theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සහකරු සමඟ හොඳම ලිංගික ජීවිතය ගත කරන්නට උපකාර වන ලිංගික ක්‍රම

3 අවම කියවීම
සහකරු සමඟ හොඳම ලිංගික ජීවිතය ගත කරන්නට උපකාර වන ලිංගික ක්‍රමසහකරු සමඟ හොඳම ලිංගික ජීවිතය ගත කරන්නට උපකාර වන ලිංගික ක්‍රම

ඔබේ ලිංගික ජීවිතය තුළ පිබිදීමක් අවශ්‍යද? විද්‍යාත්මක අධ්‍යයන වලට අනුව සොයාගත් ඔබට අනුගමනය කල හැකි නිදන කාමරයේ රහස් කිහිපයක් මේ.

ඔබ අලුත බැඳපු විවාහක යුවලක්ද? වුවත්, නැතිනම් දශක ගණනක් පුරා විවාහක යුවලක්ද? ඒ කෙසේ වුවත් ඔබේ විවාහය තුල නැවුම් ලිංගික ක්‍රම වලට පණ දෙමින්, ලිංගික ජීවිතය කුල්මත් කරගන්නට ඕනෑද?

හොඳම ලිංගික ජීවිතය ක් ගත කරන්නට මේ විශේෂඥය උපදෙස් ඔබට අනුගමනය කරන්නට පුළුවන්.

කාලයත් සමඟ ඒකාකාරී ලිංගික ක්‍රම සහිත ලිංගික ජීවිතය තවත් ඒකාකාරී දෛනික චර්යාවක් බවට පත් වනු ඇත.

 

ලිංගික ක්‍රම

තවද ජිවිතයට රසය දෙන්නක් වෙනුවට මෙය ජිවිතයට බරක් වන්නටද පුළුවන්.  සහකරුවන් අතර හීන වූ උද්යෝගය නිසා මත ගැටුම් වලට පවා තුඩු දිය හැකි බැවින් ලිංගික ජීවිතය අප්‍රසන්න වන අවස්ථාද නැතුවා නොවේ.

මව්පියවරුන් විශේෂයෙන්ම දරුවන්ගේ වැඩ, ගේදොර වැඩ, වතු පිටි වල සහ අමතර වැඩ වල නියැලෙන විඩාපත් වනවා.

මව්වරුන්ටත්, රැකියා වල නියුතු කාර්යබහුල පියවරුන්ටත් ලිංගික ජීවිතය මානසික සැනසීමක් විනා මානසික ආතතියක් වීම අසාධාරණ නොවේද?

විද්‍යාත්මක අධ්‍යයන වලින් සොයාගෙන ඇති පරිදි සාර්ථක ලිංගික ජිවිතයක් කෙටි කාලින තෘප්තියක් පමණක් නොවේ. එය පවුල් ජිවිතයේ දිගු කාලින සුභ සිද්ධියටව බලපාන බව  තහවුරු කර තිබෙනවා.

විශේෂයෙන්ම කිව යුත්තේ සාර්ථක ප්‍රසන්න ජීවිතයක් අගනා විවාහ සබඳතාවකට බලපාන මූලික සාධකයක් වන බවයි.

ඉතින් ඔබේ සහකරුත් සමඟ අද්විතීය ලිංගික ජීවිතයක් ගත කිරීමට මෙයම හේතුවක් වනවා නොවේද?

හොඳම ලිංගික ජීවිතය ප්‍රබෝධමත් කරගැනීම සඳහා විද්යාත්මක පිටුබලයක් දුන් ලිංගික ක්‍රම පිටුපස ඇති රහස් කිහිපයක් මෙන්න!

1. ජිවන සුවඳ නැතහොත් මෘදු සුවඳ විලවුන් වර්ගයක් ආලේපනය

සුවඳ විලවුන් වලට වඩා සහකරුගේ ජිවන සුවඳ නැතහොත් දහදිය දුවන්ද මගින් සහකාරිය ලිංගිකව උත්තේජනය වන බව සොයාගෙන තිබෙනවා.

2007 වසරේ සිදු කල අධ්යයනයකින් පෙනී ගියේ පුරුෂයින්ගේ දහදිය සුවඳේ අඩංගු ඇන්ඩ්රොසඩිඩෝන් වැනි සංඝටක නිසා එමගින් කාන්තාවකගේ හෝමෝන මට්ටම් ප්‍රතික්‍රියා කොට කාන්තාවන්ව ලිංගිකව සක්‍රිය කරන අතර මොලයේ ක්‍රියාකාරීත්වයද කාර්යක්ෂම කරන බවයි.

ඔබේ සහකරු උද්දීපනය කිරීම සඳහා ඔබට මෘදු මල් සුවඳක් දෙන සුවඳ විලවුන් වර්ගයක්ද අලේප කරන්නට පුළුවන්.

මෙය අසාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස පෙනුනත් අධ්‍යයන වලට අනුව මෙමගින් රුධිරයේ පෙනයිල් ශ්‍රාවය වැඩි සහ රුධිර ප්‍රවාහය වැඩි කොට ලිංගික උත්තේජනය වැඩි කරනු ලබනවා.

2. වැඩිපුර හිරු එළිය ලිංගික ක්‍රම එළිගන්වන්නේ කොහොමද? 

වැඩිපුර හිරු එලියට නිරාවරණය වීම ඔබේ ලිංගික ජීවිතය තවත් කාර්යක්ෂම කරන බව ඔබ දැන සිටියාද?

හිරු එළියෙන් නිකුත් කරන D විටමින් නිසා එමගින් පුරුෂයින්ගේ ශක්තිය වැඩි දියුණු කරනවා.

ඒ අතර කාන්තාවන්ගේ ටෙස්ටොස්ටරෝන් මට්ටම ඉහල යවන්නේ හොඳ ලිංගික සක්රියතවයක්ද ඇති කරනවා.

ඉතින් මල් වත්තක හෝ මුහුදු වෙරළක ඇවිදින්නට ගොස් මදක් උණුසුම් වී නිදන කාමරයේ ඒ උණුසුම සමරන්නට අමතක කරන්න එපා!

3. කට දැවිල්ල කෑම අහාරයට ගන්න

ආදරය මිහිර තුල ජ්වලිත වන්නට කලින් ටිකක් කුල්මත් වෙලා හිටියොත් හොඳ නැද්ද?

වැඩිපුර කට දැවිල්ල අහාරයට ගන්නට කැමති පිරිමින්ගේ ටෙස්ටස්ටේරෝන් මට්ටම ඉහළ තත්වයක ඇති බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන් ලිංගිකව භෝ සේ සක්‍රිය වන බවත් සොයාගෙන තිබෙනවා.

කුල්මත් අහාර වේලකින් පසුව එක් වී සතුට විඳීම ඔබට මහත් රසයක් ගෙනෙනවා නොඅනුමානයි.

4. බියජනක චිත්‍රපටයක් නරඹන්න

ඔව්! බියජනක චිත්‍රපටයක් ඔබ දෙදෙනා තවත් ලං කරන බව ඇත්තයි. නමුත් එම ලංවිම නිදන කාමරය තුලටද ව්‍යාප්ත කරගත හැකියි.

බියකරු චිත්‍රපට මගින් ශරීරයේ සානුකම්පිත ස්නායු පද්ධතිය  (SNS) කෙරෙහි බලපාන අතර මෙය ලිගික අවයව වල උත්ත්ජනයක්ද ඇතිකරන බ අව සොයාගෙන තිබෙනවා.

එක් විමකර පෙර ත්‍රාසජනක චිත්‍රපටයක් නැරඹීම දෙදෙනාගේම ප්‍රබෝධමත් එක් වීමකට මුල පුරන බව අමතක කර ලිංගික  අත්දැකීමට රස මුසු කරනු ඇත.

5. මේස් පළඳින්න: මෙය ඔබ නොසිතන ලෙස ලිංගික ක්‍රම වලට පණ දෙනවා 

මෙය අසාමාන්‍ය ලෙස ඔබට දැනෙන්නට හැකි මුත් 2011 වසරේ නෙදර්ලන්තයෙන් කළ අධ්යයනයකට අනුව, ඔබේ පාද උණුසුම් කර තබා ගැනීම මහත් තෘප්තියක් ගෙන දෙන බව සොයාගෙන තිබෙනවා

මේ හැම දේටම අමතරව කාමර උෂ්ණත්වයේ ඇති ප්‍රසන්න පරිසරයක් මගින් ඇයට සුරක්ෂිත මෙන්ම නිදහස් බවකුත්, සුවපහසුවත් ගෙන දෙන අතර ඔහුටද නිදහස් මානසිකත්වයක් තුළින් දෙදෙනාගේ ප්‍රබෝධමත් එක් වීමකට මුල පුරනු ඇත.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සහකරු සමඟ හොඳම ලිංගික ජීවිතය ගත කරන්නට උපකාර වන ලිංගික ක්‍රම
බෙදාගන්න :
  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • පුරුෂයින් විසින් විවාහයේදී කෙරෙන වැරදි 6ක්

    පුරුෂයින් විසින් විවාහයේදී කෙරෙන වැරදි 6ක්

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • පුරුෂයින් විසින් විවාහයේදී කෙරෙන වැරදි 6ක්

    පුරුෂයින් විසින් විවාහයේදී කෙරෙන වැරදි 6ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it