ගෙදර තේ මේසෙට රසවත් පැටිස් ටිකක් හදමුද?

ගෙදර තේ මේසෙට රසවත් පැටිස් ටිකක් හදමුද?

ගෙදර පොඩිත්තන්ට කන්න පහසුවෙන හදාගන්න පුළුවන් පැටිස් රෙසිපියක් තමා මේ.

නිවාඩු දවසේ ගෙදර හැමෝටම කන්න රසවත් පැටිස් ටිකක් හදාගනිමු.

රසවත් පැටිස් කියන්නේ ගෙදර කොයි කවුරුත් කන්න කැමතිම කෑමක්. ඉතින් මේ සති අන්තයේ තේ මේසෙට පිළියෙළ කරගන්නට පුළුවන්.

මුලින්ම රසවත් පැටිස් පේස්ට්‍රිය හදාගනිමු

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 250යි (කෝප්ප 2ක්)

බටර් ග්‍රෑම් 115ක්

ජලය මි.ලී. 60ක්

1. මුලින්ම සිසිල් කළ බටර් ග්‍රෑම් 250ක් කේක් මිශ්‍රණයට දාගනිමු.

2. දැන් මෙයට පිටි ටික එකතු කරගන්න

3. සිසිල් ජලය ස්වල්පයක් මිශ්‍ර කරගන්න

4. දැන් මෙය සුමුදු බෝලයක් වන තුරු මිශ්‍ර කරගන්න

8. පිරවුම් මිශ්‍රණය හදාගන්නා තෙක් මෙම පිටි මෝලිය විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබන්න

මීළඟට රසවත් පැටිස් පිරවුම හදාගනිමු

අවශ්‍ය ද්‍රව්‍ය

මැකරල් සැමන් ටින් 1යි 

අල ගෙඩි 2යි

ලූණු

අමු මිරිස්

කරපිංචා

මිරිස් කුඩු

ගම්මිරිස්

1. මුලින්ම තාච්චියක් ලිප තබා තෙල් එකතු කරගන්න

2. තෙල් ටික රත් වෙද්දී සුදු ලුණු, කරපින්චා, රම්පෙ, කුරුදු එකතු කරන්න

3. ඒ ටික බැදිලා සුවද එනකොට ලුණු ටික එකතු කරගන්න ලුණු ටිකේ පාට වෙනස් වෙද්දී සැමන් එකතු කරන්න, හොදින් කලවම් කරන්න.

4. දැන් අල ටික එකතු කරගන්න ඒ ගමන්ම ලුණු, ගම්මිරිස්, තුනපහ කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස්, රස අනුව එකතු කරගන්න
මිශ්‍රණය හොදින් මිශ්‍ර කර ටික වෙලාවක් තබා ඉවතට ගන්න

5. මතක තියාගන්න ඉවතට ගත්තු ගමන්ම පැටිස් එකට නොදා මිශ්‍රණය තුළ තියෙන රම්පෙ ,කුරුදු අයින් කරලා දෙහි ටික දාගන්න.
මේක ව්‍යාපාරයක් විදිහට කරනවානම් හයිකෝ බටර් යොදාගන්න

දැන් විනාඩි 30ට පසු මිශ්‍රණය ඉවතට ගෙන රෝලින් පින් එකකින් හොදින් තුනී කරගෙන තමන් කැමති ප්‍රමාණයට රවුම් කපාගන්න
පැටිස් අච්චුවක් පාවිච්චි කරනවා නම් අච්චුව තියලා රවුමක් කපාගෙන ඒක තුනී කරගන්න.

ඊට පස්සෙ අච්චුව උඩ කපාගත් රවුම තියලා පිලින්ග් එක දාලා තදකරගන්න අච්චුවක් නැතිනම් කපාගත්ත රවුම තුනී නොකර පිලින්ග් එක දාලා වටේට ගෑරුප්පුවකින් තදකරගන්න.

එතකොට ලස්සනට ඉරි ටික පැටිස් එකේ හිටිනවා දැන් මේ පැටිස් ටික තෙල් තාච්චියට දාගන්න හැබැයි තෙල් ගොඩක් රත් කරගන්න එපා, මේ හැමදේම කරන්න ඕනේ මද ගින්දරේ හොදින් බැදුනු පසු ඉවතට ගන්න.

නිවසට එන අමුත්තන්ට හෝ ගෙදර ඉන්න පොඩිත්තන්ට වැඩි මහන්සියක් නැතිව පහසුවෙන් හදාගන්නට පුළුවන් රෙසිපියක් තමා මේ. ඔබේ නිර්මාණශීලිත්වය උපයෝගි කරගෙන, පැටියා සාමාන්‍යයෙන් කන්නෙ නැති කෑම වර්ගයක් දෙකක් වුනත් මෙම පිරවුමට එකතු කරගෙන පහසුවෙන්ම පැංචාට කවන්නටත් පුළුවන්.

Pictures: sithmalyaya.com

Written by

Niloufer Perera