යුගදිවියේ ගැටළු විසඳා ගන්න උපක්‍රම 7 ක්

අද හුඟක් වෙලාවට විවාහයෙන් වෙන්වූ අය හා නීතියෙන්ම වෙන්වූ අය ගැන නිතර අහන්න ලැබෙනවා. ඊට බොහෝ විට හේතු වන්නේ පවුල තුළ ඇති වන ගැටළු නිරාකරණය කරගන්න හැකියාවක් නොවීමයි. ඉතින් මේ උපක්‍රම ගැන ඔබත් සිතා බලන්න.

අද හුඟක් වෙලාවට විවාහයෙන් වෙන්වූ අය හා නීතියෙන්ම වෙන්වූ අය ගැන නිතර අහන්න ලැබෙනවා. ඊට බොහෝ විට හේතු වන්නේ පවුල තුළ ඇති වන ගැටළු නිරාකරණය කරගන්න හැකියාවක් නොවීමයි. ඉතින් මේ උපක්‍රම  ගැන ඔබත් සිතා බලන්න.

1. ප්‍රයෝගික වෙන්න

පළමුවෙන්ම ඔබ තේරුම් ගත යුතු කාරණය වන්නේ ප්‍රශ්න කියන්නේ විවාහය සමග බැඳී තිබෙන දෙයක්. අපි දැන් විවාහ වෙලා වසර 3 ක් ගතවෙනවා. ගැටළුවක් නැතිව එය ගලාගෙන ගියත් අපටත් ආර්ථිකමය වශයෙන් ගැටළු හා අනාගතයේ අපිට මුහුණ දීමට සිදුවන දේවල් ගැන ආර්ථිකමය වශයෙන් අවිනිශ්චිත බවක් තියෙනවා. සමහර මගේ මිතුරන්ගෙන් මම අහනවා, ඇයි ඔවුන් තවමත් විවාහ නොවී ඉන්නේ? කියලා. සාමාන්‍ය පිළිතුර තමයි ඔවුන්ට ප්‍රශ්නකාරී අවස්ථාවන්ට මුහුණ දීම මගහරින්න උවමනා වීම. විවාහය කියන්නේ ඔබ ප්‍රශ්න ගොඩකට වැටෙන එකක්ද ?

ඔබ තවත් කෙනෙකුගේ ජීවිතය හා බැඳෙන්නේ ඔබේ ජීවිතය පරිපූර්ණ කරගන්නයි. නමුත් ඒ තුළ ගැටළු මතුවීම සාමාන්‍යයි. නමුත් ගැටළු නැති විවාහයක් නම් එය අරුම පුදුම එකක් හෝ නැතිනම් ගැටළු එකිනෙකාගෙන් සඟවාගෙන මවාපාන එකක් විය යුතුයි. මෙය පසුකාලීනව ඉතා විශාල ගැටළු ඇතිකිරීමට හේතු වෙන්න පුළුවන්. අනිත් ප්‍රයෝගික හා යථාර්තය වන්නේ ඔබේ සහකරුගෙන් ඔබ බලාපොරොත්තු වන දේවල්. ඔබ ඔහුගෙන් ඇයගෙන් උවමනාවට වඩා දේවල් බලාපොරොත්තු නොවිය යුතුයි. මොකද ඇයත් මනුෂ්‍යයෙකු නිසා ඔබේ සහකරු ඔබ බලාපොරොතු වනදේ නොකළ නිසා කලකිරීමට හෝ එය විවාහයේ අවසානය සේ සිතන්න එපා.

2. ගැටලුවලට මුහුණ දෙන්න

ඇයි ප්‍රශ්න ඇතිවෙන්නෙ කියා නොසිතා ඊට මුහුණ දීම වැදගත්. හරි ප්‍රශ්නය විය යුත්තේ මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියන එකයි. ඔබ දෙදෙනා අතර ගැටළුවක් ඇතිවී ඇත්නම් ඒ සඳහා හුඟක් කල් ගන්න එපා. හැකි ඉක්මනින් ඒ ගැන සාකච්ඡා කරන්න. ඉන් යෝජනා කරන්නේ අවසානය එනතුරු නොසිට ඒ ගැන කතා කිරීම වැදගත් බවයි.

3. කණ්ඩායම් හැඟීම

විවාහයක් ක්‍රියාත්මක විය යුතුයි. හරියට පීරිසියකට කේක් කෑල්ලක් තියලා අයින් කළා වගේ තියන්න බැහැ. එය ජීවිත කාලය පුරාවට ගලාගෙන යායුතුයි.  දෙදෙනාගේම එකතුව ඊට හේතු වෙනවා. එක් අයෙකු පමණක් යුගදිවිය සාර්ථක කරගන්න වෙහෙස වීමෙන් එය පවත්වාගෙන යන්න බැහැ. දෙදෙනාම සීමාව ඉක්මවා විසඳුම් සෙවීම කළයුතුයි. එය අභියෝගාත්මකයි. නමුත් තනිව සිතනවාට වඩා පියවර කිහිපයක් ඉදිරියට ගන්න. ඔබ දෙදෙනාම ජීවිතයේ රළු බව තේරුම් ගැනීම වැදගත්.

4. නිතර ඔබේ වගකීම කැපවීම මතක් කරන්න

විවාහයට එළඹෙන දෙදෙනෙක් විශ්වාසය ගෞරවය බෙදාගැනීම ගැන සිහිපත් කරමින් ඊට එළඹුනත් මෙය නැවත නැවත සිහිකර ගැනීම වැදගත්. මේ නිසා දෙදෙනාගේ බැඳීම හා ආදරය යළි යළි මෙනෙහි කර ඔබ දෙදෙනා එක් අයෙකු ලෙස එකට එක්වූ දිනයක යළි යළි සිහි කරන්න. සමහර විටෙක ඔබ හමුවූ පළමු තැනට ඔබ දෙදෙනාට නැවතත් යන්න පුළුවන්. ඉස්සර වගේ තාමත් ඔබ දෙදෙනා වෙනුවෙන් කළයුතු පුංචි පුංචි දේවල් ඉටු කරන්න පුළුවන්. හරියට අලුත බැඳපු යුවලක් වගේ “මං ඔයාට ආදරෙයි”. “I Love You” වගේම මල් කළඹක් දීම වගේ දේවල් කරන්න පුළුවන්.

5. විවෘතව කතා කරන්න, එකිනෙකට ගෞරව කරන්න

කිසිම සබඳතාවයක සන්නිවේදනය දුර්වල නම් එය පවතින්නේ නැහැ. ගෞරවාන්විත විවෘත සන්නිවේදනය විවාහයක පැවැත්ම කියාපානවා. ඒ මගින් ඔබේ සහකරු ගැන තේරුම් ගැනීමටත් ඔවුන් දැනගන්න දේ වටහා ගැනීමටත් පුළුවන් වෙනවා. ඔබ විවෘත නොවුනොත් ඔබට එකිනෙකා වටහා ගන්න බැරි වෙනවා. ඒ වගේ සබඳතාවයන් ක්‍රියාත්මක වන ආකාරය ගැන අවබෝධයක් ලැබෙන්නෙත් නැහැ.

ඔබේ ගැටළු ගැන කතා කරන විට වැරදි පැටවීම කරන්න එපා. නිතරම ඔබේ වැරදි අතපසුවීම් පිළිගන්න. ඔහුට ඇඟිල්ල දික් නොකර ඔහුගේ වැරදි අවබෝධ කරගන්න ඉඩ දෙන්න.

6. ඔබේ සහකරු ගැන සනුකම්පිත ලෙස වටහා ගන්න උත්සාහ කරන්න

හැමදෙනෙකුගේම පවුල් පසුබිම වෙනස්. ඔබ දෙදෙනාටම ඇත්තේ එකිනෙකාට ආවේනික ලක්ෂණයි. ඔබ දෙදෙනා ආදරය ප්‍රකාශ කරන ආකාරය වෙනස්. ඒ නිසා ඔබ ආදරය ප්‍රකාශ කරන ආකාරයටම ඔබේ සහකරුත් ආදරය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කරන්න එපා. ඔබ දෙදෙනා වෙනස් වෙනමම පුද්ගලයන් වුනත් ආදරයෙන් බැඳෙනවා. ඒ නිසා වෙනස්කම් හඳුනාගෙන ඒවා ගැන නොතැවී යුගදිවිය ගෙනියන්න.

7. බලාපොරොත්තු සහගත වෙන්න

ගැටලුවකට විසඳුම වෙන්වීම හෝ නීතියෙන් වෙන්වීම නොවේ. මෙවැනි විසඳුම් ගැන සිතීමෙන් ගැටලුව තවත් උග්‍ර අතට හැරෙනවා. මෙහිදී දෙදෙනාම ගැටළු වලට විසඳුම් සෙවීම වැදගත්. අභියෝග ගැටළු කර නොගෙන ඉදිරියට යා නොහැකියි. සාර්ථක විවාහයකට විවිධ හේතුන් රැසක් හේතු වෙනවා. එයට විවිධ අය මුහුණ දෙන ආකාර වෙනස් වෙන්න පුළුවන්. විසඳුම කුමක් වුනත් ප්‍රතිඵලය සාර්ථක නම් වැදගත් වන්නේ එයයි. ගැටළු මතුවන විට මේ උපක්‍රම සඳහා නැවත නැවත සිතන්න.

ගැටළු ගැනම සිතනවාට වඩා විවාහයක පැවැත්ම ඇත්තේ ගැටළු වල ඇලී නොඉඳ ඉදිරියට යාමයි. සාර්ථක විවාහ ජීවිතයකට මේ තොරතුරු ඔබට වැදගත් වේයැයි theAsianparent Sri Lanka අපි සිතනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ