකට සහභාගී වී තිබෙනවා. මේ වසරේ ජනවාරි මාසයේ තිබු ගාලු සාහිත්‍ය සංදර්ශනයට මාගේ තනි නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්වුණු අතර පසුගිය මාසයේ කොළඹ නගරයේ කළා කරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පවතී Colomboscope 2017 ප්‍රදර්ශනයටද සම්බන්ධ වුනා.

මවක්, ගෘහනියක් මෙන්ම අද්විතීය කලාකාරිනියක් වන යසෝදරා පථන්ජලී

මවක්, ගෘහනියක් මෙන්ම අද්විතීය කලාකාරිනියක් වන යසෝදරා පථන්ජලී

මීට අමතරව මගේ ෆේස්බුක් පිටුව හරහා රසික රසිකාවන්ට මගේ නිර්මාණ රස විඳිය හැකි අතර මා නිර්මාණය කල ළමා කතා පොත රට පුරා ඕනෑම M. D. ගුණසේන පොත්හල් වලින් ලබා ගන්නට පුළුවන්. මෙහි කතාව ඇතුළු චිත්‍රද මා අතින් නිර්මාණය වීම විශේෂයක්.

යසෝදරා පථන්ජලී

මේ වසරේ නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත තවත් ප්‍රදර්ශනයකට සුදානම් වෙමින් සිටින අතර විලාසිතා නිර්මාණ කිහිපයකටද දායක වෙමින් සිටිනවා.

8. නුතන සමාජීයේ රැල්ලට හසුව සිටින දරු පරපුරකගේ දෙමාපියන් හට දිව හැකි විශේෂ පණිවුඩයක් තිබෙනවාද?

මගේ අදහස අනුව සමාජ රැල්ලට පුද්ගලිකව මා අනුමත කරන්නේ නැති දෙයක්. මෙම සමාජ රැල්ල තුලින් අපට හොඳක් වන්නේ යයි මම විශ්වාස කරන්නේ නැත්තේ ඒ තුළින් අප ජිවිත වලට දරාගත් නොහැකි තරම් බලපෑම් ඇති වන්නට පුළුවන් නිසායි.

මේ නිසා මේ රැල්ල සමඟ ඉදිරියට යාමට මගේ අදහසක් නැහැ. සමාජයේ මත්මතාන්තර අපට සම විටම ගැලපෙන්නේ නැහැ.

නිදසුනක් ලෙස අහාර ගත්තොත්, අන්තර්ජාලයේ සහ සමාජ ජාල වල බොහෝ දුරට ගුණදායි අහාර ලෙස දැක්වෙන්නේ පෙරදිග එළවලු පලතුරු වර්ග. මේ නිසා ලංකාවේ තම නිවසේම ගෙවත්තේ වැවෙන එළවලු පලතුරු වල ගුණ වරුණ ගැන බොහෝ දෙනා දන්නේ නැහැ. මෙය රැල්ලට හසු වී යාම හුවා දැක්විය හැකි හොඳ උදාහරණයක්.

මදකට නැවතී තමාගේ බුද්ධියට අනුව වැඩ කිරීම වැදගත්.

රසවත්ය පිළිසඳරක් තුළ අපව දැනුමෙන්, නිර්මාණශීලි සහ නැවුම් අදහස් වලින් පිනවූ යසෝදරා පථන්ජලී මහත්මිය වෙත TheASianParent වෙනුවෙන් අපගේ ආදර ස්තුතිය!

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ජීවන රටා
  • /
  • මවක්, ගෘහනියක් මෙන්ම අද්විතීය කලාකාරිනියක් වන යසෝදරා පථන්ජලී
බෙදාගන්න :
  • සුන්දර කාජල් සිය සැමියා වන අජේ දෙව්ගන් ගැන හෙළි කල රහසක්

    සුන්දර කාජල් සිය සැමියා වන අජේ දෙව්ගන් ගැන හෙළි කල රහසක්

  • නිවසේ මුදල් කළමනාකරණය තුළින් පොහොසත් ගෘහනියක් වෙන්න ඔබටත් පුළුවන්

    නිවසේ මුදල් කළමනාකරණය තුළින් පොහොසත් ගෘහනියක් වෙන්න ඔබටත් පුළුවන්

  • සුන්දර කාජල් සිය සැමියා වන අජේ දෙව්ගන් ගැන හෙළි කල රහසක්

    සුන්දර කාජල් සිය සැමියා වන අජේ දෙව්ගන් ගැන හෙළි කල රහසක්

  • නිවසේ මුදල් කළමනාකරණය තුළින් පොහොසත් ගෘහනියක් වෙන්න ඔබටත් පුළුවන්

    නිවසේ මුදල් කළමනාකරණය තුළින් පොහොසත් ගෘහනියක් වෙන්න ඔබටත් පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it