“අනේ අපිව බේරගන්න කවුරුත් නැද්ද?” ගිලෙමින් තිබූ වාහනය තුල සිට පුතා කෑ ගැසුවා

“අනේ අපිව බේරගන්න කවුරුත් නැද්ද?” ගිලෙමින් තිබූ වාහනය තුල සිට පුතා කෑ ගැසුවා

රාත්‍රී කාලයේ රිය ධාවනය අනතුරුදායක බව අප කවුරුත් දන්නා මුත් එය සුළු කොට සලකන්නට අප පෙළඹෙනවා. මේ අනූ නවයෙන් දිවි ගලවාගත් පවුලක කතාවක්.

මෙම රිය අනතුරු පුවත ඔබට ගෙන එන්නේ පාසැල් නිවාඩු කාලයේ ගමන් බිමන් යද්දී ප්‍රවේසමෙන් පදවන්න ලෙසට කාරුණික ඉල්ලීමක් ලෙසටයි.

“2017 අගෝස්තු මස ඉරිදා දිනෙක මහනුවර සිටි මගේ ඥාති සොහොයුරිය, ඇගේ ස්වාමියා සහ පුතුන් දෙදෙනා, මහනුවර සිට ආපසු පැමිණියේ පසුවදා උදෑසන 12.44 ට පමණ. සුක්කානම මත ඔහුට නින්ද යන විට ඔවුන් සිටියේ නිවස ආසන්නයටම එමින්.

ඔවුන්ගේ මෝටර් රථය විදුලි කණුවක් සහ ගස් දෙකක් කඩාගෙන ගොස් යාබද ඇල මාර්ගයට අද වැටුන්නට ගත වුනේ මොහොතක් පමණයි. වාහනය ගිලෙත්ම භිරාන්ත වූ ඔවුන් වහනයෙන් එලියට එන්නට හැම උත්සාහයක්ම ගත්තා. “අනේ අපිව බේරගන්න කවුරුත් නැද්ද?” ගිලෙමින් තිබූ වාහනය තුල සිට පුංචි පුතා කෑගසා තිබෙනවා.

රිය අනතුරු

රිය අනතුරු පුවතක්

ඔවුන් පැදි Alto රථයේ පසුපස කවුළු අතින් ක්‍රියා කල හැකි නිසා එය විවෘත කර එලියට පැනගන්නට ඔවුන්ට හැකි වුනා. ඔවුන් ආසන පාවී පැළඳ හිටියෙත් නැති නිසා සුළු තුවාල සිදු වුනා.

කෙසේ හෝ දෙවාශිර්වාදයෙන් ඔවුන් සිවුදෙනාම බරපතල තුවාල රහිතව දිවි ගලවගත්තා.   

අනපේක්ෂිත ලෙස සිදු වූ මෙම රිය අනතුරු කාට වුවත් සිදුවිය හැකි දෙයක්.

ඔබ හා ඔබේ පවුලේ උදවිය මේ පාසල් නිවාඩු කාලයේ දුර ගමන් යන්නට යොදාගෙන ඇති.

දුර ගමන් සඳහා ධාවනය කරන විට සැලකිලිමත් විය යුත්තේ මොනවා ගැනද? රිය අනතුරු වලක්වාගන්නේ කෙසේද?
  1. රාත්‍රී කාලයේ රිය ධාවනය කල යුත්තේ වෙනත් විකල්පයක් නැතිනම් පමණයි.
  2. නිදිමතක් දැනෙන මුල් ආව්ස්ථාවේම වහනය නවතා කෙටි විරාමයක් ගන්න.
  3. රිය පදවන්නේ ඔබ නෙවේ නම් රියදුරු හා නිතර අවදියෙන් සිටින්න.
  4. රියැදුරුට නිදිමත බවක් හැඟේ නම් වාහනය මදකට නතර කර විවේකයක් ගත යුතුයි.
  5. සැම විටම ආසන පටි පළඳන්න. මන්ද, ඔබ කෙතරම් අවදියෙන් සිටියද, වෙනත් වාහන වල රියදුරන් නිද්රාශීලී විය හැක. එම නිසා ඔවුන්ගේ වාහන පාලනය කිරීමට නොහැකි වනු ඇත.

ඉතින් නිවාඩු මාසයේ පවුලේ ය හා එක වී විනෝද ගමන් යෑමට මග බලා ඉන්නා ඔබ රිය ධාවනය ගැන බොහෝ විමසිලිමත්ව කටයුතු කරන ලෙස අප ආයාචනා කරනවා. ඊට ඉහත කරුණු උදව්  වේ යයි අප විශ්වාස කරනවා.

Https://smartdriving.co.uk/…/Driving_emergencies/sinking.htm ඇසුරෙනි.

Written by

Niloufer Perera