රූපලාවන්‍ය සත්කාර: පහසුවෙන් කල හැකි රූපලාවන්‍ය සත්කාර

සම සුරකින ආලේපන මිල අධික  හා ආකර්ෂණීය නොවන ඒවා වන්නට පුළුවන්.  බහුලව ඇතිවෙන සමේ ගැටළු හා සටන් කල හැකි පහසුවෙන් කල හැකි රූපලාවන්‍ය සත්කාර කිහිපයක් මෙන්න.

ඔබේ පිටත පෙනුම නිරෝගිමත්ව හා දීප්තිමත්ව තබාගැනීමට සම සුරැකීම වැදගත් වෙනවා. රූපලාවන්‍ය නිෂ්පාදන ආයතන විසින් පුරුෂයන් නොසලකා හැරකාන්තාවන් සදහා විවිධ රූපලාවන්‍ය සත්කාර ක්‍රම දියත් කරනවා.

වයසට යෑමේ මුලික ලක්ෂණ, වැඩිහිටි කුරුලෑ, අනෙකුත් සමේ තත්වයන් වළක්වා ගන්නේ කෙසේදැයි ඉගෙන ගන්න. ඵලදායී සම රැකබලා ගැනීමේ ක්‍රම  ඔබේ සම තද වීමට, වර්ධනය වීමට හෝ දීර්ඝකාලීන සම තරුණ පෙනුමට තබාගැනීමට උදව් කරයි.

නමුත් ගැටළුවක් තියෙනවා. ඒ ගුණාත්මක නිෂ්පාදන වල මිල අධික බව නිසයි. බොහොමයක් ජනතාව එදා වේල පිරිමහගෙන ජීවත් වෙන නිසා අමතර මුදලක් ගුණාත්මක රුව රැක ගැනීමේ ගැටළු වෙත යොමු නොවේ.

මේ ලිපියේ, මුදල් වියදම් කිරීමකින් තොරව පහසුවෙන් කල හැකි රූපලාවන්‍ය සත්කාර කිහිපයක් අපි ඔබට පෙන්වා දෙනවා.

පහසුවෙන් කල හැකි රූපලාවන්‍ය සත්කාර

1.ඔබේ සම පැහැපත් කරගැනීම 

බොහොමයක් මූලද්‍රව්‍ය හේතුවෙන් අදුරු පැහැ සමක් ඇතිවිය හැක. Good Housekeeping අනුව අදුරු පැහැ සමක් ඇති වීමට පොදු හේතු තුනක් ඇත.

ඔබ සජලනය වීමට අසමත් නම්, සමෙන් ජලය ඉවත්වේද,සහ ඔබේ සම තෙත් කිරීමට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් එකතු කරයිදැයි පරීක්ෂා කරන්න. ඉහල මානසික ආතතිය , ප්‍රමාණවත් නින්දක් නොලැබීම සමේ තත්වයට දායක වෙයි.

ඔබේ සම පැහැපත් කිරීමට විවිධ ක්‍රම තියෙනවා. ඔබේ මුහුණ දෙහි වලින් පිරිසිදු කර සීනී ආලේප කිරීම Style Craze විසින් නිර්දේශ කරනවා.

ඒ වගේම මී පැණි මාස්ක් එකක් යොදා සමේ තෙතමනය ඇති කිරීමට පොල්තෙල් භාවිතය ඔවුන් නිර්දේශ කරනවා. මේ උපදෙස් වලට අමතරව ඔබේ සම නැවුම් කර සදහා සෑම උදෑසනකම ඔබ කෝමාරිකා වීදුරුවක් පානය කල යුතුයි.

2.කලු ලප ඉවත් කර ගැනීම

බොහෝ අය අතර කලු ලප පිලිබඳ කනස්සල්ල   බහුල වෙනවා. හෝමෝන අසමතුලිතතාවය, සමේ ගැටළු , අක්මාව හානිවීම හා අධික වර්ණක මෙයට හේතුවිය හැකිය. බොහොමයක් අවස්ථා වල කුරුලෑ හා හිරු කිරණට අධික නිරාවරණය වැනි බරපතළ නොවන හේතුන් මෙයට හේතු වේ.

කලු ලප ඉවත් කර ගැනීමට දෙහි යුෂ, කෝමාරිකා ජෙල් හා hydroquinone අඩංගු  ආලේපන භාවිතය නිර්දේශ කරනවා. ඔබ එළියට යන සෑම විටම හිරු ආවරණ ක්‍රීම් එකක් භාවිතා කරන්න.

3.වයස් ගත පෙනුම මගහරවා ගැනීම 

වයසට යෑම ජිවිතයේ ස්වාභාවික කොටසක් වුවත් මුහුණේ ඉරි හා රැලි පෙනීම සුදුසුයි කියා ඉන් අදහස් කරන්නේ නැහැ.  

මිලියනයක් පමණ මිනිසුන්ට වයසට වඩා වැඩි වයසක පෙනුමක් ලැබීම සත්‍ය ගැටළුක් වන අතර ඒ සදහා විවිධ හේතු පරාසයක් ඇත. මත්පැන් පානය හා දුම්බීම වයසට වඩා වයසක පෙනුමක් ලැබීමට ප්‍රධාන හේතු වෙන බව AFPA Fitness වාර්තා කරනවා.

ප්‍රමාණවත් තෙතමනයක් නොමැති වීම , අධික ලෙස හිරු එළියට නිරාවරණය හා මානසික ආතතිය නොමේරූ අවධියේ වයසක ලැබීමට හේතු වෙනවා.

වයසට නොයන ආලේපනයක් ලෙස කිරි හා මීපැණි මිශ්‍ර කර ආලේප කිරීම Livestrong නිර්දේශ කරනවා. දෙහි , දුඹුරු සිනී හා කෝමාරිකා ජෙල් ඔබේ සමෙහි ආලේප කිරීම ඔවුන් තවදුරටත් නිර්දේශ කරනවා.

4.වැඩිහිටි කුරුලෑ ඉවත් කර ගැනීම

ඇමරිකා එක්සත් ජනපදය තුල පවා කුරුලෑ යනු බහුලව හදුනා ගන්නා ලද සමේ තත්වයක් බව වාර්තා වේ.

මෙම සමේ තත්වය රට තුල සිටින මිලියන 50 පමණ වන වැඩිහිටියන් ගෙන් උපරිම ප්‍රමාණයකට ඕනෑම වේලාවක බලපානු ලබයි. ත්‍රී ඔයිල් හා salicylic අම්ල අඩංගු නිෂ්පාදන භාවිතය මෙය වැළැක්වීම සදහා නිර්දේශ කරනවා.

5.ඔබේ ආහාර වේල වෙනස් කිරීම

නිරෝගිමත් නොවන ආහාර වේලක් සමේ රෝග වලට ප්‍රධාන හේතුව වේ.  අප ගන්නා ආහාර සමේ තත්වය වැඩි දියුණු කිරීම හෝ පරිහානියට පත් කිරීම සිදු කරනු ලබයි. එය දන්නා කරුණක් වේ.

පළමු පියවර වන්නේ ඔබේ ආහාර වේල අධ්‍යනය කර එයට අත්‍යාවශ්‍ය ප්‍රතිඔක්සිකාරක යොදා ගනිමින් වෙනස් කිරීමට උත්සහ කරන්න.

ඒ මගින් සමට හා ශරීරයට සිදුවිය හැකි හානි වළක්වා ඒ මගින් විෂ ඉවත් කර දමයි. මිදි, බ්ලුබෙරි, රෙඩ්බෙරි, ඇටවර්ග හා තද කොල පැහැති එළවළු වල ප්‍රතිඔක්සිකාරක විශාල මට්ටමෙන් අඩංගු වන බව WebMD වාර්තා කරනවා.

6.ඔබේ තෙල් සහිත  සම රැකබලා ගැනීම

ඔබේ සම සෑමවිටම තෙල් සහිත නම්  වැඩිපුර තෙල් ඉවත් කිරීමට පිළියම් කිහිපයක් උත්සහ කරන්න.

නැවුම් තක්කාලි වලට වැඩිපුර තෙල් ඉවත් කල හැකි බවත් ඉන්පසු සමේ සිදුරු හොදින් ආවරණය වන බවත් වාර්තා වෙනවා.

ස්‍රාවී ග්‍රන්ථි වල තෙල් සහිත කොටස අඩු කිරීමට කිරි භාවිතා කරන්න පුළුවන්. මෙයාට අමතරව භාවිතා කල හැකි පිළියම් ලෙස විනාකිරි , දෙහි යුෂ හා ක්ලේ මාස්ක් එලදායි ක්‍රම වේ.

7.ඔබේ වියළි සමට තෙතමනය ලබාදීම  

සමහර අය තෙල් සහිත සමත් සමග අරගල කරද්දී අනෙක් අය සමේ රැළි ඇතිකරන සමේ වියළි බවින් පීඩා විදිනවා.  

වියළි බව නැති කර සමට තෙතමනය ලබාදෙන්න ඔලිව් ඔයිල් හොද පිළියමක් වෙනවා. මීට අමතරව ඔබේ සමට තෙතමනය ලබා දීමට මීපැණි,පොල්තෙල් ,යෝගට් මාස්ක් එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්.

කුරුලෑ , සම වියපත් වීම ,අධික තෙල් සහිත සම, වියළි සම යන තත්වයන්ට ගැලපෙන පරිදි බොහොමයක් නිෂ්පාදන නිර්මාණය කරලා තියෙනවා. මෙම සමේ නිෂ්පාදන සදහා බොහෝ වියදම් කල  නොහැකි නිසා ඒවා බොහෝ විට සිත්ගන්නා සුළු නොවන්න පුළුවන්.

වාසනාවකට අපිට මෙම කෘතිම නිෂ්පාදන සදහා දහස් ගණන් වැය කල යුතු නැහැ . අපිට සමේ තත්වයන් සදහා ස්වාභාවික පහසුවෙන් කල හැකි රූපලාවන්‍ය සත්කාර තියෙනවා.

මිල මුදල්  වැය නොකර පහසුවෙන් කල හැකි රූපලාවන්‍ය සත්කාර ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි .

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී