ලොව සුවිශේෂීම සැමියෙක්  ඔබට ලැබී ඇති බවට ඉගි 10 ක්

lead image

සුවිශේෂී සැමියන් සුලභ නැහැ. ඔබ විවාහ වී සිටින්නේ  සුවිශේෂී සැමියෙක් සමගදැයි දැන ගැනීමට පහත සදහන් ඉගි 10 ඔබට මග පෙන්වාවි.

සුවිශේෂී සැමියන් සුලභ නැහැ. ඔබ විවාහ වී සිටින්නේ  සුවිශේෂී සැමියෙක් සමගදැයි දැන ගැනීමට පහත සදහන් ඉගි 10 ඔබට මග පෙන්වාවි. ඒ වගේම ඔබගේ ජීවිතයේ ඉතිරි පරිච්ඡේදය ගෙවීමට ඒ වගේ සුවිශේෂී පුද්ගලයෙකු  ලැබීමට තරම් වාසනාවන්ත වීම ගැන ඔබට සතුටක් දැනේවි.

1. ඔහු ඔබව නිතර සිනාහවෙන් තබනවා:  ඔබ මල් වත්තක ඔහුත් සමග ඇවිදිනවා විය හැක.නැති නම් දුර ඈතක ඔහුත් සමග නිවඩුවක් ගත කරනවා විය හැක.ඔබ සිටින්නේ කොතැන වුවත් ඔහු ඔබේ සතුට වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා.

2. ඔහු ඔබත් සමගම සිනාසෙනවා: සමහර දේවල් වලට පිස්සුවෙන් වගේ හිනාවෙන ඔබගේ සැමියා හැරුනු කොට මේ ලොකේ ඉන්න එකම කෙනා ඔබ වෙන්න පුලුවන්.එකම දෙයකට ඔබ දෙපල සතුටු කල හැකි නම් ඔබට ඔබේ සුවිශේෂී සැමියා මුණගැසී ඇත .

3.ඔහු ඔබව ආරක්ෂා කරනවා: ඔහු හැම විටෙකම ඔබ අසලින්ම සිට ඔබව රැක බලා ගන්නවා.  කාර්යාලය සාදය, පවුල් එකමුතු වන අවස්ථාවන්හි, දරුවන් ඉදිරියේදී මෙන් ඕනෑම ස්ථානයකදී ඕනෑම වෙලාවකදි ඕනෑම කෙනෙක් ඉදිරියේදි ඔහු ඔබව ආරක්ෂා කරනවා.

4. ඔබ සර්ව සම්පුර්ණ බව ඔහු හිතනවා: ඔබ දැක ඇති ඔහු හැමවිටම ඔබ ගැන සුපරීක්ෂාකාරී වෙනවා.ඔහු ඔබව ඇදුමෙන් මනින්නේ නැතිනම් හැමදාම ඔබේ සුන්දරත්වය දකිනවා නම් ඔබ නිවැරදි පුද්ගලයා තෝරා ගෙන තියෙනවා.

5. ඔහු ඔබගේ ලගම සහයකයා වෙනවා: ඔහු නිතරම ඔබව වර්ණනා කරයි නම්, ඔහුගේ මිතුරන් ඉදිරියේ ඔබගේ සාර්ථකත්වය ගැන ආඩම්බර වෙයි නම්  ,ඔබ සුවිශේෂී මවක් බව ඔහුගේ මවට කියයි නම් ජීවිතය තුල මොන දේ තිබුනත් ඔහු ඔබේ දිරි ගන්වන්නා බව මතක තබා ගන්න.

6. ඔහු ඔබට නිදහස දෙනවා: ඔහු කිසිවිටෙක ඔබව නිවසට සීමා කරන්නේ නැහැ. ඔබේ යෙහෙළියන් සමග රාත්‍රියේ වුව එලියට යන්න,ඔබේ හිතවතුන් සමග විදේශ සංචාර යන්න,රූපලාවන්‍ය සත්කාර වලට යන්න වැනි ඔබේ අවශ්‍යතාවයන්ට ඔහු ඉඩ දෙනවා.

7.ඔහු විශාල තීරණ ගැනීමේදී ඔබේ සහය පතනවා: මෙහිදී ඔබට ඔහු තුල ඇති විශ්වාසය  මෙන්ම ඔහුගේ ප්‍රශ්න විසදීමේදී සහයට ඇති එකම සම්පත ඔබ බවත් පසක් කර දෙනවා.

8.ඔහු කවදාවත් ඔබව කිසිවෙකු සමග සංසන්දනය කරන්නේ නැහැ: ඔබ අතින් පිලිස්සී ගිය ආහාර වේලක් වුවත් ඔබ ඔබේ පවුලට කරන සේවය වෙනුවෙන් ඔහු අහිතකින් තොරව ආහාරයට ගන්නවා. (එහිදී ඔහුට ඔහුගේ මව රසවත් ආහාර පිස දුන් බවක් මතක් නොවේවි.)

9. ඔහු ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා: ඔබ මධ්‍යම රාත්‍රියේ වැසිකිළිය වෙත හදිස්සියෙන් දිව යද්දි ඔබ වෙනුවෙන් ඔබේ සැමියා  වැසිකිළි අසුන සුදානම් කර තිබුනොත් ? ඕනෑම අවස්ථාවකදී ඕනෑම අපහසු දෙයක් වුනත්  ඔහු ඔබ වෙනුවෙන් කරනවා.

10. ඔහු ඔබට නිවසේ වැඩට සහය දක්වනවා: ඔහු දරුවන්ගේ වගකිම් ටික වෙලාවකට ඔහු වෙත පවර ගෙන ඔබට විවේකයක් ලබා දෙනවා.ඒ වගේම ඔබේ වෙහෙස ඔහු තේරුම් ගෙන උණු වතුර බෝතලයකින් ඔබේ කොන්ද තැවීම හෝ ඔබට චොකලට් එකක් දී ඔබව අගය කිරීමට දන්නවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී