ලෝක රූ රැජින 2017 මනූෂි චිලර්ගේ කිරුළ දිනාගත් සැබෑ රහස මෙන්න.

lead image

මනූෂි චිලර් නැවත ඉන්දියාවට ගෙන ආ අභිමානයට ඇයගේ මවටද ස්තූතිවන්ත විය යුතුය. ඇයි දැනගන්න?

ලෝක රූ රැජින 2017 මනූෂි චිලර්ට සුභ පතනවා. අවුරුදු 20 ක් වයසැති ඇයගේ පවුලට ඇය ආඩම්බරයක්  වූවා පමණක් නොව, ඇය වසර 17 කට පසුව කිරුළ නැවත මව්බිමට ගෙනාවා.

ඔබ මේ සුභ පුවත දැනටමත්  පුවත් පත් මගින් කියවා ඇති නමුත් ඇයගේ  අම්මා ඇයගේ කිරුල දිනා දුන් බව කියවෙන  අන්තිම කොටස කියෙව්වාද?

ඔව්, ඔබ ඒක හරි කියෙව්වා.

 

A post shared by ANAMIKA ? (@born2lov_) on

මනූෂි චිලර් සඳහා නිවැරදි පිළිතුරු 'අම්මා'!

වෛද්‍ය උපාධියක් හදාරමින් සිටින මනුෂී ගෙන් ලෝක රූ රැජින 2017 තරඟයේදී ඇයගෙන් විමසා සිටියේ, "කුමන වෘත්තියට ඉහලම වැටුපක් ලැබේද?, ඒ ඇයි?"

ඇය මෙසේ පිළිතුරු දුන්නාය: "අම්මාට  ඉහළම ගෞරවය ලැබිය යුතුයි. එය  මුදල් ගැන පමණක් නොවේ, එය ඔබ කෙනෙකුට දෙන ආදරය සහ ගෞරවය ගැනයි. මගේ මව සතුටට පත් කලා, අම්මා කියන රැකියාවට  විශාලතම වැටුප ලැබිය යුතු වෙනවා ." '

මෙම උත්තරය බොහෝ ජනාදරයට පත් වුවා පමණක් නොව විනිසුරුවරුන්ගේ ඉහලම ලකුණු ලබමින් 2016 වර්ෂයේ රූ රැජින වු Stephanie Del Valle අතින් චිලර් කිරුල පැළදුවාය.

"ඇය මගේ අතීත යහපත් කර්ම වල ප්‍රතිඵලයයි"

ඇගේ ආඩම්බරකාර  දෙමාපියන්ට ඔවුන්ගේ ප්‍රීතිය නතර කර ගත නොහැකි වුනා. ආරක්ෂක විද්‍යා පර්යේෂණ හා සංවර්ධන සංවිධානයේ විද්‍යාඥයෙකු වන ඇයගේ පියා ආචාර්ය මිටා බසු චිලර් (Dr. Mita Basu Chillar) පවසන පරිදි "මගේ දුව වේදිකාවේ මත සිටීම ගැන මම සතුටු වෙනවා, ඇය මගේ අතීත යහපත් කර්ම වල ප්‍රතිඵලයයි."

ඇයගේ අම්මා, මානව චර්යාව හා අනුබද්ධ විද්‍යාපති ආයතනයේ ස්නායු රසායන විද්‍යා අංශයේ වෛද්‍ය නීලම් චිලර්, "මට හරිම සතුටුයි. මගේ සතුට ගැන ප්‍රකාශ කිරීමට  වචනයක් නැහැ ."

"

ඇයගේ දෙමව්පියන්ට ආදරය හා අගය කිරීම මතින් හොදින් හැදි වැඩුනු චිලීර්ගෙන් ලැබුන මෙම පිළිතුර ගැන පුදුමයට පත් විය යුතු නැහැ .

ඇත්ත වශයෙන්ම, ඇයගේ ආරම්භක වීඩියෝවේ ඇය මෙසේ අදහස් දැක්වුවා. "මගේ දෙමව්පියන් මගේ ප්‍රධානතම උද්‍යෝගයයි. ඔවුන් අන් අයගේ ජීවිතවලට වටිනාකම් එකතු කිරීමට හැමවිටම මාව පොළඹවනවා."

නමුත් චිලර් චතුර කථිකයකු පමණක්  නොවෙයි, ඇය ඉතා ඉක්මන්ම ශල්‍ය වෛද්‍යවරයෙක් ද වේ.

චිලර් ගැන ඔබ නොදන්නා දේ 4 ක්

• මනුෂි චිලර් හර්යානා හි උපත ලැබූ අතර ඇය දිල්ලියේ පාසලේ අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු වෛද්‍ය  ප්‍රතිකාර හා ශල්‍යකර්ම  පිලිබඳ  උපාධියක් ලබා ගැනීමට සෝනිපාට් වෙත ගියාය. පාසැල් කැබිනට් මණ්ඩලයේ සංස්කෘතික ඇමතිවරිය වීම  හැරුනු කොට ඇය 12 වන පංතියේ දී සමස්ත ඉන්දියානු සීබීඑස්එස් ඉංග්‍රීසි මාධ්‍යයේ  විශිෂ්ටයා ද විය.

• රාජා සහ රාධා රෙඩ්ඩි යටතේ  කුචිපිඩි නර්තන ශිල්පියෙකු ලෙස පුහුණු වු  චිලීර් නාට්‍ය ජාතික පාසලටද සහභාගී විය.

•  මෙම වසරේ ජුනි මාසයේදී ෆමිනා මිස් ඉන්දියා තරගාවලියට චිලර් ප්‍රථම වරට සහභාගි වූ අතර එහි කිරුල  දිනා ගත්තා පමණක් නොව most photogenic  කිරුලද දිනා ගත්තාය.

• අවසන් තරගයේදී මනූෂී "Beauty with a Purpose" සම්මානයේ සම ජයග්‍රාහකාවද විය. ඒ ගම්මාන 20 කදී කාන්තාවන්ගේ ඔසප්වීම හා සම්බන්ධ  සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම සදහා කල  ඇයගේ ශක්ති ව්‍යාපෘතිය වෙනුවෙනි.

ලෝකයේ සුන්දර ගැහැනිය ලෙස මේ වසරේ කිරුල පැළදු ඈ ගැන මේ තොරතුරු ඔබ වෙනුවෙන්ම ගෙන ආවේ theAsianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී