රාත්‍රී නින්දේදී තවමත් නිතර කිරිබොන බබාගේ කිරිබීම නවත්වන්නේ කොහොමද?

රාත්‍රී නින්දේදී තවමත් නිතර  කිරිබොන බබාගේ කිරිබීම නවත්වන්නේ කොහොමද?

හුඟක් බබාලා රෑ නින්ද අතරවාරයේ හුඟක් සැරයක් අවදිවී කිරි ඉල්ලනවා. ඔබ ඔබේ දරුවන්ට ගොඩක් ආදරේ වුනත් කාලයක් ගතවෙන කොට මෙය ඉතා වෙහෙසකර දෙයක් බවට පත්වෙනවා.

හැම දෙමපියෙකුටම රැය පුරා ලබන්න ලැබෙන මේ අත්දැකීම සුලබයි. හුඟක් බබාලා රෑ නින්ද අතරවාරයේ හුඟක් සැරයක් අවදිවී කිරි ඉල්ලනවා. ඔබ ඔබේ දරුවන්ට ගොඩක් ආදරේ වුනත් කාලයක් ගතවෙන කොට රෑ පුරා මව්කිරි බීම ඉතා වෙහෙසකර දෙයක් බවට පත්වෙනවා.

කොයි මොහොතේ හරි නින්දක් අපේක්ෂාවෙන් මගබලගෙන ඉන්නවා.

ඔබ දරුවාගේ කිරිවැරීම සිදුකළ යුත්තේ කොයි කාලයේදීද? රෑ පුරා මව්කිරි බීම

මාස 4-6 දක්වා වන විට දරුවන්ට රැය අතරවාරයේ ආහාරයක් නැතිව දිගටම නිදාගන්න පුළුවන්. මෙහි වැදගත්ම වචනය “අවශ්‍යතාවය” යන්නයි. එය කෙතරම් අවශ්‍යද යන්න සොයා බැලිය යුතු වෙනවා. රාත්‍රී කාලයේ ආහාර ගැනීම අඩුකරන කාලයයි.

බබාලත් වැඩිහිටියන් වගේමයි. ඔවුනුත් පුරුදු, හැසිරීම් වලට ඇබ්බැහි වෙනවා. සමහර බබාලා නම් ඔවුන් විසින්ම රාත්‍රී කිරි බීම නතර කරනවා. සමහරු කෑමටත්, සමහරු බඩ පුරවා ගන්න නෙමෙයි, සුවයට රෑ ඇහැරිලා අම්මගේ කිරි ඉල්ලනවා.

මෙලෙස රෑ පුරා මව්කිරි බීම කරන බබාලගේ කිරි වරන්නේ කොහොමද?

කිරිවැරීම එක දරුවෙකුට යොදාගන්න ක්‍රමය අනෙක් දරුවාට මෙහිදී සාර්ථක නොවන්න පුළුවන්. ඊට සුදුසුම ක්‍රමය වන්නේ මෙම ගැටළුව හඳුනාගෙන ඔවුන් අවදිවීමට හේතුව සොයා ගැනීමයි.

කුස පුරවගන්න රෑ පුරා මව්කිරි බීම

බබා නින්දට පෙර කිරි බෝතලයක් බොනවා නම් නින්දට යාමට ආසන්නයේම තවත් අමතර කිරි එකක් ලබා දෙන්න. අනෙක් ක්‍රමය වන්නේ නින්දට පෙර අමතර කෑමක් සීරියල් එකක් හෝ බත් වැනි ඝන ආහාරයක් ලබා දෙන්න.

මේ නිසා උදෑසන වන තුරු ඔවුන්ගේ කුස පිරී තිබෙනවා.

අතර මැද ඇහැරුණ විට මවිකිරි දෙන්න එපා රෑ පුරා මව්කිරි බීම

දරුවා රෑ අතර මැද ඇහැරුණ විට මව්කිරි දීම වෙනුවට මහපට ඇඟිල්ලෙන් නළල පිරිමදින්න. නැතිනම් පළවෙනි ඇඟිලි දෙක යොදාගන්න. නළල රවුමට හෝ දිග අතට පිරිමදින්න එය දරුවාට සහනයක් හා සුවයක් ලබාදෙනවා.

නැතිනම් තොටිල්ලේ එළියට ගන්න උත්සාහ කරන්න.

වෙනත් අයෙකුට ඊට ඉදිරිපත් වෙන්නයි ඉල්ලන්න

කෑම හා කිරි පොවන විට දරුවන් කැමති අම්මා වටේ දැවටෙන්නයි. ඒ නිසා සැමියාට මේ අතරවාරයේ දරුවාට අවධානය ලබාදෙන්න පුළුවන්නම් හොඳයි.

ඔබ කන බොන දේ ගැන සැලකිලිමත් වෙන්න

ඔබ කැෆේන් අඩංගු කෑම බීම ගන්නා අයෙක් නම් සවස 3 න් පසු ආහාරයට හා පානයට ඒවා නොගෙන සිටීමට වගබලා ගන්න. ඔබ කන දේවල් ඔබේ දරුවාත් කන නිසා කැෆේන් වලින් දරුවාගේ නින්දට බලපෑම් එල්ලවන්න පුළුවන්.

ඔබේ සුවඳ දෙන්න

රාත්‍රී නින්ද කියන්නේ ඔබේ දරුවාට ආරක්‍ෂිත බව හොඳින් දැනීම මත සිදුවන්නක්.

ඔබ ආලේප කරන ක්‍රීම් වර්ග හෝ ලෝෂන් වර්ගයක් දරුවාගේ රෙදිවල තැවරීම මගිනුත් දරුවා ඔබ ළඟ ඇති බව දැනවෙනවා.

සමහර අම්මලා තමන් නින්දට පෙර ඇන්ද ඇඳුම් තොටිල්ල ළඟ තියනවා.

කාමරය නින්දට ප්‍රසන්න තැනක් කරන්න

කාමරය අඳුරේ තබන්න. සෞමය වාතාශ්‍රයක් සහිත කරන්න. අනෙකුත් ශබ්ද මගින් නින්දට බාධා නොවන තැනක තොටිල්ල තබන්න.

එතනම රැඳීම

සමහර විට මෙය ක්‍රියාවලියකට සමානයි. දරුවා අඬන පළමු අවස්ථාවේම ඒ අසලට යන්න එපා.

සමහර විට දරුවා විසින්ම එය පාලනය කර ගන්න ඉඩ තිබෙනවා. හැබැයි නොනවත්වා අඬනවා නම් දරුවාව සනසන්න.

මෙය දින කිහිපයක්ම ඔබට කරන්න සිදුවෙනවා. නමුත් තොටිල්ල ළඟට නිතර යාමෙන් වළකින්න.

දරුවට අමතර කිරි නොබී නින්ද ළඟා කරගත හැකි බව හඟවන්න. ඒ නිසා අවසානයේ හැමෝටම සුව නින්දක් ලබාගන්න පුළුවන්.

කිරිවැරීමෙන් පසු ආහාර හඳුන්වා දීම

මුලදී දිනකට එක් වරක් පමණක් ආහාර ලබා දීම ප්‍රමාණවත් අතර එය නියමිත කාලසටහනකට අනුව සිදු කිරීම ඉතාමත් යෝග්‍යයි.

ආහාර වලට හුරු කිරීම, ආහාර ගිලීම ආදිය පහසු කිරීමට මුල් ආහාරයට දොවාගත් මව්කිරි ටිකක් එක් කරගත හැකියි. මුලදී පටන්ම ආහාර මදක් උකු ස්වභාවයෙන් ලබා දීම වඩාත්දෙ සුදුසුයි. එමගින් වැඩි ශක්තිය සහ පෝෂණය ලැබේ.

මාස 10ක් යන තුරු සිනි, ලුණු සහ රසකාරක දරුවාගේ ආහාරයට එක්කිරීමෙන් වැළකිය යුතුයි.

මාස 8 පමණ පසු වන විට බිත්තර සහ මාළු නිතර ආහාරයට එක් කල හැකි අතර මේ සම්බන්ධ පුර්ණ විස්තරය මෙහි ඇමිණු පොත් පිංචේ සඳහන් වනවා. 

ආහාර වේලෙන් අනතුරුව පලතුරු, යෝගට් වැනි දේ ලබා දිය හැකියි. ඒ වගේම ආහාර හඳුන්වා දීමත් සමග පානය සඳහා උණුකර නිවාගත් ජලය පාවිච්චි කරන්නටත් අමතක කරන්නට එපා!  

බිලිඳුන්ට දෙන ආහාර පිළිබඳව අප බිලිඳුන්ට දෙන මුලික ආහාර   ඝන ආහාර වලට ඔබේ දරුවා හුරු කරන්න ඉතා වටිනා ඉඟි 6 ක් වැනි ලිපි කිහිපයකින් ඔබ දැනුවත් කර තිබෙන අතර මේ පොත් පිංච බහාලාගෙන එය මුද්‍රණය කර තබා ගැනීම ඔබට වටිනා අත්වැලක් වේවි. 

ළදරු ආහාර වට්ටෝරු සහ ඒවා හඳුන්වා දෙන ආකාරය ගැන අත්පොත

දරුවන් තරමක් ලොකු වෙන තුරු හුඟක් අම්මලා නිදි නොලබා වෙහෙසෙනවා. ඒ අම්මලා වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි