රස ගුණ සපිරි, පොඩ්ඩන්ට සුපිරි, වට්ටක්කා පුඩිං

ඉතින් වට්ටක්කා කන්න හොර ලමයින්ට මේක කියාපු රෙසිපි එක! මම ලේසියෙන්ම ස්ටිම් කරලා හදා ගත්තේ. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා අපිත් එක්ක ඔබේ අදහස් බෙදාගන්න!

පොඩිත්තන්ට රස දේවල් දෙන්න පහසු වුවත් ගුණ දේවල් දීම නම් සමහර විට සිහිනයකට පමණක් සීමා වනවා. අප සමඟ නිතර නිර්මාණශීලි අදහස් බෙදාගන්නා කුසලතාපුර්ව මවක් වන අනූෂා ජීවනී මිට කදිම විසඳුමක් සොයාගෙන තිබෙනවා.

ශ්‍රී ලන්කන් මම්ස් සමුහයේ සාමාජිකයින් අතර ජනප්‍රිය අම්මි කෙනෙක් මෙන්ම එහි ලේඛක කමිටුවේ සමජිකාවක්ද වන අනූෂා ජීවනීගේ මේ වට්ටක්කා පුඩිං රෙසිපිය පොඩිත්තන් පමණක් නොව ගෙදර හැමෝම තවත් ඉල්ලා ඉල්ලා කනවාට සැකයක් නැහැ. ඉතින් ඇගේම වචන වලින් ඔබ හා එය බෙදාගන්නේ සතුටින්.

අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටක්කා පුඩින්  කප් 4ක්

වට්ටක්කා 200g

ෆ්‍රෙශ් මිල්ක් 250ml

බිත්තර 2 ක්

සීනි 40g

වැනිලා පොඩි හැඳි 1 ක්

පුඩින් වලට පැනි එකට ඕනේ කරන්නේ සීනි මිශ්‍ර වතුර

සාදාගන්නා ක්‍රමය

මුලින්ම වට්ටක්කා එක පොතු ඇර කෑලි කපා මයික්‍රෝවේව් (600W) එකේ විනාඩි 3ක්  තම්බා ගන්න. මයික්‍රෝවේව් නැති අය ස්ටිම් කරලා තම්බ ගන්න.. දැන් බ්ලෙන්ඩර් එකට තම්බ ගත්තු වට්ටක්කා, සීනි,  බිත්තර, වැනිලා කිරි ටික ටික දාලා බ්ලෙන්ඩර් කරගන්න.. පසුව ඒක පෙරාගන්න. පෙරලා ඉවර වෙලා පෙන එනවා පෙනෙයි,  ඒක හැන්දකින් අයින් කරන්න.

පැනි එක සදහා.. පොඩි රාස්පානෙට සීනි හැඳ 2ක් සහ වතුර හැඳි 1 දාලා ලිපේ තියන්න දුඹුරැ පාට වෙනකන්.. හොඳට දුඹුරැ පාට වුනාට පස්සේ උනු වතුර හැඳ 2-3 වගේ දාලා හදාගෙන කප් වලට දාන්න. (රුප වල තිබෙන ආකාරයට)

කැමති භාජනයක් ගෙන වතුර භාගයක් වගේ දාලා රත් වෙන්න තියන්න.. ඒ අතර දැන් පැනි දාපු කප් වලට වට්ටක්කා මිශ්‍රනය දාන්න.. දාලා ෆොයිල් වලින් හොඳට වහලා වතුර එක උතුරනකොට මේ කප් ටික තියලා වහලා ස්ටිම් කරගන්න විනාඩි 30. ලිප අඩු කරලා.. විනාඩි 30 ස්ටිම් කරලා ඉවර වුනාට පස්සේ ලිප ඕෆ් කරලා එහෙමම විනාඩි 15 තියන්න.. ඉටපස්සේ ශීතකරනයේ දාන්න..

ඉතින් වට්ටක්කා කන්න හොර ලමයින්ට මේක කියාපු රෙසිපි එක! මම ලේසියෙන්ම ස්ටිම් කරලා හදා ගත්තේ. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා අපිත් එක්ක ඔබේ අදහස් බෙදාගන්න!

ඉතින්මේ මේ රසවත් මෙන්ම ගුණවත් රෙසිපි එක වෙනුවෙන් අනුශාට නැවත වරක් අපගේ ආදර ස්තුතිය පුද කරන අතර ඇය විසින් නිර්මාණය කල පොඩිත්තන්ට අගනා තවත් නිර්මාණශීලි අහාර රටා සැකසුම් රැසක් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වනවා.