පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

නිවසේදී සොයාගත හැකි මේ අත්බෙහෙත් ගැන ඔබ දන්නවාද?

මෙන්න  එදිනෙදා ඔබට අවම වශයෙන් ඇති විය හැකි  අපේක්ෂා කිරීමට වත් හැකි යැයි සෞඛ්‍ය ගැටළු  සදහා  උපකාරී වන  අත්බෙහෙත්  කිහිපයක් මෙන්න.

අත්බෙහෙත් දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා   කරයි.  ඇත්තෙන්ම ප්‍රථම වෛද්‍යවරු  ඔවුන්ගේ වෛද්‍ය  උපාධි ලබන්නට පෙර සිට පවා ඖෂධ නියම කිරීමට සිදුවිය.

ශතවර්ෂ ගණනාවක් පුරාම ලොව පුරා ඇති සෑම ශිෂ්ටාචාරයක්ම රෝග සුව  කළ හැකි ඔවුන්ගේ  ක්‍රම  තිබු  බව සොයා ගෙන ඇත. අද වන විට, එම සුවපත් ක්‍රම වලින් බොහෝමයක්   ඖෂධ ලබාදීමකින් තොරව  අපේ රෝග වලට ප්‍රතිකාර  කිරීමට අපට ඉඩ ලබා දී ඇත. මේවායින් සමහරක්, මේ දැන් පවා ඔබේ මුළුතැන්ගෙයි කබඩ් එකෙන් සොයා ගන්න පුලුවන්.

ඔබට  අමාරු  , වේදනාව දැනෙන හැම වෙලාවකම  වෛද්‍යවරයා  වෙත දිව යන්නට  බැහැ . අද වනවිට  වෛද්‍යවරුන් සෑම ආකාරයකම රෝග වලට  ප්‍රතිකාර  කිරීම සදහා වඩා කාර්ය බහුල වෙලා තියෙනවා. ඒවායින් වැඩි හරියක්ම ඔබේ රෝගයට  වඩා බරපතළ වෙනවා. ඔබේ පුංචි පුංචි ලෙඩ වලට හොඳම සහ වඩාත්ම පහසුවෙන් ප්‍රවේශ විය හැකි විසඳුම් සොයා ගැනීම ඔබට සතු බව ඉන් අදහස් කෙරේ.

මෙන්න  එදිනෙදා ඔබට අවම වශයෙන් ඇති විය හැකි  අපේක්ෂා කිරීමට වත් හැකි යැයි සෞඛ්‍ය ගැටළු  සදහා  උපකාරී වන  අත්බෙහෙත්  කිහිපයක් මෙන්න.

1. වමනේ යන්න වගේද?

ඉගුරු  දිගු කාලයක් තිස්සේ වමනය යෑම අඩු  කිරීමට  භාවිතා කරයි. රෝග ලක්ෂණ පහල වු   විට ගෙදර හැදූ ඉඟුරු අයිස් කැබැල්ලක් ඔබට සැපිය හැක.

නැවුම් ඉඟුරු කුඩා කැබැල්ලක්   ගන්න, එය  කපා,  උණු වතුරේ පොගවා ගන්න. එය සිසිල් වන විට, ඉඟුරු පෙරා ගෙන අයිස් කැට තැටියක දමා මිදෙන්නට හරින්න. මිදුණු පසු, අයිස් කැට කුඩු පොඩිකර දවස පුරා  සපන්න.

එසේත් නැතිනම් ඔබේ උදරයේ අපහසුතා සමනය කර ගැනීමට  ඔබට ඒ මිශ්‍රණය භාවිතා කර  උණුසුම්  ඉගුරු  තේ එකක් සකස් කරගන්න  පුලුවන්.

කිරි හෝ කිරි ආහාර වල ප්‍රෝටීන හා මේද අඩංගු වන අතර ඒවා ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට  ජීර්ණය කිරීමට අපහසු බැවින් ඒවායින් වළකින්න. ඔබගේ දැනටමත් අඩපණව  ඇති ආහාර ජීර්ණ පද්ධතියට  චීස්, ක්‍රීම්  හෝ කිරි බිද හෙලීම  වඩාත් අපහසු වනු ඇත.

තෙල් හා රසකාරක ජීරණයට  අපහසු වන නිසා මිරිස්, තෙල් අඩංගු ආහාර ගැනීමෙන් වළකින්න.

2. උගුර වණ වෙලාද?

සෑම අවස්තාවකදීම   උගුරේ වේදනාව අඩු කිරීම සඳහා  ලුණු වතුරෙන් උගුර සේදීමේ ඵලදායීතාවය ගැන මව්වරුන් මෙන්ම ආච්චි අම්මා වරුන්   සහතික වෙති. උණුසුම් ජලය  කෝප්ප හතරෙන් එකකට ලුණු ඇගිලි දෙකට අසුවෙන ප්‍රමාණය දමා එය සම්පුර්ණයෙන්ම  දිය වෙනතුරු  කලවම් කරන්න. අවශ්‍ය  විට දිනකට  හතර හෝ පස් වරක් උගුර සෝදන්න.

අපහසුතාවය අඩු කිරීමට සහ  වියළි ශ්ලේෂ්මල පටල නැවත සජලනය  කිරීමටඋණු කැෆේන් රහිත   දියර පානය කරන්න.  වල් මී පැණි හැදි දෙකක් හෝ තුනක් සමඟ ඖෂධීය තේ හෝ උණුසුම් ලෙමනේඩ් පානය කිරීමට උත්සහ කර බලන්න. මීපැණි වල සුවකිරීමට අදාල  ප්‍රතිබැක්ටීරීයා අඩංගු  බවට  ප්‍රසිද්ධය.

උගුර වන වී ඇති විට හැකි තරම් දුම්පානය කිරීම  අඩු කිරීමට උත්සාහ කරන්න. සිගරට් දුම වල අඩංගු රසායනික ද්‍රව්‍ය උගුරේ මතුපිට ස්ථරයට පමණක් නොව, මුළු ශරීරයටම විෂ වේ. ඒ වෙනුවට  විටමින්  C හෝ සින්ක් ටැබ්ලට් හෝ Echinacea capsules මගින්  ඔබේ ප්‍රතිශක්ති පද්ධතිය වැඩි  දියුණු කරන්න.

මීමැස්සෙක්  හෝ බඹරෙක් දෂ්ට කලාද?

සෑම නිවසකම සෞඛ්‍ය  කැබිනට් එකේ තුල එප්සම් ලවණ  බොහෝවිට  සොයා ගැනීමට  ඇත.  ඒවාට කෘමීන් දෂ්ට කල ස්ථාන වල  විෂ ඉවත්  කිරීමට   හැකිය.   ප්‍රමාණවත් ජලය එකතු කර තලපයක් සකස් කර දෂ්ට කල ප්‍රදේශයේ ආලේප කරන්න.  සේදීමට පෙර අවම වශයෙන් විනාඩි 10 ක් වත් තිබෙන්න හරින්න.

බඹර දෂ්ට  කිරීම සඳහා ඔබේ කුළු බඩු කබට් එකෙන්   විනාකිරි එලියට  ගන්න. බඹර දෂ්ට  කිරීම්වල  ඇල්කලයින් අඩංගු  අතර  එහි ප්‍රතිඵල  නිෂ්ක්‍රීය  කිරීමට විනාකිරි අවශ්‍ය  වේ. රතු පැහැය සහ ඉදිමිම සුව කිරීම සඳහා විනාකිරි අඩංගු කපු පුළුන්  කැබැල්ලක් තබා ටේප් එකකින් එම ප්‍රදේශය ආවරණය  කරන්න.

ස්වභාවික ආම්ලයක් වන   බයිකාබනේට්  අඩංගු සෝඩා වන මී මැස්සන්ගේ දෂ්ට කිරීමෙන් ඇතිවෙන  වේදනාකාරී බලපෑම් සමනය කර  ගැනීම සඳහා භාවිතා වේ. මේ විසදුමේදී වතුර වීදුරුවකට බයිකාබනේට් තේ හැන්දක මිශ්‍ර කර පීඩාවට පත් ප්‍රදේශවල පොඟවා ගන්න.

සමහර අයට කෘමීන් දෂ්ට කිරීමෙන්   ආසාත්මිකතා ඇති වන බැවින්,  රෝග ලක්ෂණ දරුණු අතට හැරුනොත් හැකි ඉක්මනින් සෞඛ්‍ය  වෘත්තිකයකු හමුවීම සුදුසු වේ.

4. නියපොතු වල දිලීර හැදිලාද?

ඔබේ පාදයේ නියපොතු වල නියත වශයෙන්ම ඝනවීම හා කැඩී යෑම   වැනි අසාමාන්‍ය  ලක්ෂණ පෙන්නුම් කරන විට හෝ කහ පැහැයකින් දිස්වෙන  විට,    ඔබට නියපොතු දිලීරයක් ලෙස හැඳින්වෙන  Onychomychosis ඇති විය හැක.

මෙම  කරදරකාරී  සහ පොදු රෝගය සදහා ඔබේ නිවසේ ඇති  ටී ත්‍රී තෙල්  සුපතල අත්බෙහෙතක් වේ. ඔබේ නිවසේ අත්බෙහෙත් මල්ල තුල අනිවාර්යයෙන්ම තබා ගත යුත්තක් වන එහි  ප්‍රතිජීවක, විෂබීජනාශක සහ දිලීර නාශක ගුණාංග ඇත.

බලපෑමට ලක්වූ පාදයේ නියපොතු වෙත සෘජුවම බිංදු ලෙස ‍යෙදිය හැක. හැකිතරම් ඝන වු පෘෂ්ඨයේ ප්‍රමාණය  අඩු කර රැකබලා  ගැනීමට   වග බලා ගන්න. මෙම දිලීර    නියපොතු වලට යටින් ඇති සෛල ස්ථරයේ කිදා බැස ගැටළු ඇති කිරීම මෙයට හේතු වේ.

එසේත් නැතිනම් එය  උරා ගත් බව සහතික කරගන්නා තුරු හොඳින් පොඟවු  කපු පුළුන් බෝලයක් හා ටේප් එකක් භාවිතා කරන්න පුළුවන්. එක නිය පොත්තකට වඩා වැඩි ගණනක් දිලීර ආසාදනයට ලක් ව ඇත්නම් ඔබට කකුල් ටී ත්‍රී ඔයිල් වල බහා තැබිය හැකිය. මෙය පාදයේ දිලීර සඳහා ඵලදායී ප්‍රතිකාරයකි.

වතුර බේසමකට ටී ත්‍රී ඔයිල් බිංදු කිහිපයක් දමා ඔබේ දෙපා විනාඩි පහලොවක් පමණ බහා තබන්න. ඔබගේ නිතිපතා ප්‍රතිකාර ක්‍රමයට අමතර යමක් එක් කිරීමට පෙර සතියකට කිහිප වරක් දිනකට  දෙවරක් මෙය සිදු කරන්න.

Vicks Vaporub හි ආලේපනය තවත් නිවසේ ඇති ප්‍රසිද්ධ නියපොතු  දිලීර සදහා වෙන අත්බෙහෙතක්  වේ. මේ නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය  කම්පර්, යුකැලිප්ටස් සහ මෙනතෝල් වන අතර  ඒවාට දිලීර, පුස් හා බැක්ටීරියා ආසාදන වලට එරෙහිව    සටන් කල හැකිය.

ඵලදායිතාවය දෙගුණයක් කිරීම සඳහා මෙය ටී ත්‍රී  තෙල් සමඟ මිශ්‍ර  කර  භාවිතා කරන්න. ආසාදිත  නියපොතු  වල සාන්ද්‍රනය අඩු කල ටී ත්‍රී තෙල් ආලේප කර   එය වියළීමට ඉඩ දෙන්න. Vicks Vaporub නියපොතු මත අතුල්ලා විනාඩි කීපයක් තිබෙන්න හරින්න. එය සම්පූර්ණයෙන්ම මුළුමනින්ම  ඉවත් කර දවසේ තවත් වරක් නැවත නැවත කරන්න.

5. චුට්ටක් පිච්චුනාද?

තාපය, රසායනික ද්‍රව්‍ය , හෝ විදුලිය මගින් ඇතිවන සමේ හානිවීම පිලිස්සුම් වේ. සෑම කෙනෙක්ම සුළු පිලිස්සුම් අත් විද ඇති අතර  සමේ වේදනාව   ඇතිවෙන  සංවේදීතාවය  කෙසේද කියා කවුරුත් දන්නවා. අධික ලෙස හානි සිදු වීමෙන් වැළැක්වීම සඳහා පිලිස්සීමකදී ගත යුතු ඉක්මන් ක්‍රියාමාර්ගයක්  මොනවාද?

පිලිස්සුනු ස්ථානය මිනිත්තු කීපයක් ගලා යන සිසිල් ජලයෙන්  සෝදන්න . ජලය නොමැති නම්, කිරි හෝ අයිස් තේ වැනි සිසිල් හානිකර නොවු දියර  භාවිතා කල හැකිය.

කෝමාරිකා කොලයක් සූරා නැවුම් කෝමාරිකා පිලිස්සුම මත ආලේප කරන්න . කෝමාරිකා  සිසිල් වන අතර එය වේදනාව අඩු කිරීමට, සම තෙත් කිරීමට මෙන්ම බැක්ටීරියාහා ස්නායු අග්‍ර පීඩා කරන වාතය හා සම බාධකයක් නිර්මාණය කිරීමට  උපකාරී වේ.

ඔබ කෝමාරිකා  ශාකයක් වගා කර නොමැති නම්, ස්වභාවික කෝමාරිකා   ජෙල් මිලදී ගෙන ගබඩා කර තැබීම ඉතා හොඳයි.

ඔබගේ ප්‍රථමාධාර කට්ටලය ඔබේ මුළුතැන්ගෙය   තුලින්  සොයාගන්න

සුළු රෝගාබාධ සඳහා වෛද්‍යවරයෙකු වෙත යාම සැමවිටම ප්‍රායෝගික නැත. සම්පූර්ණයෙන් ගබඩා කළ වෛද්‍ය  කැබිනට් එක තරමක් උපකාරී විය හැකි අතර  ඔබට සෑම විටම එය මත යැපෙන්නට බැහැ. ඇත්තෙන්ම ඔබ අත්විදින සෑම රෝගාබාධයක් සදහාම බැහැ.

ඔබේ කබඩ් එකේ හෝ ගෙවත්තේ පහසුවෙන් ලබාගත හැකි ස්වභාවික අමුද්‍රව්‍ය  භාවිතා කිරීමට උත්සහ කරන්න . ඒවා දැරිය හැකි මෙන්ම ඵලදායීද වේ. ඒවා බොහෝ විට ප්‍රබල රසායනික ද්‍රව්‍ය  වලින්  සහ   සියළුම අතුරු ආබාධවලින් තොර වේ.

ආච්චිලාගෙන් මිණිපිරියන්ට   ලබා දී ඇති නුවණ  අරගෙන   ඔබ වටා ඇති දේ වලින් ඔබව සුවපත් කර ගැනීමට  ඉගෙන ගන්න.

පුංචි පුංචි අත්බෙහෙත් අපිට සමහර වේලාවට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. The Asianparent Sri Lanka මේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ අන්න ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී