theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රෝගී වු දරුවන්ගේ දෙමාපියන් වෙත කෙරෙන ආයාචනයයි.

3 අවම කියවීම
රෝගී වු දරුවන්ගේ දෙමාපියන් වෙත කෙරෙන ආයාචනයයි.රෝගී වු දරුවන්ගේ දෙමාපියන් වෙත කෙරෙන ආයාචනයයි.

යහපත් ආචාර ධර්ම,  සාමාන්‍ය බුද්ධිය හා ඉන් ඔබ්බට ගිය සියල්ලද, සෞඛ්‍ය හා ඔබේ දරුවාගේ අනෙක් දරුවන්ගේ නිරෝගිමත් භාවය පිලිබඳ අවධානය යොමු කිරීම සදහා මෙය ඉදිරිපත් කරනු ලබයි.

දරුවෝ එක එක රෝග අරගෙන එනවා. ඒක වළක්වන්න බැහැ.  හෙම්බිරිස්සාව, උණ, බඩේ අමාරු ලෙස ඔබ ඒවා නම් කරනවා. ඔහු වැඩි වියට පැමිණ ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහල තත්වයකට පත්වන තුරු  ඔබේ දරුවාට මින් එකක් හෝ සියල්ලම (කිහිපයක් )  සමහර අවස්ථා වල අනිවාර්යයෙන්ම වැළදෙනවා.

මමත් අම්මා කෙනෙක්, ඒ වගේම දියර ගලන නාසය, රිදෙන බඩවල්, සෙම්ගෙඩි සමග කටයුතු කිරීම ගැන මට සාධාරණව හිතන්න පුලුවන් වෙලා තියෙන නිසා මට මගේ දරුවන් රෝගී වීම නොවැලැක්විය හැකි බව දන්නවා.

මට දරුවන් දෙදෙනෙකු සිටින නිසා තත්වය ටිකක් දරුණුයි. දරුවන් කිහිප දෙනෙක් සිටින මවක් වශයෙන් ඔබ දන්නවා ඇයි කියලා?

මගේ හදවත වේදනාවෙන් බරවෙනවා. මගේ එක් දරුවෙක් කිඹුහුම් හරින විට, හෙම්බිරිස්සාව, කැස්ස පටන් ගත්ත විට ඉක්මනින්ම අනික් දරුවාටත් එය වැළදෙනවා කියලා මම දන්නවා. එය සත්‍ය ලෙසම රුදුරු චක්‍රයක් වෙනවා.

සෞඛ්‍ය පැත්තෙන් බහුල ආසාදන එතරම් සැලකිය යුතු නැති බව අප සැවොම දන්නවා. වෛද්‍යවරුන් පවසන ආකාරයට දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැංවීමට හෙම්බිරිස්සාව එක් වරක් හෝ වැළදීම සත්‍ය ලෙසම හොදයි.

නමුත් සියලුම මව්වරුන්, පියවරුන් තමන් ඉන්නේ වෙනස් විදියක විශාල  කරදරයක කියලා දන්නවා. ඒ දරුවන් රෝගී වු විට ඔවුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ සාමාන්‍ය ජීවිතය  අනෙක් පැත්ත පෙරලෙන නිසාවෙනි.

කෑම රුචිය අඩුවීම හා රාත්‍රී කැස්ස, නාසයේ තදබදය , වමනය හා  නාසය සිරවීම නිසා සියල්ලන්ටම  නින්ද අහිමි වීම සමග කටයුතු කරන්න වෙනවා. ඒ වගේම වෛද්‍යවරුන් වෙනුවෙන් මුදල් මෙන්ම දවසේ කටයුතු අඩාල වීමක්ද වෙනවා.

ඔබේ දරුවා රෝගීව සිටීම දැකීමත් මානසික පීඩනයක් වෙනවා.

එමනිසා ඔබ දෙමව්පියෙක් නම් දරුවා රෝගී වීමට යන බව වටහා ගත යුතුය. ඒ වගේම මේ ඔබට මා විසින් කෙරෙන ආයාචනයයි.

ඔබේ ළදරුවා, පෙර පාසැල් හෝ ප්‍රාථමික පාසැල් යන දරුවා හෙම්බිරිස්සාව, උණ හෝ වෙනත් රෝගයකින් පෙලේ නම් සුවවෙන තුරු ඔවුන්ව නිවසේ රදවාගන්න.

එය ඔබට පහසු කාර්යයක් නොවන බව මට තේරුම් ගන්න පුලුවන්. ඔබට සමහර විට ඉතා වැදගත් හමුවක් හෝ ඔබට ඔවුන්ගේ කරදර වලින් මිදෙන්නට අවැසි වුවා වන්නට ඇත. නමුත් ඔබ කැස්ස සහිත, කිවිසුම් යවන, සොටු සුරන දරුවා පාසැලට හෝ ක්‍රීඩා සදහා යවන විට ඔබේ දරුවාගේ සෞඛ්‍ය අනතුරේ හෙලනවා මෙන්ම අනෙක් දෙමාපියන් හා දරුවන් වෙතද අසාධාරණයක් කරනවා.

විශේෂයෙන් පාසැල ඇතුලු අනෙක් පොදු ස්ථාන වල විෂබීජ ඇති බව අප සියල්ලන්ම දන්නවා. අපිට ඒවා ඉක්මවමින් පාලනය කරන්න බැහැ. නමුත් අපට අපේ දරුවන් තුල යම් පාලනයක් ඇති කරන්න පුලුවන්. අඩුම තරමින් ඔවුන් කුඩා කාලයේ  ඔවුන්ගේ ආරක්ෂාව හා නිරෝගිමත් කම ප්‍රමුඛ වන නිසා අපිට කුඩා දරුවන් තුල යම් පාලනයක් ඇති කරන්න පුලුවන්.

එමනිසා  සාමාන්‍ය බුද්ධිය, මුලික අනුග්‍රහය හා සිතෙහි වු මිත්‍රත්වය පවත්වා ගනිමින් ඔබේ දරුවා නිවසෙන්  පිටතට යැවීමට පෙර ඔබේ දරුවාට සුවවෙන්න ඉඩදෙන්න.

මෙසේ කිරීමෙන්  හා ඔහුට නිවස තුල විවේකය ලබාදීමෙන් ඔහුගේ කුඩා සිරුරට අප්‍රසන්න හෙම්බිරිස්සාව, උණ හා උදරාබාධ සමග සටන් කිරීමට අවස්ථාවක් ලබා දෙන අතර එමනිසා නැවත එම රෝගය වැළදීමේ හැකියාව වළක්වනවා.

ඔහුගේ සාමාන්‍ය පාසැල් ජිවිතය පටන් ගැනීමට ඉඩ ලබා දීමට පෙර සම්පුර්ණයෙන්ම ඔහුගේ නිරෝගී සුවය වර්ධනය වීමට ඉඩලබා දීමෙන්  බ්‍රොන්කයිටීස් හා නියුමෝනියා වැනි බරපතල තත්වයන් ඇතිවීම වැළැක්වීමට ඔබට හැකිවෙනවා.

එසේ නොවුනහොත් ඔබ අනෙක් දරුවන්ට එම ආසාදනය වැළදීමට උදව් කරන අතර  එම දරුවන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් පීඩාකාරී අවස්ථාවක් උදාකර දෙනවා.

එමනිසා ඊලග වතාවේ ඔබේ පුංචි දරුවා හෙම්බිරිස්සාවෙන් හෝ අනෙක් ආසාදන වලින් සම්පුර්ණයෙන්ම සුව වීමට පෙර පාසැලට හෝ ක්‍රීඩා සදහා යැවීමට පෙළඹෙන විට මේ කරුණු හිතේ තබාගන්න.

මෙසේ කිරීමෙන් මා මෙන්ම අනෙකුන් දෙමාපියන්ද ඔබට සැමදා ස්තුතිවන්ත වෙන බව මම කියන්න කැමතියි.

දෙමාපියනි, රෝගී දරුවන් පාසැල් යැවීම හෝ ඔබේ නිවසේ අනෙක් දරුවන් සමග සෙල්ලම් කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඔබට හිතෙන්නේ මොනවාද? ඔබේ  අදහස් පහතින් සටහනක් යොදා අප හා බෙදාගන්න.

ලෝකයේ උතුම්ම සම්පත නිරෝගි සම්පතයි. එය ඔබේ දරුවාට මෙන්ම අනෙක් දරුවන්ටද ලගාකර දෙන ලෙස theAsianparent Sri Lanka විසින්ද ආයාචනා කරනු ලබයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • රෝගී වු දරුවන්ගේ දෙමාපියන් වෙත කෙරෙන ආයාචනයයි.
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන්  ගැනයි මේ.

    සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන් ගැනයි මේ.

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන්  ගැනයි මේ.

    සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන් ගැනයි මේ.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it