වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්

මේ ආහාර අනුභව කර වයසට යාම සිමා කොට ඔබේ තරුණ බව රැකගන්න

අප බොහෝ දෙනා වයසට යාමේ අරගලයට එරෙහිම අප තරුණ බව රැක ගැනීම සඳහා මිල අධික විවිධ ආලේපන හා ඖෂධ වර්ග වර්ග පමණක් නොව ශල්‍යකර්ම පවා සිදුකර ගන්නවා. එතින් මෙපමණ කරදර නොවී සාර්ථකව තරුණ බව රැකගැනීමට උපකාර වන අහාර වදග ඔබගේ මුළුතැන්ගෙයින්ම සොයාගන්නට පුළුවන් බව කිවොත් ඔබ මවිත වනවා  නියතයි.

පහත දැක්වෙන්නේ තරුණ බව රැකගන්නට උපකාර වන අහාර වර්ග අතුරින් කිහිපයක්.

1. අලිගැටපේර

අලිගැටපේර ගෙඩි වල අඩංගු තෙල් සහ සංඝටක වල සමේ තරුණ බව රකින මුලද්‍රව්‍ය අඩංගු වනවා. E විටමින් බහුලව ඇති මෙම ප්ලතුරේ ඇති මේදය මගින් සමේ සිනිඳු බව සහ තෙතමනය රැකගෙන ප්‍රබෝධමත්ව තබාගැනීමට හැකියාවක් තිබෙනවා.

2. තක්කාලි

විටමින් C බහුල තක්කාලි සිරුරේ කොලැජන් ශ්‍රාවය උත්තේජනය කරනවා. සමේ තීව්ර ගතිය රැකගන්නට සමත් තක්කාලි වල අඩංගු ලැකෝපීන් මගින් සැමට හිරුරැස් වලින් විය හැකි හානිය වළක්වන අතර සංසරණ පද්ධතියද සක්‍රියව තබාගැනීමට උපකාර වනවා.

3. ඕට්ස් (Oats) 

සංකීර්ණ කාබෝහයිඩ්රේට අඩංගු ඕට්ස් අඩු-ග්ලයිසමික් ඝනයට අයත් වනවා. එයින් අදහස් වන්නේ ඒවා රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරන අතර කුරුලෑ හා සම රැලි ගැසීම වලක්වන බවයි. චර්ම රෝග විශේෂඥ වෛද්ය ඩෙබ්රා ජලිමන්පැවසුවේ ඕට්ස් මගින් හානි වූ සමක් යලි ප්‍රකෘති කරන අතර එය සුමුදුව තබගන්නතද උපකාර වන බවයි.

4. නිවිති

බීටා-කැරොටින් සහ ලුටීන් ආදියෙන් පොහොසත් වන නිවිති මගින් සමෙහි ශක්තිමත් බව රැකගැනීමට උදව් වන අතර සූර්ය හානි වළක්වා ගැනීමට උපකාර වන ෆයිටෝ නුට්‍රියන්ට්ස්ද ඇති බව සොයාගෙන තිබෙනවා.

5. සැමන්

රෝස පැහැති නැවුම් සැමන් මාළු වල හදවත සහ ස්නායු පද්ධතිය හොඳින් පවත්වාගෙන යාමට අවශ්‍ය ඔමේගා-3 තෙල් වර්ගය අඩංගු වනවා. ඔමේගා -3  මගින් කේශ කලාපය මෙන්ම සමත් හොඳින් රැකගන්නා  බව කියවෙනවා.

6. කළු චොකලට්

 ඉතිං ඔන්න චොකලට් කන්නට මැලි වන්නට අවශ්‍ය නැහැ. මෙම චොකලට් නිපදවා ඇත්තේ කොකෝවා 70%ක් හෝ අන්තර්ගත කර නම් මෙම චොකලට් කටක් දෙකක් කෑමෙන් ඔබට හොඳක් මිස නරකක් සිදුවන්නේ නැහැ. විටමින් B වලින් පොහොසත් චොකලට් සම සහ හිසකෙෂ් වලට පෝෂණය සපයන අතර සිරුරේ මේදය දහනය කිරීමටද උපකාර වනවා.

7. වම්බටු

වම්බටු වල ඇති වර්ණය නසුණින් වලින් වර්ණ ලබා ගන්නා අතර එය සිරුරේ තරුණ බව රැකගැනීමටද උපකාර වන්නක්.  නාසිනින් තුලින් පිළිකා සෛල ඇතිවීම මර්ධනය කරන අතර සිරුරේ ස්නාය් පද්ධතියත් රැකගෙන ඇල්සයිමර්ගේ වැනි රෝග වර්ධනය බොහෝ දුරට වලක්වාගන්නවා.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා