රන්වන් කිරි: ඔබේ සෞඛ්‍යයේ පුදුම දේවල් කලහැකි ස්මූතී එකක්

lead image

පුරාණ සෞඛ්‍ය සම්පන්න ස්මූතී එකක් හදමුද?

නින්දට පෙර රසවත් පානයක් ? නින්දට යෑමට පෙර ඔබේ ශරීරයට උත්තේජනයක් ලබා දෙන සෞඛ්‍ය සම්පන්න බීමක් උත්සාහ නොකරන්නේ ඇයි?

සියවස් ගණනාවක් පුරා රන්වන්  කිරි ආයුර්වේදී ඖෂධීය  පානයක් වී ඇත. මෙම පෝෂණීය සහ රසවත් පානය කහ හා පොල් කිරි වල මිශ්‍රණයක් වේ.  සමහර අවස්ථාවලදී පොල් තෙල් හා  ගම්මිරිස් එක්කර තවත් උත්තේජනක් ලබා ගත හැකිය.

එහෙත්, මේ පැරණි බීම රසවත් පානයකට  වඩා එහි ඉලෙක්ට්‍රෝලයිටේස් අඩංගු අතර සහ ආහාර ජීර්ණයටද උදව් කරයි.

මෙම පානය ජයග්‍රාහකයා බවට පත් කරන අමුද්‍රව්‍ය දෙස සමීපව බලමු.

කහ වලින් ලැබෙන  ප්‍රතිලාභ  මොනවාද?

2013 වර්ෂයේ කරන ලද අධ්‍යයනයකට අනුව, කහ අඩංගු වීම ඉතාමත් හොද වේ. එහි මිනිස් රෝග ගණනාවක් සුව කිරීමට අවශ්‍ය ශක්තීන් තිබෙනවා. එයට  පිළිකා මෙන්ම  ඇල්සයිමර් සදහාද උපකාර වේ.

එහි ප්‍රති-ඇවිලෙන සුළු ගුණාංගවලට ස්තුතිවන්ත වන්න කහ මගින් බඩ පිපීම , ගෑස්  හා බඩේ වේදනාව අඩු කරයි. ඇතැම් අධ්‍යනයන්ට අනුව එය බර අඩු කරන බව පෙන්වා දෙයි.

කහ වල  ප්‍රති-මානසික අවපීඩන  සංඝටක අඩංගු බව සොයාගෙන ඇත. ඒ මගින් අපේ  මානසිකත්වය තුලනය කිරීම , මානසික පීඩනය අඩු කිරීම, විවේකී නින්දක් ලබාදීම සහ සමස්ත මොළයේ සෞඛ්‍ය තත්වය වැඩිදියුණු වීම සිදුවෙනවා.

පොල් පිළිබදව විශ්මිත දේවල් 

පොල්තෙල් වල ප්‍රතිලාභ මොනවාද?

එහි ප්‍රති බැක්ටීරියා ගුණය නිසා  සමස්ත ආමාශයික සෞඛ්‍ය  තත්වය වැඩිදියුණු වන නිසා  කහ මෙන්ම පොල් තෙල්ද ජීරණයට  උපකාරී වේ. පොල් තෙල්  සිරුරේ ඇති යහපත් කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගන්නා සෞඛ්‍ය  සම්පන්න මේද වලින් සමන්විත වේ.

පොල් කිරිවලින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද?  

ඒ හා සමානව, පොල් කිරි ආහාර ජීර්ණයට උපකාරී වේ. ස්වාභාවික ඉලෙක්ට්‍රෝයිඩ් සහ සීතල හා සෞඛ්‍ය  සම්පන්න මේද සහිතව, එය "ආමාශ ස්ථර පෝෂණය කරයි", ආමාශික සෞඛ්‍ය වැඩි දියුණු කිරයි. එය ඉරිටබල් බෝවුල් සින්ඩ්‍රෝම්  (Irritable Bowel Syndrome) රෝග ලක්ෂණ සමතුලනය කිරීමට උපකාරී වේ.

කහ මෙන්ම පොල් කිරි දැවිල්ල සමනය කරයි. කහ මෙන්ම එය බර අඩු කිරීමට හේතු වේ. එහි හොඳ මේද අම්ලවලින් පිරී ඇත. ඒවා පේශීන් වර්ධනයට  සහ මේද  දහනයට නැති කර දැමීමට ඔබට උදව් වේ.

මෙන්න සරල වට්ටෝරුවක්:

1 කෙසෙල් ගෙඩියක්
1 කෝප්පයක් අඹ
3/4 කොප්පයකක් යෝගට්/ මී කිරි/පොල් කිරි
1/2 - 1 තේ හැන්දක් කහ කුඩු

කරන්න තියෙන්නේ මේ ටික ඔක්කොම බ්ලෙන්ඩර් එකට දාන එක පමණයි! අවශ්‍ය නම් මී පැණ වැනිලා සාරය, කුරුඳු සහ ඉඟුරු තවත් රසය එකතු කරන්න.

මාතෘකාව පිළිබඳ යම් විවේචනයක්, ප්‍රශ්න හෝ අදහස් ඇතිනම්, කරුණාකර පහතින් සටහනක් යොදා ඒවා බෙදාගන්න.

පුරාණ රස රහස් ඔබේ නිරෝගී සුවය උදෙසා මෙලෙස තිලිණ කරන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී