වචන නොමැති පොත් ඔබේ දරුවාට කියවීමේ මුල් පාඩම කියා දෙයි.

වචන නොමැති පොත් ඔබේ දරුවාට කියවීමේ මුල් පාඩම කියා දෙයි.

ඔබේ දරුවන්ගේ කියවීමේ හා ලිවීමේ හැකියාව  වර්ධනය කරගැනීම සඳහා පොත් පත් යනු විශිෂ්ට උපකරණ වේ. කොහොමද කියා දැනගන්න කියවන්න .

අපි පුංචි ළමුන්ගේ පොත්  ගැන හිතන විට පාට පිරුනු , ලොකු අකුරු සහිත පොත් අපේ හිතට එනවා. ඔබේ පුංචි පැටියාට පොත් කියවන්න උගන්වන්න  වඩාත් සුදුසු වචන නොමැති පොත් බව අපි කිව්වොත් කුමක් වෙයිද?

වචන නොමැති  පොත්: ඔවුන්ගේ විශ්මයජනක ප්‍රතිලාභ

ඔබේ දරුවන්ගේ කියවීමේ හා ලිවීමේ හැකියාව විවිධ ක්‍රම වලින් වර්ධනය වීමට වචන නොමැති පොත් කියවීම සහය දෙන බැවින් ඒවා කියවීමට  ඔබේ දරුවන් දිරි ගන්වන්න.

සුරතල් ළදරු  පුතෙකු ලත් මවක් වන සාරා ලින්, ඔහුට පින්තූර පොත් බොහොමයක් ලබා දෙයි.

ඇය කියනවා, "ළමයින්ට දැකීමට සහ තේරුම් ගැනීමට මෙය හොඳ ක්‍රමයකි. මගේ පුතාට ඔහුගේ පොත් වල තිබෙන දේ, වර්ණ හා සතුන් හදුනාගත හැකි වනවා පමණක් නොව සමහර විට ඔහු පොතෙහි දකින දෙය සමඟ සිය එදිනෙදා අත්දැකීම් සම්බන්ධ කරනවා.

අනික් අතට ඔහු රතු ත්‍රිකෝණයක් දුටු අතර එය කොමඩු කැබැල්ලක් ලෙස හදුනා ගත්තේය.    වචන  නොමැති  පොත් පත් කියවන විට ඔහුගේ මතක ශක්තිය පිලිබඳ කුසලතා සංවර්ධනය වෙමින් පවතිනවා කියලා මට හිතෙනවා. "

ඔබ ඔබේ දරුවාට වචන රහිත පොත් කියවීමට උනන්දු කළ යුත්තේ මෙන්න මේ නිසයි.

1. පොත්වල යාන්ත්‍රණය ඔවුන් අවබෝධ කර ගන්නවා.

කුඩා වයසකදී වචන  රහිත පොත් කියවීම සඳහා ඔබේ ළදරුවා දිරිමත් කරන විට එය පොතක් ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීමට ඔවුන්ට උපකාර කරයි.

නිදසුනක් වශයෙන්, පොතේ ඉදිරිපස සහ පසුපස ආවරණ අතර වෙනස හඳුනා ගැනීමට ඔවුහු ඉගෙන ගන්නවා. ඒ වගේම ඇතුලත පිටු  ආවරණයට වඩා වෙනස් බව ඔවුහු දන්නවා .  

ඉදිරියේ  පිටුපසට, වමේ සිට දකුණට හා ඉහල  සිට පහලට වැනි කියවීම ගැන වැඩි විස්තර අවබෝධ කර ගැනීමට එය උපකාරී වෙනවා.

2. එය ඔවුන්ගේ ලිවිමේ හා කියවීමේ හැකියාව  වර්ධනය කරයි.

දරුවන්ට වචන නොමැති  පොත්වලින් සවන් දීම සහ අවබෝධ කර ගැනීමේ හැකියාවන්  වර්ධනය කරගැනීමටත්, දෘශ්‍ය  රූප තේරුම්  ගැනීමටත්  ඉගෙන ගන්න පුළුවන් වෙනවා.

කතන්දර කීමේ ව්‍යුහය තේරුම් ගැනීම - එනම්, චරිත, හේතුව හා බලපෑම, ගැටුම් සහ විසදුම  ආදිය පින්තූර පොත් හරහා සිදු වේ. මුල, මැද හා අග දක්වා කථාව  ගලා ගන්නේ කෙසේද යන්න දරුවන්ට අවබෝධයක් ලබා ගත හැකි වෙනවා.

3. එය ඔවුන්ගේ වාග් මාලාව සහ වාචික කුසලතා වර්ධනය කරනවා.

පින්තූර පොත් දරුවන්ට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ වස්තූන්, මිනිසුන්, ස්ථාන, සතුන්, ක්‍රියාවන් සහ වෙනත් දේ හඳුනාගෙන ඒවාට නම් කිරීමට ඉඩ ලබා දෙනවා.

පිංතූර භාවිතා කරමින් කතන්දර  කීමට ඔවුන්  ඉගෙන ගන්නවා. ඔවුන් වඩාත් සංකීර්ණ කථා කියවීම  ආරම්භ කළ පසු එය තේරුම් ගැනීමට ඔවුන්ට  පහසු වේ. තවද, එය ඔවුන්ව ලිවීමට උත්තේජනය කරනු ලැබේ.

4. ඔවුන්ට ආත්ම විශ්වාසයකින් දැනෙන්න  පටන් ගන්නවා.

දරුවන්ට වචන නොමැති  පොත් කියවීමෙන්  ප්‍රගතියක් ලබා ඇති නිසා වැඩිහිටි සහයකින් තොරව කතාව තේරුම් ගැනම හෝ ප්‍රියතම  පොතක්  කියවා  අවසන්  කිරීම  වැනි ජයග්‍රහණ ගැන ඔවුන් ආඩම්බර වෙනවා.

ඔවුන් ඒ සදහා  දක්ෂ බව  දැනගත් පසු, ඔවුන් මෙම ක්‍රියාව වැඩි වැඩියෙන් කිරීමෙන් විනෝදයට පත්වෙනවා . මෙය ඔවුන්ව නිසැකවම පොත් පතට  මෙන්න ඒවා කියවීම කැමති කිරීමට  නැඹුරු  කරනවා.

5. විවිධාකාරයෙන් ඉගෙන ගන්නා දරුවන්ට උපකාර කිරීම

ඒවා දරුවාගේ වචන හෝ අදහස් මාලාවකට බැඳ තබා නැති නිසා දරුවන්ගේ වචන  නොමැති පොත් හෝ පිංතුර  පොත් නම්  සංවර්ධනය හා ඉගෙනීමේ අපහසුතා ඇති දරුවන් සඳහා හොඳ මෙවලමක් වේ.

ඒ වෙනුවට දරුවාට කතන්දරයක් නිර්මාණය කිරීම සඳහා ඔවුන්ගේ නිර්මාණ ශක්තිය  භාවිතා කිරීමට ඉඩකඩ ලබා දී ඇත. මෙය ඔවුන්ගේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට උපකාරී වේ.

මව්වරුනි, ඊලග වතාවේ ඔබ ඔබේ කුඩා දරුවා වෙනුවෙන්  සාප්පු සවාරි යන විට ලැයිස්තුවට වචන නොමැති  පොතක් එක් කිරීමට අමතක නොකරන්න.

කියවීම මිනිසා සම්පුර්ණ කරන බව අප දන්නවා. කියවීමට අත් පොත් තැබිය හැකි මේ වචන නොමැති පොත් ගැන අපූරු තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි