ඔබ විසින් සිදුකරන රූපලාවණ්‍ය සම්බන්ධ අතපසුවීම් 5ක්

lead image

මෙම ලිපියේ තොරතුරු කියවා එම අතපසුවීම්  වලින් වැලකෙන්නේ කෙසේදැයි දැනුවත් වෙමු.

අලුත් මවක් වශයෙන් ඔබට  සුදුසු ආහාර වේලක රස බැලීමට මෙන්ම ඔබගේ රූපලාවණ්‍ය වෙනුවෙන් කැප කිරීමට ශක්තියක් මෙන්ම කාලයක් නොමැති බව අපි දනිමු .

ගොඩාක් අලුත් මව්වරුන් විසින් බොහෝ විට කරනු පහත සදහන් රූපලාවන්‍ය සම්බන්ධ  අතපසුවීම්  වලින් ඔබට වලකින්න හැකි නම් පසු කාලයකදී අනිවාර්යයෙන්ම ඔබේ සම,කෙස් හා ශරීරය ඔබට ස්තුතිවන්ත වේවි.

1. ප්‍රමාණවත් ජලය පානය නොකිරීම

උදේ නැගිටපු වෙලාවේ සිට කරන්නට ඇති දහසක් වැඩ අතර ඔබට ප්‍රමාණවත් ජලය ප්‍රමාණයක් පානය කිරීමට අමතක වීමට පුලුවන් .එසේ කරන්න එපා.

ඔබේ පුංචි සිගිත්තාට ප්‍රමාණවත් කිරි ප්‍රමාණයක් නිෂ්පාදනයට ඔබගේ ශරීරයේ ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් තිබීම අවශ්‍යයි .ඔබ හිස කෙස් හා සම සදහා  ඉතා අඩු සැලකිල්ලක් දැක්වුවද මෙම කාලයේ ඔබ පානය කරන ජල ප්‍රමාණය හිස කෙස් හා සම සදහා ප්‍රයෝජනවත් වේවි.

මතක තබා ගැනීමට - ඔබ ඔබේ දරුවාට කිරි දීම සදහා එකම ස්ථානයක වැඩි වේලාවක් ගත කරයි නම් වතුර බෝතලයක් ඔබට පහසුවෙන් ගත හැකි තැනක තබා ගන්න .මෙම ක්‍රියාව ඔබට අමතක වෙනවානම් ඔබගේ සහකරුවාට එය පවරන්න .

2. අව් ආවරණයක් පැලදීම අමතක කිරීම

ඉතා උණුසුම් හිරු කිරණ ඔබේ සමට විශාල හානියක් කරනු ලබයි. නමුත් ඉතා කාර්‍යබහුල බහුල මවක් වශයෙන්  නිවසෙන් පිටතට යෑමේදී සම සුරැකීම ඔබට අමතක විය හැක. ඒ වගේම ඔබ ඔබේ සිගිත්තාගේ සම සුරැකීමට තිබෙන කැපවීම ඔබේ සම සදහාත් තිබිය යුතුයි.

පිටතට යෑමට පෙර අවම වශයෙන් SPF50+ -  ඇති හිරු ආවරණ ආලේපයක් මිලදී ගෙන හිරු කිරණට විවෘත වන ප්‍රදේශ වල ආලේපනය කරන්න .ඒ වගේම ඔබ රිය පදවයි නම් හිරු කිරණට විවෘත වන දෑත් අමතක කරන්න එපා.

ඉගියක් - ඔබගේ වාහනයේ , අත් බෑගයේ හෝ ළදරු බෑගයේ  හිරු ආවරණයක් තබාගන්න.  තොප්පියක් වුනත් වඩා හොදයි .

3. ව්‍යායාම නොකිරීම

ව්‍යායාම සදහා දරුවා උපන් විගසම ශරීර සුවතා වර්ධන ආයතනයකට ඔබ යායුතු නැත. නමුත් දරුවා වඩාගෙන ඇවිදීම, ඔහුව ළදරු කරත්තයක තබා තල්ලු කිරීම ඇතුල එදිනෙදා චර්‍යාවන් තුල කරන ක්‍රියා මගින් ඔබට ව්‍යායාම ලබා ගන්න පුලුවන් .

මෙම ව්‍යායාම ගර්භණී අවධියේ වැඩි වු බර අඩු කරගැනීම ඔබගේ ශරීරයේ මෙටාබෝලිසම් ප්‍රමාණය දහනය කිරීම මෙන්ම දරුවා හා ඔබ අතර ආදරණීය බැදීමක් ඇතිවීමටද ඉවහල් වෙනවා .

මතකයේ තබා ගැනීමට -  ඔබ ඔබේ දරුවා ළදරු කරත්තයේ රැගෙන යනවානම් හිරු එලියෙන් ආවරණය වීමට රෙදි ආවරණයක් භාවිතා කරන්න එපා. ඒ මගින් ඔබේ පොඩිත්තා අනතුරට පත්වන්න පුලුවන් . වැඩි විස්තර සදහා මෙම ලිපිය කියවන්න .

4. නින්දට යාමට පෙර මුහුණ පිරිසිදු කිරීමට අමතක කිරීම .

මේ පුංචි රූපලාවන්‍ය චර්‍යාව ඉතාම පහසුවෙන් ඔබට අමතක වෙන්න පුලුවන් .ඔබ ඇද මත කිරි දෙනවානම් මේකප්,දහඩිය ,කුණු දුවිලි මුහුණේ තිබියදීම ඔබ  නොදැනුවත්වම ඉක්මනින් නින්දකට පත් විය හැක.

මෙසේ නින්දට පෙර ඔබේ මුහුණ පිරිසිදු කිරීමට අමතක කිරීම කලු ලප,බිබිලි හා විවිධ සමේ රෝග තත්වයන්ට හේතු වේ. මෙම තත්වයෙන් මිදීමට ඔබට ඉතිරිව ඇත්තේ මුහුණ තෙත කඩදාසියකින් පිස දැමීමට තරම් කාලයක් වුවද  රාත්‍රීයට මුහුණ පිරිසිදු කිරීමේ චර්‍යාවක්  පවත්වා ගැනීම සුදුසු වේ.

මතකයේ තබා ගැනීමට - මුහුණ පිරිසිදු කිරීමෙන් පසු සමට තෙත් කාරක ආලේපනයක් භාවිතා කිරීමෙන් ඔබේ සම ප්‍රමෝදයට පත් වේ.

5. ඔබගේ යටි පතුල් නොසලකා හැරීම

හුගාක් මව්වරු දවස පුරාම හිටගෙන සිටියි. එහෙත් ඒ සදහා භාවිතා කරන යටි පතුල් නිතර අපේ නොසැලකිල්ලට භාජනය වෙයි. මෙසේ නොසැලකිල්ලට භාජනය වන ඔබේ යටි පතුල් ඉරි තැලීම්, වියළි ස්භාවයට පත් වීම ඇතුලු විවිධ තත්වයන් යටතේ අවලස්සන ස්වභාවයට පත්වේවි.

මතක තබා ගැනීමට -  ඔබ නානවිටදී යටි පතුල් සදහා ඉක්මන් පිරිමැදීමක් දෙන්න. ඒ වගේම ඊට පසු තෙත් කාරක ආලේපනයක් යටි පතුල් වල ආලේප කිරීමෙන් ඔබේ යටි පතුල් මනා තත්වයෙන් පවත්වා ගත හැක.

මව්වරුනි, ඔබට ඔබේ දරුවා මුලු ලෝකයම බවත් අන් සියල්ල එහිදි දෙවැනි වෙන බවත් අපි දනිමු . ඉතා පහසුවෙන් ඔබට ඔබව අමතක කර මාතෘත්වයට ප්‍රමුඛ තැන ලබා දුන්නද ඔබ ඔබ ගැනත් සිතීය යුතුය . ඔබ ඔබටත් චුට්ටක් ආදරය කලොත් හොදයි නේද?

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී