නොසැලකිලිමත් කම නිසා තවත් තරුණ ජිවිතයක් මරුට: රාජකීය විදුහල් සිසුවාගේ ඛේදවාචකය

lead image

මෙම සිද්ධියෙන් දිවි අහිමි වූ අමාන් පුතුගේ පවුලේ සැමට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර සිද්ධියෙන් තුවාල ලැබ ප්‍රතිකාර ලබන දරුවන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.

පසුගිය 12 වනදා උදෑසන රාජගිරිය මාදින්නාගොඩ පාර යාබදදී අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ නිවසක තාප්පයක ගැටීමෙන් කැබ් රථයේ ගමන් කළ කොළඹ රාංකීය විදුහලේ සිසුවකු මරුමුවට පත්වී තවත් සිසුන් 9 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව හිරු පුවත් ඇතුළු අනෙකුත් මාධ්‍ය ඔස්සේ වාර්තා වුනා.

ඊයේ අලුයම 1.50 ට පමණ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ තවත් සිසුන් සිව්දෙනකුගේ තත්ත්වය බරපතළ බව ද පොලිසිය කියයි.

දහඅට හැවිරිදි පාසල් සිසුවකු කැබ් රථය ධාවනය කර ඇති අතර එම කැබ් රථයේ සිසුන් දසදෙනකු සහ ඊට පිටුපසින් ධාවනය කළ තවත් මෝටර් රථයක පාසල් සිසුන් දෙදෙනකු ගමන් කර ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ ගල්කිස්‌ස, ඉසුරු උයන ප්‍රදේශයේ පදිංචිව සිටි අමාන් තිමිල් මොහොමඩ් (18) නමැති සිසුවෙකි.

මෙම සිසුන් පාසලේ ප්‍රදර්ශන කටයුතු පිළියෙළ කිරීමට සහභාගී වී එක්‌ සිසුවකු නිවසට ඇරලවීමට ගොස්‌ නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇතැයි කියවෙනවා. රථය පැදවූ අයට රථයේ වේගය පාලනය කරගත නොහැකිවීමෙන් අනතුර සිදුවී ඇතැයි හෙළිවී තිබේ.

මෙම කැබ් රථයට පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයක්‌ද අසල තාප්පයක ගැටීමෙන් එම රියදුරුද තුවාල ලබා රෝහල්ගත කළ බවද පොලිසිය කියයි.

මේ පිළිබඳව වැලිකඩ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සුදත් අස්‌මඩල මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති. අවාසනාවන්ත සිදුවීමේ වීඩියෝ පහත වීඩියෝ සටහන ඩේලි මිරර් පුවත්පත විසින් මුදා හැර තිබුනා.  


ඩේලි මිරර් පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී

සිද්ධිය ගැන රටවැසියන් විවිධ මත පල කරනවා. දෙමාපියන්ට, ගුරුවරුන්ට, පාසැලට වැරදි පැටවෙනවා. මේ කෙසේ වෙතත්, වරද කාගේ වුවත්, නැති වී ගිය ජීවිතයට යළි පණ පොවන්නට බැහැ. තවත් සිසුන් සිව්දෙනෙක් ජීවිත් වීමට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මෙම සිදුවීම අලලා, මෙවන් අකල් මරණ වලක්වා ගන්නට මාපියන්, දරුවන් සහ පාසල් නියෝජිතයින් ආදී අපි සැමගේ මුලික යුතුකම් කිහිපයක් මෙසේ හුවා දක්වමු:  

දෙමාපියන්ගේ යුතුකම

දරුවන් සමඟ හොඳ සන්නිවේදනය තතුළින් කල නොකළ යුතු දේ වටහා දෙන්නටටත්... ඔබ යමකට ‘එපා’ කිවහොත් ඊට අවනත වීමටත් අවශ්‍ය පරිසරය සැකස ගත යුතු වනවා.

පාසැල් නියෝජිතයින්ගේ යුතුකම

අධි තරඟකාරීත්වය නිසා දරුවන්ට දරාගත නොහැකි තරමට ක්‍රියාකාරකම් වල නොයොදා කරන සුළු දෙය විධිමත්ව මනා අධීක්ෂණයක් යටතේ කිරීමෙන් රටට හොඳ පුරවැසියන් බිහිකළ හැකි වනවා.

දරුවන්ගේ යුතුකම  

තමාට ලද සම්පත් සුළු කොට නොතකා, වැඩිහිටි ය තමන්ට වඩා දවසක් හෝ වැඩිපුර අත්දැකීම් ඇසුරෙන් යමක් කියන්නේ තමාට වඩා යමක් දන්නා බැවින් යන්න නිහතමානිව පිලිගෙන් වැඩිහිටියන්ගේ උපදෙස් පිළිපැදීමට බැහැපත් වනවා නම් සොඳුරු වන්නේ ඔබේම හෙට දවසයි.

මෙම සිද්ධියෙන් දිවි අහිමි වූ අමාන් පුතුගේ පවුලේ සැමට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර සිද්ධියෙන් තුවාල ලැබ ප්‍රතිකාර ලබන දරුවන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.

 

පින්තූර අන්තර්ජාලයෙනි.