ලිංගික සම්බන්ධතා නතර කරන විට දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු කරන්නේ ඇයි?

lead image

ලිංගික සම්බන්ධත නතර කරන විට දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු කරන්නේ  ඇයි?

විවාහය තුළ ලිංගික සම්බන්ධතා සතුට හෝ ප්‍රකෘතිමත් බව සඳහා පමණක් නොව එය ප්‍රේමය හා සමීපතාවය සදහාද වැදගත් වේ. එහෙත්, එය විවාහයේ දී ආදර සබඳතා පවත්වා ගෙන යාමට උපකාරී වේ.

කෙසේවෙතත්, ප්‍රේමනීය හා ආදරණීය  යුවල  පවා ලිංගික සම්බන්ධකම් නැවැත්වූ විට, ඔවුන් රණ්ඩු කරන්න හදන්නේ ඇයි?

ලිංගික සම්බන්ධතා නතර කර විට දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු කරන්නේ  ඇයි?

විවාහය තුළ ලිංගිකත්වය සතුට හෝ ප්‍රකෘතිමත් බව සඳහා පමණක් නොව එය ප්‍රේමය හා සමීපතාවය සදහාද වැදගත් වේ. එහෙත්, එය විවාහයේ දී ආදර සබඳතා පවත්වා ගෙන යාමට උපකාරී වේ.

කෙසේවෙතත්, ප්‍රේමනීය හා ආදරණීය  යුවල  පවා ලිංගික සම්බන්ධකම් නැවැත්වූ විට, ඔවුන් රණ්ඩු කරන්න හදන්නේ ඇයි? එකගතාවය නැති කරගන්නේ ඇයි?

අඩු ලිංගික හැසිරීමට  ඔබේ සම්බන්ධතාවය හා ඔබේ පෞද්ගලිකත්වය වෙනස් කරන්න පුළුවන්...

ලිංගික සම්බන්ධතා අඩු වීම නිසා රණ්ඩු ඇතිවීම හා තර්ක විතර්ක ඇති වීම ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඇති බව දැන ගැනීමෙන් ඔබ පුදුම වේවි.

යුවලක්  ලිංගික සම්බන්ධතා නවත්වන විට ඔවුන්ගේ මොළය විසින් ඩොපමයින්, ඔක්සිටෝසින් සහ එන්ඩර්ෆින් වැනි සතුට දැනෙන රසායනික ද්‍රව්‍ය අඩුවෙන් නිදහස් කරයි.  ඔවුන්ගේ පෞරුෂත්වය වෙනස්වීමට එය හේතු වේ.

සතුට දනවන හෝර්මෝන අඩු වීම නිසා යුවල නිතරම රණ්ඩු  කිරීමට පෙළඹෙන අතර විශේෂයෙන් ඔවුන් මානසික පීඩනයෙන් සිටින විට රණ්ඩු ඇතිවේ.

කෙසේවෙතත්, ලිංගික සම්බන්ධතා නැවැත්වු විට සමහර යුවල රණ්ඩු කිරීමට  එකම හේතුව මෙය නොවේ.

එක් සහකරුවෙක් ලිංගික හැසිරීමට අකමැති නම්, අනෙක් සහකරුට ප්‍රතික්ෂේප වුවා සේ හැඟී යා හැකිය.

එසේ නැතිනම්  ඔවුන්ගේ සහකරුට ඔවුන් තවදුරටත් අවැසි නැතිබව හෝ එය එසේ නොවුනත් ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් සතුටක් නොලැබෙන බව හැගෙනවා.

මෙම ඍනාත්මක  සිතුවිලි නිසා එකිනෙකා අතර ඇති සම්බන්ධය තුළ අනාරක්ෂිත හැඟීම් ඇති වීමට හේතු විය හැකි අතර, ඔවුන් සාමාන්‍යයෙන්  රණ්ඩු  නොකරන දේවල් වලට රණ්ඩු  කිරීමට එය හේතු විය හැක.

හොඳම විසඳුම කුමක්ද?

වඩාත්ම සෘජු විසඳුම වන්නේ යුවළක් ලිංගිකව හැසිරීමට හා සමීපව සිටීමට  කාලය සොයා ගැනීමයි.

සාමාන්‍යයෙන්  යුවළක් නිතර  ලිංගික සම්බන්ධකම් පැවැත්වීම මගින් ඔවුන් එකිනෙකා ලං වීමටත් ඔවුන්ට විවාහය තුල සුරක්ෂිත බව දැනීමත් සිදුවේ.

සමහර විට වැඩිපුර  ලිංගිකව හැසිරීම සදහා  ඔබ කල යුතු වන්නේ  ඔබගේ සහකරු හෝ සහකාරිය  සමඟ කතා කර එකිනෙකා වෙනුවෙන් කාලය වෙන්කර ගත හැකි ආකාරය සොයා ගැනීමයි. ගැටලු වලට  තර්ක කරමින් සිටිනවා  වෙනුවට විසඳුම් සොයාගැනීමට  අවධානය යොමු කරන්න.

කෙසේ වෙතත්, සෑම යුවළකටම ඔවුන් කැමති ඕනෑම වේලාවක ලිංගික සම්බන්ධකම් පැවැත්විය නොහැකි අතර, විශේෂයෙන්ම දරුවන් රැකබලා ගන්නා  යුවල හෝ රැකියාව සමඟ කාර්යබහුලව සිටින සිටින යුවල සදහා එසේ කිරීම අපහසුයි.

එම අවස්ථා වලදී හොඳම දේ වන්නේ ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ ඒ ගැන සාකච්ඡා  කිරීමයි. ඔබ දෙදෙනාම එකම අදහස් දරන බව සහතික කර ගන්න.

ඔබ දෙදෙනාම  පෙර මෙන් ලිංගික සම්බන්ධකම් පැවැත්විය නොහැක්කේ ඇයි දැයි තේරුම් ගන්න.  තවමත් ඔබ එකිනෙකාට ආදරය කරන බව පැහැදිලි කර ගන්න. නමුත් ඔබේ කාර්යයන් ඔබට  නිතිපතා ලිංගික සම්බන්ධකම් පවත්වාගැනීම  දුෂ්කර කරනවා.

වැදගත්ම දෙය වන්නේ  සෑම  විටම ඔබ දෙදෙනාට කාලය සොයා ගැනීමයි. යුවළක් එකිනෙකා සඳහා කාලය සොයා ගත කළ යුතු අතර ඔවුන්ගේ විවාහය සහ ඔවුන්ගේ සම්බන්ධතාවය පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

විවාහයක් සදහා නිරන්තර කාර්යයන් කළ යුතු අතර විවාහක යුවලක් ඔවුන් එකිනෙකා වෙනුවෙන් විය හැකි උපරිම හොද විය යුතුය.

ලිංගික සබදතා නවතා රණ්ඩු වෙනවාට වඩා විවාහක ඔබ දැනගත යුතු මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී