theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලෝක රූ රැජින 2017 මනූෂි චිලර්ගේ කිරුළ දිනාගත් සැබෑ රහස

3 අවම කියවීම
ලෝක රූ රැජින 2017 මනූෂි චිලර්ගේ කිරුළ දිනාගත් සැබෑ රහසලෝක රූ රැජින 2017 මනූෂි චිලර්ගේ කිරුළ දිනාගත් සැබෑ රහස

මනූෂි චිලර් නැවත ඉන්දියාවට ගෙන ආ අභිමානයට ඇයගේ මවටද ස්තූතිවන්ත විය යුතුය. ඇයි දැනගන්න?

මනූෂි චිලර් යනු ලෝක රූ රැජින 2017 . අවුරුදු 20 ක් වයසැති  මනූෂි චිලර් ගේ පවුලට ඇය ආඩම්බරයක්  වූවා පමණක් නොව, ඇය වසර 17 කට පසුව කිරුළ නැවත මව්බිමට ගෙනාවා.

ඔබ මේ සුභ පුවත දැනටමත්  පුවත් පත් මගින් කියවා ඇති නමුත් ඇයගේ  අම්මා ඇයගේ කිරුල දිනා දුන් බව කියවෙන  අන්තිම කොටස කියෙව්වාද?

ඔව්, ඔබ ඒක හරි කියෙව්වා.

මනූෂි චිලර් සඳහා නිවැරදි පිළිතුරු 'අම්මා'!

වෛද්‍ය උපාධියක් හදාරමින් සිටින මනූෂි චිලර් ගෙන් ලෝක රූ රැජින 2017 තරඟයේදී ඇයගෙන් විමසා සිටියේ, "කුමන වෘත්තියට ඉහලම වැටුපක් ලැබේද?, ඒ ඇයි?"

ඇය මෙසේ පිළිතුරු දුන්නාය: "අම්මාට  ඉහළම ගෞරවය ලැබිය යුතුයි. එය  මුදල් ගැන පමණක් නොවේ, එය ඔබ කෙනෙකුට දෙන ආදරය සහ ගෞරවය ගැනයි. මගේ මව සතුටට පත් කලා, අම්මා කියන රැකියාවට  විශාලතම වැටුප ලැබිය යුතු වෙනවා ." '

මෙම උත්තරය බොහෝ ජනාදරයට පත් වුවා පමණක් නොව විනිසුරුවරුන්ගේ ඉහලම ලකුණු ලබමින් 2016 වර්ෂයේ රූ රැජින වු Stephanie Del Valle අතින් චිලර් කිරුල පැළදුවාය.

ලෝක රූ රැජින 2017 මනූෂි චිලර්ගේ කිරුළ දිනාගත් සැබෑ රහස

"ඇය මගේ අතීත යහපත් කර්ම වල ප්‍රතිඵලයයි"

ඇගේ ආඩම්බරකාර  දෙමාපියන්ට ඔවුන්ගේ ප්‍රීතිය නතර කර ගත නොහැකි වුනා. ආරක්ෂක විද්‍යා පර්යේෂණ හා සංවර්ධන සංවිධානයේ විද්‍යාඥයෙකු වන ඇයගේ පියා ආචාර්ය මිටා බසු චිලර් (Dr. Mita Basu Chillar) පවසන පරිදි "මගේ දුව වේදිකාවේ මත සිටීම ගැන මම සතුටු වෙනවා, ඇය මගේ අතීත යහපත් කර්ම වල ප්‍රතිඵලයයි."

ඇයගේ අම්මා, මානව චර්යාව හා අනුබද්ධ විද්‍යාපති ආයතනයේ ස්නායු රසායන විද්‍යා අංශයේ වෛද්‍ය නීලම් චිලර්, "මට හරිම සතුටුයි. මගේ සතුට ගැන ප්‍රකාශ කිරීමට  වචනයක් නැහැ.

ඇයගේ දෙමව්පියන්ට ආදරය හා අගය කිරීම මතින් හොදින් හැදි වැඩුනු චිලීර්ගෙන් ලැබුන මෙම පිළිතුර ගැන පුදුමයට පත් විය යුතු නැහැ .

ඇත්ත වශයෙන්ම, ඇයගේ ආරම්භක වීඩියෝවේ ඇය මෙසේ අදහස් දැක්වුවා. "මගේ දෙමව්පියන් මගේ ප්‍රධානතම උද්‍යෝගයයි. ඔවුන් අන් අයගේ ජීවිතවලට වටිනාකම් එකතු කිරීමට හැමවිටම මාව පොළඹවනවා."

නමුත් චිලර් චතුර කථිකයකු පමණක්  නොවෙයි, ඇය ඉතා ඉක්මන්ම ශල්‍ය වෛද්‍යවරයෙක් ද වේ.

මනූෂි චිලර් ගැන ඔබ නොදන්නා දේ 4 ක්

• මනුෂි චිලර් හර්යානා හි උපත ලැබූ අතර ඇය දිල්ලියේ පාසලේ අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු වෛද්‍ය  ප්‍රතිකාර හා ශල්‍යකර්ම  පිලිබඳ  උපාධියක් ලබා ගැනීමට සෝනිපාට් වෙත ගියාය. පාසැල් කැබිනට් මණ්ඩලයේ සංස්කෘතික ඇමතිවරිය වීම  හැරුනු කොට ඇය 12 වන පංතියේ දී සමස්ත ඉන්දියානු සීබීඑස්එස් ඉංග්‍රීසි මාධ්‍යයේ  විශිෂ්ටයා ද විය.

• රාජා සහ රාධා රෙඩ්ඩි යටතේ  කුචිපිඩි නර්තන ශිල්පියෙකු ලෙස පුහුණු වු  චිලීර් නාට්‍ය ජාතික පාසලටද සහභාගී විය.

•  මෙම වසරේ ජුනි මාසයේදී ෆමිනා මිස් ඉන්දියා තරගාවලියට චිලර් ප්‍රථම වරට සහභාගි වූ අතර එහි කිරුල  දිනා ගත්තා පමණක් නොව most photogenic  කිරුලද දිනා ගත්තාය.

• අවසන් තරගයේදී මනූෂී "Beauty with a Purpose" සම්මානයේ සම ජයග්‍රාහකාවද විය. ඒ ගම්මාන 20 කදී කාන්තාවන්ගේ ඔසප්වීම හා සම්බන්ධ  සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම සදහා කල  ඇයගේ ශක්ති ව්‍යාපෘතිය වෙනුවෙනි.

ලෝකයේ සුන්දර ගැහැනිය ලෙස 2018 කිරුල පැළදු ඈ ගැන මේ තොරතුරු ඔබ වෙනුවෙන්ම ගෙන ආවේ theAsianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ජනප්‍රිය තරු
  • /
  • ලෝක රූ රැජින 2017 මනූෂි චිලර්ගේ කිරුළ දිනාගත් සැබෑ රහස
බෙදාගන්න :
  • අම්මා ෆෝන් එකේ ඇලී ඉද්දි දරුවා දුම්රිය මාර්ගයට වැටුන හැටි

    අම්මා ෆෝන් එකේ ඇලී ඉද්දි දරුවා දුම්රිය මාර්ගයට වැටුන හැටි

  • මන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරය

    මන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරය

  • අම්මා ෆෝන් එකේ ඇලී ඉද්දි දරුවා දුම්රිය මාර්ගයට වැටුන හැටි

    අම්මා ෆෝන් එකේ ඇලී ඉද්දි දරුවා දුම්රිය මාර්ගයට වැටුන හැටි

  • මන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරය

    මන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it