ලිංගිකත්වය මාරු වීම: වයස 12දී ගැහැණු දරුවන් පිරිමි දරුවන් බවට පත් වෙන අපූරු රටක්

lead image

ගැහැණු ළමයකුට ජීව විද්‍යාත්මක  ලෙස පිරිමි දරුවෙකු බවට   පත්විය හැකිද?

ඩොමිනිකානු ජනරජයේ පොදු ප්‍රවේණි විෂමතාවයක් ඇත. සාලිනස් නගරයේ උපත ලද ගැහැණු ළමුන් 90 දෙනකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 12 දී හෝ මල්වර වීමට ආසන්නයේදී  ලිංගිකත්වය මාරු කිරීම මගින් පිරිමි ළමයෙකු බවට පත්වේ.

ඒ විදියට ගැහැණු ළමයකුට ජීව විද්‍යාත්මක  ලෙස පිරිමි දරුවෙකු බවට   පත්විය හැකිද?

වෛද්‍යවරුන් හා බීබීසී අනුව ඩොමිනිකන් ජනරජයේ සාලිනස් නගරයට අයත් විශාල ජන ග්‍රහනයක් ස්ත්‍රී පෙනුමැති ලිංගික අවයව සහිතව උපත ලබා ඇති අතර, වැඩිවිය පැමිණෙන විට පුරුෂ අවයව  බවට  පත් කර ගනී.

මෙම දරුවන් Guevedoces යනුවෙන් හැඳින්වෙන අතර එහි තේරුම "අවුරුදු දොලහේදී පුරුෂ අවයව" වේ.

ගැහැණු ළමයෙක්ව බිහි වී  වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙකු බවට පත් වේ.

ලිංගිකත්වය මාරු වීම: මෙම වෙනස සිදු වන අයුරු

ගැහැණු ළමයෙකු පවුලක උපත ලැබු විට දරුවාට පෙනෙන පරිදි  පුරුෂ ලිංගික අවයව වල සලකුණක් හෝ නොමැති බැවින්, ඇය ගැහැණු දරුවෙකු ලෙස දෙමාපියන් සලකුණු  ලබයි .

ඔවුන් ඇයව ගැහැණු දරුවෙකු  ලෙස හදාවඩා ගන්නා අතර ඇයට ගැහැණු  ඇඳුම් මිලදී ගනියි. ගැහැණු  සෙල්ලම් බඩු ලබා දෙයි.

ඇය වර්ධනය වනවිට, ඇය බෝනික්කන්ට කැමති නැති බවත් අනෙක් ළමයින් සමඟ සටන් කිරීමට කැමති බවත්  ඔවුන්ට පෙනී යයි.

වැඩිවිය පැමිණෙන ශාරීරික වෙනස්කම් පහල වෙද්දී ඇයගේ මුහුණේ රෝම ඇතිවෙන අතර, පුළුල් පපුවක්  ඇතිවේ.

වයස අවුරුදු දොළහක් වන විට ඇය  සිරුරේ ගැහැණු ලිංගික අවයව ලෙස සැලකු කොටසේ පිරිමි ලිංගික අවයව ඇතිවේ.

හෝර්මෝන නිසි වේලාවට ක්‍රියාත්මක වී නැත

වෛද්‍යවරුන්ට අනුව, Guevedoces ඇති වීමට හේතු මෙන්න.

සංචේචනයේදී පිරිමි ළදරුවෙක් විසින් ඔහුගේ සිරුරට විශේෂිත හෝමෝන නිපදවීමට හේතු වෙන  X හෝ Y වර්ණදේහ ලබා ගනී.

මෙම හෝමෝන ගර්භාෂය තුළ පුරුෂ ලිංගික අවයව වර්ධනය කිරීමට හේතු වේ.

Guevedoces තත්වයේදී පුරුෂ ලිංගික අවයව නිර්මාණය කිරීමට ශරීරයට පවසන හෝර්මෝන දරුවන්  වැඩිවිය පැමිණෙන තෙක් නිකුත් නොකෙරේ.

ඒ නිසා අවුරුදු  දොළහේදී හෝමෝන  නිකුත් වන තෙක් ඔවුන්ගේ  ලිංගික අවයව ස්ත්‍රී ලිංගික අවයව ලෙස දිස් වේ.

ඊටත් වඩා සුවිශේෂී වන්නේ ඩොමිනිකන් ජනරජයේ තුල මෙය බහුල වන අතර සමහර වාර්තා වලට අනුව සෑම පවුලකටම අවම වශයෙන් එක් Guevedoces සිටින  බවය

පවුල් මොනවාද කියන්නේ?

තත්වය ඔවුන්ගේ ප්‍රදේශයේ බහුලව පවතින නිසා, බොහෝ පවුල් මේ වෙනස්වීම  පිළිගන්නවා. අන්ත දුප්පත්කම නිසා, මෙම Guevedoces බොහෝමයක් උපතේ දී ඔවුන්ගේ තත්වය හඳුනා ගැනීමට වෛද්‍යවරයෙකු හමුවීමට යොමු නොකරයි.

වයස අවුරුදු පහේදී ඇගේ දියණිය වන ක්ලාරාට සිදු වූ දේ ගැන එක් මවක් දැන සිටියා.

බීබීසී සමග ඇය පැවසුවේ, "ඇයට වයස පහේදී  ඇයගේ පිරිමි  මිතුරෙක් දුටු විට ඇයට  ඔහු  සමඟ සටන් කිරීමට අවශ්‍ය බව මම දුටුවා. ඇයගේ පේශි සහ පපුව වර්ධනය වෙන්න පටන් ගත්තා.  එයා පිරිමි ළමයෙක් වෙන්න යනවා ඔයාට දකින්න පුළුවන්. ඇය කොයි වගේ වුනත් මම ඇයට ඇත්තටම ආදරය කරනවා. ගැහැණු ළමයෙක් වුවත් පිරිමි ළමයෙක් වුනත් එහි වෙනසක් නැහැ ."

ඔබේ  පුංචි දැරිය දොළොස් හැවිරිදි පිරිමි ළමයෙක් බවට පත් වුනොත් මොකද කරන්නේ ? ඔබේ අදහස් අප හා බෙදාගන්න.

ලිංගිකත්වය මාරු වීම  නිසා ගැහැණු ළමුන් වයස දොළහේදී පිරිමි ළමුන් වෙන අපූරු රටේ කථාව ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී