මැදිවියට පිවිසුණු පියෙකුගෙන් ඔබේ යුග දිවියට වටිනා පාඩම් 5ක්

විවාහය සම්බන්ධ විවිධ කරුණු ගැන අප නිතර විශේෂඥයින් හා උපදේශකයන් හරහා දැනුවත් වනවා. මේ වටිනා අදහස් අප හා බෙදාගන්නේ තම බිරිඳට මහමෙරක් තරමට ආදරය කරන ස්වාමිපුරුෂයෙක්

එදත් හැම දේම ඇදේට යන තවත් අර්බුදකාරී දවසක්. මගේ රැකියා ස්ථානයේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ දිවා ආහාරය ගනිමින් සිටියදී අප නොදැනුවත්වම අපගේ වැඩපළේ ලොක්කා ඇතුළු මගේ රැකියාව, ජිවිතයේ යන මේ හැම දෙයක් ගැනම ආන්දෝලනාත්මක සංවාදයකට වැටුනා. මැදි වියට පිවිසුණු තාත්තා කෙනෙකුගෙන් මාගේ මුල්ම ජිවිත පාඩම මා ඉගෙන ගත්තේ එදයි.

ඔහු මගේ දෑස දෙස කෙලින්ම ඔහුගේ නෙත් යොමා කිවේ “ඔබ දන්නවාද තව දහසකුත් අය ගත් විට ඔබේ ඔය ප්‍රශ්ණ ලොකු වන්නේ මියෙකුගේ පසුපසින් යන වායුවකට වඩා පමණයි කියා?”

මේ කියමනින් මා මොහොතකට තක්බිරි වී ගියා. අදහාගන්නට බැරිව මොහොතක් නිශ්චලව හිටියා.

මොහොතකට පසු ඔහු කතාව යළි අවදි කළා.

“ඔබට රැකියාවක් තිබෙනවා, හිසට වහලක් තිබෙනවා, කන්නට කෑම තිබෙනවා, යන්නට වාහනයක් තිබෙනවා, ඔබට ආදරය කරන පවුලක් සිටිනවා, කතා කරන්නට යහළු මිත්‍රයින් සිටිනවා. ඔබ ප්‍රශ්නයක් කියා නහයෙන් හඬන මේ හැම කාරනාවක්ම ඔබ ගත වැරදි තිරණයක ප්‍රතිපලයක් කියා ඔබ දන්නවාද?, ඔබට අවශ්‍ය වී තිබෙන්නේ ජීවිතය ගැන අල්ප මාත්‍රයක හෝ සුභවාදී ආකල්පයක් විතරයි”

කුරිරුයි!

මට දැනුනේ කුරිරු සිහිනයකින් එක් වරම ඔලුවට පහරක් වැදී අවදි වූ සෙයක්. මා නොදැනුවත්වම අතීතයට ඇදී ගියා. ඔහුගේ වචන සැබවින්ම මා අවදි කළා. ජීවිතය සැබවින්ම රඳා පවතින්නේ අප ඒ දෙස බලන අකාරය අනුව කියා මට ක්ෂණයකින් පසක් වුනා. වැරදි ආකල්ප සහිත රාමුවක් තුළින් ජීවිතය දෙස බලන තාක් කල් ජීවිතය දකින්නේ වැරදි ලෙස නොවේදැයි මට වැටහුනා. ජිවිතයේ ලැබිය හැකි පාඩම් රාශියක් අතුරින් මෙම පියාගෙන් ලැබෙන විශාලතම පාඩමක් තමා ඔබ වෙත ගෙන ආවේ.

ඉතින් හිතවතුනි,  ආදරණිය සැමියෙක්, කැප වූ පියෙක්, උද්යෝගිමත් අධ්යාපනඥයෙක් මෙන්ම මාගේ රැකියා ස්ථානයේ සියල්ලන්ටම පියෙකු මෙන් හැඟෙන චරිතයක් වන ක්‍රිස්ටෝෆර් ජේම්ස් (Christopher James) ඔබට හඳුන්වා හද පිරි සෙනෙහසින්.

ඔහු ප්‍රතිපත්ති මූලධර්මයවාදියෙක් වන අතර ඔහු විහිළුවක් කරන්නෙත් බොහොම උපේක්ෂාවෙන් අපට තෝරාගන්න බැරි විධියට. නමුත් ඔහු ඉටු කරන සෑම භූමිකාවෙන් අපට ඉගෙන ගත හැකි යමක් තිබෙන්නේ ඔහු ආදර්ශමත් චරිතයක් කරමින්.

ඉතින් මෙම උතුම් චරිතය අපට දායාද කරන විවාහය හා සම්බන්ධ මුල්ම ජිවිත පාඩම් තුන තමා අද ඔබ වෙත ගෙන හැර පාන්නේ

1.. විනෝදය ඇත්තේ හඹා යාම තුළ පමණක් නොවේ

අපට බොහෝ දෑ වල අවශ්‍යතාව හා උද්දීපනය තිබෙන්නේ බොහෝ විට යමක් ලබා ගන්නා තුරු පමණයි. ක්‍රිස්ටෝෆර්ගේ කාර්යාල මේසය පසු කරන අපට දක්නට ලැබෙන්නේ ඔහුගේ ප්‍රිය භාර්යාවගේ ඡායාරූප පෙළක්. ඇයගේ ඡායාරූප බොහොම සාමාන්‍ය ලෙස පෙනී සිටින ඒවා. රුපලාවන්‍ය හෝ විශේෂ ඉරියව් නැතත් ඇගේ ප්‍රියකරු සිනහවෙන් ඒ  හැම ඡායාරූපයක්ම පිරී තිබුනා.

අති කාර්යබහුල දිනක අප හා නිමක් නැති වැඩ ලැයිස්තුව හා ලඟා වීමට අසීරු කාල සිමාවන් ගැන ආතතියෙන් සාකච්චා කරන ඔහු එක් වරම ඇගේ ඡායාරූපයක් දෙස බලා “ඇය හැඩයි නේද?” කියා සිනාසී අපෙන් අසන්නේ අප සැමගේ මානසික ආතතිය මදකට ලිහිල් කරමින්.

ඔහු එසේ කලත් එම මොහොතේ ඔහුගේ දෙනෙත් වල උපදින ආදරය අප දකින විට හිතෙන්නේ තමා කෙතරම් වාසනාවන්තද යන්න ඔහුටම ඔහු කියාගන්නවා විය හැකි ලෙසයි.

ඇයව නිතර අගය කිරීම ඔහුගේ පුරුද්දක්

බොහොමත්ම වෙලාවට අපගේ සහකරුවන් අපි සුළු කොට සලකනවා. ඔවුන්ගේ සේවය, උපකාර ගැන තැකීමක් කරන්නේ නැහැ. ඔහුගේ මෙම ක්‍රියාව අපට මහඟු පාඩමක් ලෙස මා දකින්නේ ඒ නිසයි.

බොහෝ දවස් වල පුංචි කඩදාසි වල ඇය වෙනුවෙන් සටහනක් තබා ඒම ඔහුගේ තවත් පුරුද්දක් 

විශේෂ දවස් වල ඇයට මල් කලඹක් ගෙන යන ඔහු, එය බග හැරුනොත් වට පිට ඇවිද නෙලා ගත මල් වලින් පුංචි කළඹක් සදා රාත්‍රී ආහාරයට පෙර ඇයට පිළිගන්වා ඇය ඔහුට කෙතරම් වටිනවාදැයි ඇයට පවසන්නේ ඇය ඔහුට සැබවින්ම වටිනා නිසාවෙනි.

2.. දිවි තිබෙන තුරා

යමෙක් ‘යල් පැන ගිය අදහස්’ යැයි කිව හැකි... “විවාහය නම් දිවි තිබෙන තුරාවට ඇති කරගත් බැඳීමක්” බව විශ්වාස කරන යුගකින් පැවත එන්නෙක්  තමා ඔහු. ඉතින් ඒ ගැන ඔවුනට කිසිම සැකයක් හෝ පැනයක් නැහැ. එය ස්ථිර බැඳීමක්.       

හොඳ දවස්, සුන්දර දවස් මෙන්ම සොඳුරුතම දවස් වලින් ජීවිතය පිරී තිබෙනවා. ජිවිතයේ කම්කටොලු පැමිණි විට ඇය නිදා සිටිනවා බලා මා අසල රැඳී සිටින්නට ඇය මට ඉන්නා බව සිහි කර ගන්නේ හදපිරි ආදරයෙන්.

අවදි වූ සැනින් ඇයගේ මුහුණ නොදකින මොහොතක් ගැන මට හිතාගන්නටවත් බැහැ. මෙලෙස දුෂ්කර දවස් ගෙවී යන්නෙත් හොඳ දවස් තවත් සොඳුරු වන්නේත් මේ අකාරයටයි.

දරුවන්ට කලින් සහකරු ගැන සිතන්න; ඇත්තෙන්ම සැම දේකටම කලින්..

මේ පියාගෙන් ලැබෙන වැදගත්ම පණිවුඩයක් තමා දරුවන්ට වඩා සහකරුට ප්‍රේම කල යුතු බව. ඔහුගේ බිරිඳට ඔහු ලොව සැම දේටම වඩා ආදරය කරනවා. ඔහු දුක් මුසු මුහුණක් දමා විහිළු කරන්නේ “දරුවන් ආ පසු දැන් මම මගේ බිරිඳගේ පළමු පෙම්වතා නොවේ” කියායි.  

“කමක් නෑ, දැනට මම එය දරා ගන්නවා. මට දරුවන් සමඟ සටන් කරන්නට බැහැ. දසමසක් ඇගේ කුස තුළ ඇගේ හෘද ස්පන්දනයට ඔවුන් සවන් දී උන්නා. ඉතින් මම මොනව කියන්නද? දැනට මම ඔවුන්ට මුල් තැන ගන්නට ඉඩ දෙනවා. ඔවුන් ලොකුමහත් වී ඔවුන්ගේම කැදලි වලට ගිය දවසක ආයෙත් ඇය මටම අත්පත් කරගන්නට පුළුවන්” ඔහු කියන්නේ සිනහසෙමින්.

කෙතරම් සුන්දරද? මේ ඔහුගේ ආදර බිරිඳට ඔහුගේම වචන වලින්

“ඔයා මට වඩා දරුවන්ට ආදරය කරනවා. ඔයා ඒක දන්නවා. මම දන්නවා ඔයා ඒක දන්නවා කියලා. ඔයා එහෙම කළ යුතුයි. මම හිතන තරමට ඔබ දක්ෂ නම්, මම එය දන්නවා කියලා ඔයා දන්නවා. නමුත් හරි ක්‍රමෝපාය වන්නේ එය එහෙමයි කියා හැම විටම පිටතට නොපෙන්වා සිටීමයි. 

ඔයා තවම කැමතියි මගේ ආකර්ෂණය දිනාගන්න. මගේ මුල්තැන වන්න. මම ඔයාට නොසිතන වේලාවල සහ වඩාත් පතන වේලාවල් වල ඔයාට මල් කළඹ දෙනවා, රාත්‍රී අහාර වලට ඔයා ගෙන යනවා. මගේ දරුවන් ඉදිරියේ ඔයාව නිතර වැළඳ ගන්නේ ඔයාගේ ඉණ වටා මගේ අත යවන්නේ ඔවුන්ට ආදරය කරන්නට කලින් සිටම ඔයාට මා ආදරය හා ගෞරවය කරන බව ඔවුන්ට නිරතුරු මතක් කර දීමටයි.

“ඔයාගෙන් මට ඕනෑ එකම දේ මමත් ඔයාගේ ජිවිතයේ මුල්තැන ගන්නවා කියා ඉඳහිට මට පෙන්වන්න කියා විතරයි.

ඉඳහිට අපේ දරුවන්ට මා හොඳ ස්වාමියෙක් කියා පවසන්න. ඉඳ හිට අපි දෙදෙනාට තනිව කාලය  ගත කල යුතු බව, චිත්‍රපටියක් බලන්නට යා යුතු බව ඔවුන්ට මතක් කර දෙන්න. ඔවුන් අහක බලන් ඉන්න විට මාව කොනිත්තන්න.”

ඉතින් හැම විටම දරුවෝම නෙවෙයි. සහකරු තමා හැම විටම මුල්තැන ගන්නේ.

පවුලේ අනික් යට කලින්, මිතුරන්ට කලින්, මිතුරන් සමග සතුටු වන්නට කලින් ඔබේ සහකරුට යෙදෙන්නට, සතුටින් කාලය ගෙවන්නට  සැලැස්මක් ඇත්දැයි බලන්න. මේ කියන්නේ සහකරුගෙන් අවසර ගැනීම ගැන නෙවෙයි. සහකරුගේ දවසේ සුභසිද්ධිය ගැන සොයා බැලීම ගැනයි.

අත්පුඩි ගසන්නට අත් දෙකක් ඕනෑ

මේ පියාගේ අනෙකුත් පාඩම් සමඟ ආ තවත් පාඩමක් තමා කිසිඳු ගැටළුවක් 100%ක්ම එක් පාර්ශවයක පමණක් වරද නොවන බව. මෙය විවාහයට පමණක් පොදු දෙයක් නෙවෙයි. මිතුරන් අතර හෝ, පවුලේ අනෙක් අය අතර හෝ දරුවන් අතර හෝ ඕනෑම පාර්ශව දෙකක ගැටලුවකට බලපාන යථාර්තයක් මේ. ඔව් එය 90%ක් එක් පාර්ශවයකගේ වුවත් තනිකරම 100%ක්ම එක් පාර්ශවයකගේ වරද වන්නේ නැහැ. ඔබ එම ප්‍රශ්නයට 10%ක් හෝ වග කියා යුතුමයි.

ඔබ ගැටළුවක් දෙස මේ ආකාරයෙන් බලන්නට හුරු වූ විට අනෙකාගේ වැරදි වෙනුවට ඔබේ වැරදි වැඩිපුර ප්‍රමාණයක් හඳුනාගන්නට පටන් ගන්නවා. ඔබ ඒවා හදා ගන්නට උත්සාහ කරන විට, ඔබේ සහකරු ඒ දැක උද්දාමයට පත්වනවා.

මේ ආකාරයට ප්‍රශ්ණ ගැටළු වගේම ගෙදර දොරේ වැඩපලත් මෙසේ එකිනෙකා අතර බෙදාගත් වගකීමක් වනවා. ඉතින් මේ තාත්තට දරුවන්ගේ නැපි මාරු කිරීම, ඔවුන් සේදීම, කැවීම පෙවීම, නිදි කරවීම යනාදී ඕනෑම දෙයක් මහා ලොකු දේවල් නෙවෙයි.

කුණු එකතු කරගන්න එපා

අප අතර මිතුරෙක් විවාහය පිලිබඳ ගැටළුවක් පැන නැගුවා. මේ මැදිවියට පිවිසුණු පියාගෙන් තවත් ජිවිත පාඩමක් අප ලැබුවේ එවිටයි.

ඔබට පුළුවන් ඔබේ විවාහය තුළ දැනට තිබෙන ගැටළු රාශියක් පොඩි බැඳගෙන ඒවා එකිනෙකට විසඳුම් හිතන්නට. නමුත් එය හරියන වැඩක් නෙවෙයි! විවාහයක් තුළ කිසි විටෙකත් කුණු එකතු කර ගැනීම කොහෙත්ම සුදුසු නැහැ. දෙදෙනා අතර ඇතිවන මතගැටුම් විසඳා සමාව ඇයද, සමාව දී එය එතැනින් අමතක කර ඔබ පියමන් කල යුත්තේ ඉදිරියට පමණයි. යළි පසුපස බැලීම හෝ පරණ කුණු ඇද දැමීම කිසි සේත්ම ඔබට හොඳක් කරන්නේ නැහැ.

ඔබගේ අතේ කිසිඳු වැරද්දක් නැති විටෙක පවා සමාව අයදිමෙන් ඔබට කිසි දෙයක් අහිමි වන්නේ නැහැ. ඒ ඔබ ඒ ගැන කණගාටු වන නිසා නෙවෙයි. නමුත් ඔබගේ සහකරු ඔබේ උඩඟු කමටත්, මාන්නයටත් වඩා වටින නිසායි.

විවාහය තුළ උඩඟු කමටත් මාන්නයටත් කිසිඳු ඉඩක් නැහැ.

ඉතින් ආදර මව්වරුනි, පියවරුනි, විවාහ ජිවිතයට ඉමහත් ලෙස වටිනා පාඩම් පහක් තමා ඔබ වෙත ගෙනහැර පෑවේ. මෙම ඔවදන් සැබවින්ම ඔබේ ජිවිතයට මහත් ආලෝකයක් ගෙන දෙන බව අපට හොඳටම විශ්වාසයි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා